සමන් දෙවියන් පිළිබඳව මහාවංසයෙහි ද සඳහන් වෙයි. බුදුරදුන්ගෙන් ධර්මය ඇසූ පිරිස් අතර සමන් දෙවියන් ද සිටි බව කියති. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ වාසය කළ රජවරුන්ගේ ද, ලක්‌වැසියන්ගේ ද ඉමහත් ගෞරවයට භක්‌ත්‍යාදරයට පාත්‍ර වූ සමන් දෙවියන් පිළිබඳ නොයෙක් මත පැතිර පවතී. කෙසේ වුවද ශ්‍රී ලංකාවෙහි උපන් වීර වික්‍රමාන්විත තැනැත්තකු පසු කාලයකදී සුමන නම් දෙවියකු වී යෑයි පැතිර පවතින මතය බොහෝ දෙනෙක් විශ්වාස කරති.
මැණික් ගැරීමට ඉමහත් කැමැත්තක් ඇතිව විසූ ආර්ය කාමදේව නමැති ඇමැතියකු සමන් දෙවියන්ට දේවාලයක් සාදා දීමට භාරයක් වී එය ඉටු වූ නිසා සමන් දේවාලයක් ගොඩනැඟිණි යෑයි කියති.
සමන් දෙවියන් වී උපන්නේ රාමයන්ගේ මලණුවන් වූ ලක්‍ෂ්මණ යෑයි ද මතයක් ඇත. රාම - රාවණ සටනින් ජයගත් රාම, කැලණිය විභීෂණට ද, එයට දකුණෙහි පිහිටි ප්‍රදේශය ලක්‍ෂ්මණට ද පැවැරී යෑයි ද ලක්‍ෂ්මණ සමන්තභද්‍ර නම් දෙවියකු වී යෑයි ද මතයක් පවතී.
විෂ්ණු - කතරගම ආදී දෙවිවරුන් මෙන්ම සමන් දෙවියෝ ද ලංකාවාසීන්ගේ පුද පූජා ලබති. සිරිපා වන්දනා සමයේදී බැතිමත්තු සමන් දෙවියන්ගේ පිහිට පතති. සමන් දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වති. භාරහාර වෙති. සමන් දෙවියන්ගේ හාස්‌කම් පිළිබඳව සිරිපා වන්දනා සමයේදී නොයෙක් නොයෙක් කතා අසන්නට ලැබෙයි.
ශ්‍රී සමන් දේව ශාන්තිය
ගන්ධ පුෂ්ප ඵුල්ලිතං විශාල ශාල මල්ලිකා
චම්පකා අශොක නාග පූගවෘක්‌ෂ රCඳ්ජිතා
නීල පීත ශේවත වර්ණ පක්‍ෂිරංචු සංගතා
ශ්‍රී සමන්ත කූටවාස දේව දානෙත සුඛං
ශීතලාම්බූ පූර්ණකං තඩාග නිස්‌ධරඃ
වාත මෙඝ ධරණිපාත රම්‍යභූමි වාලුකා
ශ්‍රී සමන්තකූට සෞම්‍ය වාස නිත්‍ය සම්ඟවං
ශ්‍රී සමන්ත දිව්‍ය රාජ දාන සෞඛ්‍ය සෞගතං
ශ්‍රී සමන්ත භද්‍ර ලෝක නාථ පාද ලාණ්‌ඡනං
සුප්‍රතිෂ්ඨ§තාරධික පුණ්‍ය ශ්‍රද්ධ චින්තනඃ
ශ්‍රොතපත්ති මාර්ගප්‍රාප්ත බුද්ධරාජ වන්දතඃ
ශාන්තිදාන කෘත්වතෙ සමන්ත දෙව රාජනං
ලොකනාථ සාසනාය සුප්‍රතිෂ්ඨ§තං ගතං
ලංක දෙශ ක්‌ෂිර පල්ලවෙත බුද්ධ පූජනං
ශ්‍රී ඝනාය භක්‌ති ප්‍රෙම ප්‍රාප්ත දිව්‍ය රාජනං
ශාන්ති සෞඛ්‍ය රක්‌ෂිතුං ප්‍රදාන තීති ආතුරං
දක්‌ෂ පක්‌ෂ යක්‌ෂ රාක්‌ෂ දර්පනෂ්ට නිර්භයං
තීක්‌ෂණාස්‍ය ප්‍රඥ සාගරස්‍ය චීර කායිකං
රාග ද්වෙෂ මෝහනාසනත්ති සුමන දෙවතා
කාය මාන සCඳ්ච රොග පීඩ භෂ්මතෙ චිරඃ
බුද්ධ ධර්ම සංඝරත්න පූජනාය කර්මතා
චිත්ත ප්‍රිති සාගරස්‍ය ප්‍රාප්ත සුමන දෙවතා
ශාන්ති දාන කසං ආතුරාන නිත්‍ය රක්‌ෂිතං
පාද පද්ම ශ්‍රී නමස්‌තු වෛද දදාතු ශ්‍රHdයුෂං
මොක්‌ෂවායම දාන කෙෂ ධාතු ප්‍රිති සාගතං
ඉන්ද්‍ර නීල ජ්‍යෙdති චෛත්‍ය ගර්භය නිධියති
ලංකාද්වීප පූර්වදේශ රක්‍ෂිතාය නිර්මලං
ශාන්ති සෞඛ්‍ය සම්පදාන් දදාතු නිත්‍ය දෙවතා
ශ්‍රී සමන් දේව ශාන්තිය
