Shani Mangala Yoga


ශනි මංගල යෝගය යෙදෙන ආකාරය

කුජ ශනි යෝගව කේන්ද්‍රයේ කොතැනක හෝ පිහිටීම.ශනි ග්‍රහයා සහ කුජ ග්‍රහයා සම සප්තමව පිහිටීම.කුජ විසින් ශනි ග්‍රහයා දැකීම හෝ ශනි ග්‍රහයා විසින් කුජ ග්‍රහයා දැකීම.

ශනි මංගල යෝගයේ ප්‍රතිඵල

මෙම යෝගය විවාහය සම්බන්දව ගත්කල අසුබ පිහිටීමක්වේ.නමුත් මෙම යෝගය බොහෝ කේන්ද්‍ර තුළ රාජ යෝගයක් ලෙසින් ක්‍රියාත්මක වන අවස්තා පවතී.දැඩි ආත්ම ශක්තියක් ලබාදෙයි.නොසැලී නොබියව කටයුතු කරයි.ජය මිස පරාජයක් ගැන සිතන්නේ නැත.ධනවත්වේ.මෙම යෝගය හේතුවෙන් විවාහය ඉක්මන් කිරීමද ප්‍රමාද කිරීමද සිදුවේ.කේන්ද්‍රයේ අසුබ ස්තානයක විවාහයට සම්බන්ද වන ආකාරයෙන් මෙම යෝගය පිහිටියේ නම් විවාහය සම්බන්දව බලවත් ගැටලු ඇතිවේ.විශේෂයෙන් මාරක ලෙසද ක්‍රියාත්මක වනු ඇත.අනෙක් අතට ශනි මංගල යෝගය පිහිටි පුද්ගලයා තේරුම් ගැනීම අපහසුවේ.අනෙකාගේ මතයට ගරුකරන්නේ ඉතා කලාතුරකින්වේ.මේ හේතුවෙන් විවාහ සම්බන්දතාවයට ගැටලු ඇතිවනු ඇත.තනි පුද්ගලයෙකු ලෙස ගත්කල පුද්ගලයා දියුණුවට පත්කරවන ග්‍රහ පිහිටීමක් ලෙස ශනි මංගල යෝගය හැදින්විය හැකිය.


හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්
ජනක් පී කුමාර
0702872322
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online