විවිධාකාර ග්‍රහ බලපෑම් මතද ශාරීරික දුබලතා නිසාද කෙතරම් දක්‍ෂ දරුවකු වුවද ඉගෙනීමට තිබූ උනන්දුව උදේ‍යාගය බිඳවැටී දරුවාද මවුපියන්ද ඉමහත් අසීරුතාවකට  පත්විය හැකිය. දරුවාගේ ධාරණ ශක්තිය (මතක ශක්තිය) හීන වීමට පත්වීම නිසා දරුවාට අධ්‍යාපනය ලැබීමේදී සියලු දේ අමතකව ඒවා රඳවා ගැනීමේ හැකියාව ගිලිහී යා හැකිය. පාසලේ ගුරුවරයා අසන ප්‍රශ්නවලට මුහුණදීමටද නොහැකිව කොන්වීමක් සිදුවේ. ඒ නිසා ඉගෙනීමට තිබූ උනන්දුව ගිලිහී යෑම මෙන්ම මානසික වශයෙන් විශාල පීඩනයකට ලක්වීමද සිදුවේ.

මෙවැනි දරුවන් තුළ ඉබේම වාගේ කේන්ති යෑම වැඩිහිටියන්ට අවනත වීම යන ලක්‍ෂණ පවතී. මෙවැනි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට ගෙන ඒමට නම් දරුවාට අයත් කේන්ද්‍රය පරික්‍ෂා කර බලා අපලයට අදාළ යන්ත්‍රය සමඟ මෙහි සඳහන් තෙලද සූදානම් කර ගාන්න. සුබ හෝරාවකින් අදාළ යන්ත්‍රය පැලඳ ගන්න. පහන් තිරයට තෙල් පොඟවා උදේ සවස දිවේ ගාන්න. කතා කිරීමට අපහසුව ගොත ගසන දරුවන්ටද මෙම තෙල් ඉතා සුදුසුය. ඉපැරැණි අය මෙම තෙල කෙම් ක්‍රමයක් ලෙසද භාවිත කර ඇත.

තෙල ළිප තැබීමේදී සරස්වතී යෝග මුහුර්තියක සකස් කරගෙන එම වේලාවට ඒ කටයුතු ඇරැඹීමට හැකි නම් වඩාත් හොඳය.
තඹ භාජනයක්, දෙමටමල්, ඔළිඳ කොළ, සමන්පිච්ච කොළ, ලුණුවිල, රසකිඳ, එනසාල් කලං 2 බැගින් ගෙන කොටා එම යුෂ ලබා ගන්න. ඉන් අනතුරුව අදාළ යුෂට තල තෙල් පත දෙකක්ද, වත්කර ළිප තැබීමට කටයුතු කරන්න. ළිප තැබීමෙන් පසු තෙල හොඳට හැඳිගාන්න. මේ අයුරින් තෙල පදමට හිඳෙන විට සුවඳ කොට්ටම්, වැල්මී, සාදික්කා, කරාබුනැටි, වසාවාසි, එනසාල්, තිප්පිලි, ඉඟුරුපියලි ආදී දෑ කළං 1 බැගින් කලින් කොටා සකස් කර තබාගෙන තෙල පදමට සිඳෙන විට තෙලට කලවම් කරන්න. තෙල පදමට සරිලන සේ සිඳගන්න.

මෙම තෙල සිඳගැනීමට පෙර ඉතා පිරිසුදුව සුදු වස්ත්‍රයක් ඇඳගෙන පිරිසුදු ස්ථානයක් සකස් කර සුබ හෝරාවක් හැකි නම් සරස්වතී යෝගයක් සකස් කර මල් ආසනය මත සරස්වතී මෑණියන්ට, මවුපියන්ට පහනක් දල්වා බුදුන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ රත්නයට දැල්වීමට පහනක්ද සූදානම් කර පළමුව ත්‍රිවිධරත්නයට අදාළ පහන දල්වා දෙවනුව සරස්වතී මෑණියන්ට සහ ගණදෙවියන්ට දල්වා සියලුම දෙවියන්ට පින්ද, සුබ හෝරාවට ළිප ගිනි දල්වා ඒ ළිප මත තෙල් භාජන තබා තෙල පෙර කී ආකාරයට සකස් කර බා ගන්න. ඉන්පසු භාජනයකට දමා උදේ සවස පෙර කී ආකාරයට තෙල පාවිච්චියට ගන්න.

තෙල සිඳ ගැනීමේදී ඉතාම සුරක්‍ෂිතව මස් මාංස, බිත්තර ආදියද, මත්පැන්, දුම්පානයෙන්ද වැළකී සිටිය යුතුය. අපල ඇත්නම් අදාළ ග්‍රහයාට සුදුසු යන්ත්‍රයක් පලඳවන්න. අධ්‍යාපනය කඩාකප්පල් වන දරුවාට නව යන්ත්‍රයක්ද බෙහෙවින් ප්‍රතිඵල ලැබෙන ඉතා බලගතු යන්ත්‍රයකි. යන්ත්‍රයට වෙනත් කටයුතු රැසක් සඳහාද උපයෝගි කරගනු ලබයි. අධ්‍යාපනය ලබන දරුවන්ට මෙම යන්ත්‍රය 1008 වර මතුරා කර පැලඳීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

අම්බලන්තොට නෝනාගම
රුහුණු මහා භද්‍රකාලි අම්මාන් දේවාලයේ
දේවගැති රූපසිංහ වෙදමහතා
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online