සුවඳ කුසුම් පිපුණා වූ - මහා සල් රුක් දෑ සමන්
සපු අශෝක හා පුවඟු ද ගසින් සුසැදි සිත් අදනා
නිල් කහ සුදු පැහැයෙන් යුතු කුරුලු රෑන් ගැවසිගත්
සිරි සමනොළ පව්වෙ වෙසෙන දෙව්රදුනේ සුවය දෙන්න
පිරුණු සිසිල් විල් දිය ඇලි - සුළඟින් හා පොළොවට බට
වැස්‌සෙන් පිරිසිදුව ගලන සුදුමුදු වැලි තලෙයන් යුතු
සිසිලසයේ පබෝදයෙන් සමන් කුලේ නිති වොරඳන
ශ්‍රී සමන්ත දෙව් රදුනේ සුව සම්පත සලසාවා
ශ්‍රී සමන්ත කූට භද්‍ර - ලෝක නාථ බුදු පියාගෙ
සුපිහිටි සිරිපා සලකුනු සදැහෙන් බැතිබරව සිතින්
සම්බුදු රජු වදින පුදන - සපැමිණි සෝවාන් පලය
සමන් දේව සුර රදුනේ - සුව සම්පත ගෙන දේවා
ලෝනා සම්බුදු රදුගේ සාසන තිරවට සුපිහිටි
ලක්‌දිවේදී කිරිපලු රුක් - පූජාවෙන් බුදුන් පිදූ
බුදු රදුවෙත බැතින් පැමිණි සුමන සමන් දෙව් රදුනේ
සැනසිලි සුව රැක ගන්නට ආතුරහට දිරිදේවා
දක්‌ෂ පක්‌ෂ යක්‌ෂ රාක්‌ෂ එඩි නොබියම බිඳ දැමූ
නුවණ සයුර තරණය හැකි විර විකුමන් සිරුරෙන් යුතු
රාග ද්වේෂ මෝහ නසන සමන් දේව රාජනේ
සිතේ ගතේ පවතින සැම පීඩා අළු කරනු මැනවි
බුද්ධ ධම්ම සංඝරත්න පූජාවේ පින් බලයෙන්
සිතෙහි උපන් සතුට නමැති සාගර පරතෙරට පැමිණි
සමන් සුරිඳු ආතුරහට නිති රැකවරණය උදෙසා
නමදිමි පා පියුම් සදා - ආයුෂ සම්පත් වේවා
මොක් ඇදුරිදුගෙන් අත්පත් කේසදා බැතියෙන් පිළිගෙන
ඉඳුනිල් මිණි සෑයෙක ගබ, තැන්පත් කර නිසි විලසින්
පෙරදිග සිරි ලංකාවේ සුපිරිසිදුව එය රැකගත
සමන් සුරිඳ සෙත සම්පත නිරතුරු උදා කෙරේවා
ශ්‍රී සමන් දිව්‍ය රාජෝත්තමයාණන්ට
සාධූ සාධූ තෙදවරම් පස්‌වාන් දහසකට මේ ශ්‍රී ලංකා ද්වීපයේ වැඩ වාසය කරන්නා වූ සියලු සත්වයා වෙත කරුණා නිධාන වූ සෝවාන් ඵලයෙහි පිහිටා වැඩ වදාරන්නා වූ ශ්‍රීමත් උතුම් ශ්‍රී සුමන සමන් දෙවි රාජෝත්තමයාණන් වහන්ස, සුදු ඇත් වාහනාරූඪව සමන්තකූට පර්වතනයට, සබරගමුවට, ශ්‍රීපාද පද්මයට, එල්ලක්‌කලට, දිවා ගුහාවට, බෑණ සමනලයට දිවැස් කරුණාකර බලා වැඩ වදාරන්නා වූ ඔබ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සැලකර සිටින්නේ මා අතින් හෝ මගේ ලේ වලින් පැවතෙන අංශවලින් හෝ එයට සම්බන්ධ අංශවලින් හෝ කිසියම් වරදක් හෝ වැරදි හෝ සිදු වී ඇතොත් ක්‌ෂමා වී ඒ සියල්ලන් වෙනුවෙන්ම මවිසින් නමස්‌කාරයෙන් කියා සිටින අභිමතාර්ථයන් ඉෂ්ඨ කර දීමෙන්ද. බාහිර උවදුරු වශයෙන් ඇති වූ හෝ ඇතිවන්නා වූ හෝ ඇස්‌වහ, කටවහ, නවග්‍රහ, හදි හූනියම්, ඒරාෂ්ටක මාරක බාධක මේ ඈ දෝෂාන්ධකාර දූරීභූත කර දුකට පිහිට වී සිතට සැනසිල්ල, ගතට සුවය, ලබා දී සියලු ක්‍රියාවන්ගෙන්ම සුබ සිද්ධිය, යසස, ඇතිකර දී පින් ගන්නා සේක්‌වා. ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවාෘ ආයු බොහෝ වේවාෘෘආයු බොහෝ වේවා!!
කවිපති, සාමවිනිසුරු
රක්‌වානේ ගබ්බෙල පියදාස