ග්‍රහයෙකුගේ උච්ච වීම යනු එම ග්‍රහයාගේ බලවත්ම අවස්තාව වේ.ග්‍රහයෙකු සුබයෙක් හෝ අසුබයෙකු වේව,එම ග්‍රහයා උච්ච බල සහිතව කෙන්ද්‍රයේ සුබ ස්තානයක සිටීම කේන්ද්‍ර හිමියාට ලබා දෙන්නේ විශේශ බලයකි.මෙලෙස ග්‍රහයන් උච්චවීම පංචමහා පුරුශ යෝගයන් මෙන්ම බලවත් රාජයෝග සහ බලවත් දනයෝග නිර්මානය කරන්නට තරම් ප්‍රබල වේ.උච්ච ග්‍රහයන් කිසියම් කේන්ද්‍රයක වෑඩිවන තරමට එම කේන්ද්‍ර හිමියා දනයෙන් බලයෙන් පෞර්ශයෙන් ශක්තිමත් කරයි.නමුත් කිසියම් කේන්ද්‍රයක උච්ච බල ලබාසිටින ග්‍රහයා වක්‍රනම් එම ග්‍රහයා නීචවන බව ජෝතිශයේ මතයකි.


ග්‍රහයෙකු නීච වීම යනු එම ග්‍රහයාගේ දුබලම අවස්තාව වේ.නීච වූ ග්‍රහයාගෙන් කිසිම සුබපලයක් බලාපොරොත්තු විය නොහෑක.නිච ග්‍රහයා කේන්ද්‍රය දුබල කරයි.නීච ග්‍රහයන් කේන්ද්‍රයේ වෑඩිවන තරමට කේන්ද්‍රහිමියා දුබල කරයි.නමුත් කිසියම් ග්‍රහයෙක් නීච උවද එම ග්‍රහයාගේ නීචය බිදෙන අවස්තා පවති.එම නිසා ග්‍රහයෙකු නීච වූ පමනින් එම කේන්ද්‍රය දුබල යෑයි කිව නොහෑක.නීච ග්‍රහයා නීච බංග තත්වයේ සිටීනම් එයින්ම නීච බංග රාජ යෝග බල ලබන්නට අවස්තාව පවතී.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online