බක් මාසයේ ගම්මානය හැඩ කරන්නේ එරබදු මල්. තද රතු පැහැයක් උසුලන එරබදු මල් අෑතට පෙනෙන්නේ සතකුගේ රූපයකින්. එය අතිශය සුන්දරයි. එරබදු ගහේ කටු තිබුණට එරබදු ගස ඔෟෂධීය ගසක්. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා එරබදු ගහේ ඔෟෂධීය වටිනාකම වටහාගෙන නැත.එරබදු දලු කුඩා ළමයින්ගේ පණු රෝගයට කදිම විසඳුමක්. එරබදු දලු, කොළ කොටා ඉඟුරු, කරාබු නැටි සමඟ හොඳින් කොටා මී පැණි සමඟ ස්වල්පයක් පානය කිරීමෙන් පණු රෝග දුරුවෙයි.
රතු ලූනු, උම්බලකඩ, දෙහි ඇඹුල්, පොල් යොදා එරබදු කොළ හීනියට ලියාගෙන එය සම්බෝලයක් ලෙස සකස් කරගෙන ආහාරයට ගැනීමෙන් අජීර්ණ රෝග සුව වේ.
එරබදු ගහේ දලු, පොතු කරපිංචා කොළ කිහිපයක්, කළුදුරු, තල තෙල් සියලු දේ හොඳින් කොටන්න. එහි යුෂ ගැනීමෙන් සකස් කරගත් තෙල් හිසට දැමීමෙන් හිසේ ඇතිවන තද කැක්කුම් නැති වෙයි. රක්ත රෝග, ඉරු රුදාවට මෙය නියම ඔෟෂධයකි.
එරබදු ගසේ මල් (රේණු ඉවත්කර) ගෙන වේළා හොඳින් කුඩුකරන්න. සාදික්කා, වසාවාසි, ඉඟුරු, කුඹුරු ඇට මද, කරාබු නැටි දමා නැවතත් කුඩුකර ගන්න. මෙය කෝපි මෙන් උදේ සවස පානය කරන්න. එසේත් නැති නම් ඉහත සකස් කරගත් කුඩුවලට එඬරු තෙල් ස්වල්පයක් දමා මී පැණි සමඟ පානය කිරීමට දීමෙන් පණු රෝග සුවවේ.
මව්බිම පුවත්පත
