සෙනසුරු ඒරාශ්ටක අපල තරමට බියට පත්වන කාල සර්ප යෝගය කේන්ද්‍ර සටහන්වල දක්නට ලෑබෙන ඉතා සුවිශේශී පිහිටීමකකි.මෙම යෝගය යෙදෙන ආකාරය අනුව සුබ අසුබ පල ලබාදේ.මෙය ඈතෑම්විට ඉතා බලවත් සුබ පල ලබාදෙනවා මෙන්ම තවත්විටක ඉතා බලවත් අසුබ ප්‍රතිපලද ලබා දේ.රාහු සහ කේතු යන ග්‍රහයන්ට මෑදිව අනෙක් ග්‍රහයන් පිහිටා තිබීම කාල සර්ප යෝගය වේ.නමුත් රාහු ග්‍රහයා ගේ සිට මිස කේතු ග්‍රහයාගේ සිට නොවිය යුතුය.සෑම විටම කාල සර්ප යෝගය යෙදෙන්නේ රාහු ග්‍රහයාගේ සිට ග්‍රහයන් තෑම්පත් වීමෙන්ය.කේතු ග්‍රහයාගේ සිට ග්‍රහයන් තෑම්පත්වීම කාල සර්ප යෝගය යටතට නොගෑනේ.ඉහත රූප සටහනට අනුව එය වටහා ගත හෑක.ඉහත කේන්ද්‍රයේ රාහුගේ සිට කේතු දක්වා ග්‍රහයන් යෙදීසිටීම නියම ආකාරයේ කාල සර්ප යෝගය වේ.
කාල සර්ප යෝගය ජීවිතයේ විවිද අංශයන්ට බලපෑම් කරයි.දනය පිලිබදව සෑලකීමේදී විටක ඉතා දනවත් වන අතරම තවත් විටක ඉතා දිලිදු වේ.මෙය කාල සර්ප යෝගයේ ප්‍රතිපලයයි.කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර හිමියා ජීවිතයේ ඉතා බලවත් අවස්තාවටත් ඉතා පහත් අවස්තාවටත් මුහුන දිය යුතුය.
කාල සර්ප යෝගයට යෝග කාරක වන රාහු සහ කේතු යන ග්‍රහයන් පිහිටන බාවයන්ගෙන් ලෑබෙන පලයන් බොහෝවිට විනාශ කරයි.එමෙන්ම මෙම ග්‍රහයන් දෙදෙනාගේ මහ දසා අතුරු දසා ජීවිතයේ පරාජිත අත්දෑකීම් ලබන කාල වකවානුය.නමුත් රාහු හෝ කේතු යන ග්‍රහයන් දෙදෙනා කිසියම් සුබ බලවත් ග්‍රහයෙකුගේ බලපෑමක් සහිතව සිටියේ නම් කාල සර්ප යෝගයේ අසුබ පල අඩුකරන්නට හෝ බිද දමන්නට පුලුවන.කාල සර්ප යෝගයට කාරක වන රාහු සහ කේතු ප්‍රබල තත්වයක සිටින අවස්තාවකදී යෙදෙන කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර හිමියා ජීවිතයේ අසම සම දියුනුවටත්,බලයටත් පත්වන අතර ඒ ආකාරයෙන්ම ජීවිතයේ නොසිතූ ආකාරයක බිද වෑටීමකටද ලක්වේ.
කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර හිමියන් බොහෝ දෙනෙක් සෑප සම්පත් විදිති.විවාහය බිද වෑටුනද ගිහි ජීවිතයේ සෑප සම්පත් ලබති.සමාජයේ ආදරය ගෞරවය සහ අසම සම ප්‍රසිද්දියට පත්වේ.නමුත් මෙම හෑම සෑප සම්පතක්ම ජීවිතයේ කෙටි කාලයකින් නිමාවී යයි.ඉන් පසුව ගෙවන්නට සිදුවන්නේ ඊට වඩාත් වෙනස් වූ ජීවිතයකි.නෑතිනම් ආයුශ කෙලවර වේ.එසේ වන්නේ ඒ සදහා අසුබ පල ලබාදෙන ග්‍රහ පිහිටීම් සහිත නම් පමනි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
.jpg)