කුඩා බිලින්දන් සිටින නිවෙස්වල "බාලගිරි දෝෂය අද නොවේ හෙට" යනුවෙන් සඳහන් වූ පුවරුවක් දැකිය හැකිය. ඒ කුඩා දරුවන් කිසිදු රෝගයක් නොපෙන්වමින් නොනවත්වා හඬන නිසාත් එය අමනුෂ්‍ය බලපෑමකින් සිදුවන බවට මතයක් ප්‍රචලිතව ඇති නිසාත්ය.
මෙම අමනුෂ්‍ය බලවේගය හඳුනා ගන්නේ බාලගිරි දෝෂය යන නමිනි. යක්‍ෂ, ප්‍රේත, භූත බලවේග මුල්කර ගනිමින් දරුවන්ට ලෙඩ ගෙන දෙන දෝෂයක් ලෙසටත් මෙය හඳුනාගැනේ. දරුවන් රෝගී වූ විට ප්‍රතිකාර කළද ඉන් සුව නොවන අවස්ථා ඇත.
සාමාන්‍යයෙන් බාලගිරි දෝෂය බලපාන්නේ දරුවකු උපත ලබා වසරක පමණ කාල සීමාවක් තුළදීය. කිසිදු රෝගයක් නැතිව දිගින් දිගටම දරුවන් හඬන විට එය බාලගිරි දෝෂය ලෙස වැඩිහිටියන් සිතයි. එම නිසා නිවෙසේ ඉදිරිපස හා පිටුපස "බාලගිරි දෝෂය අද නොවේ හෙට" යනුවෙන් පුවරු සවිකිරීම සිදුකරයි. එය අප අතර පවතින සාම්ප්‍රදායික මතයකි. එය දකින බාලගිරි යක්‍ෂයා නැවැත හෙට දින එන බවත් එලෙස එම බලවේග පහව යන බවටත් විශ්වාස කරයි.
නමුත් මෙම අමනුෂ්‍ය බලවේග පලවා හැරීමට සිදුකළ හැකි තවත් සෙත් ශාන්ති පවතියි. මෙලෙස බාලගිරි දෝෂය පලවා හැරීමට විවිධ මන්ත්‍ර පොතපතේ සඳහන් වේ.
"ඕං නමෝ දිවගුළු මියුරු නුවර අමු සොහොනෙන් උපන් හාරසිය හැත්තෑවක් බාල ග්‍රී යක්‍ෂණියෝ යක් දිවයිනට ගොස් වෙසමුණි රජ්ජුරුවන්ගේ කුමාරයා දැක ලෙඩ කළ තැනේදී බුදු සිරු කංචි නං සිය ගුරුන්ගෙන් වරම් ලැබ ගෙන පිරිත් නූලක් මැතිරූ ආනුභාවයෙන් අදත් මේ ආතුර බිලිඳුවා අඬනවා මොර ගහනවා දෙපය සීතල වෙනවා. දේව ශ්‍රී රක්සන්තු අවි රක්කාලි සැන්දෑ පාලියෙ කිලි ගන්න වරම් ගත් අන්ධකාර යක්‍ෂයා යක්‍ෂණි ඇතුළුව හාරසීය සැත්තෑවක් බාල ග්‍රී යක්‍ෂයෝ කළ ලෙඩ සැණින් ගුණ වෙන්ඩ දිව ගුරු බුදුන්ගෙන් වරම්.
ධ් නමෝ ශ්‍රී බන්ධ ඉස්සා ශ්‍රී රක්සන්තු ඒස්වාහක්
ධ්ධ් නමෝ කාල රාත්‍රී ඒස්වාහක්
ධ්ධ්ධ් නමෝ නී ග්‍රී බාල ශ්‍රී හුන් හුන් පට්ට ප්ලේෂ්වාහක්
නමෝ රාක්‍ෂ යක්‍ෂ යක්‍ෂිණී හුන් හුන් පට්ට ප්ලේෂ්වාහක්
නමෝ යං කිංචි චිත්තං හුන් හුන් පට්ට ප්ලේෂ්වාහක්
නමෝ වඩිගස්තලය යක්‍ෂ යක්‍ෂිණී හුන් හුන් පට්ට ප්ලේෂ්වාහක්
බාල ග්‍රී පාලියට තෙල් ලුණු බඳිනු" යනුවෙන් සඳහන්ය.
මෙම මන්ත්‍රය කියමින් කහ සහ පිරිසුදු පොල් තෙල් රැගෙන මතුරා දරුවාගේ හිසේ ගාන්න. මෙම මන්ත්‍රයෙන් තුන් නූලක් ගෙන මතුරා දරුවාගේ අතේ බඳිමින් සෙත් පැතීමටද හැකිය.
කඹුරුපිටියේ - සුගතදාස
ශාලිකා රංගනී සමරදිවාකර
මව්බිම පුවත්පත