දිවයිනේ විවිධ ප්‍රදේශවල කුඩා දරුවන්ට වලිප්පුව නමැති රෝගය සෑදීම තවමත් දක්නට ඇත.
දරුවකු මෙවැනි රෝගයකට පත්ව සිටින විට වැඩිහිටියන් කලබලකාරී නොවී කල්පනාකාරීව මුහුණදීමට උත්සාහ ගත යුතුය.මෙවැනි අවස්ථාවකදී ඔබටම කරගත හැකි ප්‍රබල කෙම් ක්‍රම කිහිපයක් සමඟ වලිප්පු රාජ ප්‍රබල යන්ත්‍රය සකස් කර දරුවාට පලඳවන ආකාරය මෙහි දැක්වේ.පළමුව ප්‍රබල ගුප්තමය කෙම්ක්‍රම කිහිපයක් සඳහන් කරමි. මින් ඔබට පහසු දෙයක් සූදානම් කරගන්න. ඒ අනුව කටයුතු කරන්න.

පිරිසුදු පොල්තෙල් ස්වල්පයක් කුඩා භාජනයකට ගෙන අමුකහ කෑල්ලක් තළා (කුඩුකර) දමා සන්සුන් මනසින් යුතුව හිඳගෙන ත්‍රිවිධ රත්නය සිහිකර පන්සිල් ගෙන මෙම මන්ත්‍රයෙන් හත්වරක් මතුරා එම තෙල් ස්වල්පයක් හිසට දමන්න.

මන්ත්‍රය

ඕං ඉන්ද්‍ර ගුරු නාරායනේ කට්ටු
චන්ද්‍රගුරු භගවතී කට්ටු අවරගිර දේවි කට්ටු
සුරනර විකාර හනුමා ආරක්ෂා කට්ටු ආකාශ භෛරවි කට්ටු
පාතාල දේවී කට්ටු සූර දේවී කට්ටු
ගුරුදේවී පාදදේවී කට්ටු
දඩන්තු වීර කාමාල් භූත ප්‍රේත පිශාච ලෝක නාථා දේව කට්ටු
පූට්ටු ඒහි ඒස්වාහ--

වලිප්පුව සෑදුණු දරුවකුට ඉහත සඳහන් කළ තෙල් මතුරා කරනු ලබන සෙත් ශාන්ති මන්ත්‍රය මෙන්ම කන්දකුමාර ගිනි කුලම්බුව නමැති මෙම මන්ත්‍රයද ඔබ කැමැති ආකාරයට අවශ්‍යතාව අනුව කරගත හැක.
මෙම මන්ත්‍රය කනට කිට්ටුකර තුන්වරක් හෝ හත්වරක් කියන්න. අවසාන වන විට කනට පිඹින්න. මේ ආකාරයට තෙවරක් හෝ හත් වරක් කනට පිඹින්න. ඉන් දරුවාට ආරක්ෂාවත් රෝගය මර්දනය වීමත් සිදුවේ.

කන්ද කුමාර ගිනි කුලම්බුව මන්ත්‍රය

ඕං නමෝ කදිරපුර නරාමි අයියෝරුවන්ද පාසෙලෙන්ද්‍ර පානුක් කුවන්දු පුඩත්ත පෝ ඩලුම් පෙරියේල් අන්ද මුර්ගුවා වාවා සිවායුම් ඕඩීවාචා මලප්පවායේල් කදිරනේ සර්දි වාවා අරු අරු ඔරු ඔරු පේසු පේසු කදිරනේ මුඩිත්ත චන්දුමී මුටයිවයියිල් කදරපුරනේ සර්දිවාව මයුර වාහන ප්‍රලඋනුව ගිනි ගිඩිසලිතවාවා ගිඩි ගිඩි වාවා

ඔබේ පහසුවට සඳහන් කළ මෙම ප්‍රබල කෙම් මන්ත්‍ර දෙකෙන් කැමැති එකක් අවස්ථාවට අනුව යොදා ගන්න.රෝගී දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වන්නේ නම් එහි යෑමට පෙර හෝ පැමිණි පසු හෝ එසේත් නැත්නම් නිතර නිතර මෙම රෝගයට දරුවාට මුහුණ දීමට සිදුවේ නම් තමා පිරිසුදු සුදු වස්ත්‍රයෙන් සැරසී නූල් නවපොට බැගින් වන සේ සකස් කළ නූල් දෙකක් ගන්න. ඉන්පසු බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් හෝ පින්තූරයක් ළඟ බුදුපහන දල්වා ත්‍රිවිධ රත්නය නමස්කාර කර මල් බුලත් පුටුව සාදා දුම් අල්ලා කපුරු දල්වා වාඩිවීමට පැදුරක් හෝ ඒ සඳහා සුදුසු දෙයක් තබා හිඳගෙන එම මල් බුලත් පුටුව මත මල් පස්වර්ගයක්ද, ඇටි ඇට සහ දිය ගොඩ මස් හඳුන්කූරු, කපුරු, පිනිදිය, දුම්මල, කට්ටකුමංජල් තබන්න. ඒ සමඟ සකස් කළ නූල් දෙකද තබන්න. නිවෙසටද කට්ටකුමන්ජල් මල් බුලත් සැකසූ පුටුවටද දුම් අල්ලන්න. වෙනත් අයකුට පවරා දුම්මල ඇඟිලි තුඩුවලින් අල්ලා මෙම දිෂ්ටි මන්ත්‍රවලින් සහ ප්‍රණ මන්ත්‍රයෙන්ද 108 බැගින් වන සේ මතුරමින් නූල්වලට වැදෙන සේ අඟුරු ගිනි කබලට දමන්න. ඉන්පසු පෙර සඳහන් කළ කන්දකුමාර කුලම්බුවට අදාළ මන්ත්‍රයෙන් 108 වරක් පෙරකී ආකාරයට මතුරමින් නූලට සහ මල් බුලත් පුටුවට දුම් අල්ලා දරුවාගේ සහ මවගේ කරට දමන්න. සෙනසුරාදා දිනක රාත්‍රි පටන්ගෙන ඉරිදා පාන්දර පහට පෙර කරට දමන්න.

මේ ආකාරයටම මුලින්ම සඳහන් කළ "ඕං ඉන්ද්‍ර ගුරු නාරායනේ" යන මන්ත්‍රයෙන්ද නූල් ජීවම්කර බල පිහිටුවා නිතර නිතර රෝගී තත්ත්වය මතු වන්නේ නම් ඉරිදා දිනක පෙරකී ආකාරයට සකස් කර එම මුල් මන්ත්‍ර දෙකට අමතරව ඕන් ඉන්ද්‍ර ගුරු නාරායනේ යන්ත්‍ර මන්ත්‍රයද ජීවම් කරන්න.

වලිප්පු රාජ යන්ත්‍රය

මෙම යන්ත්‍රය අඟල් 1 පළල සහ අඟල් 3 දිගට සිටින සේ ඇඳ ඇත. දරුවා ඉතා කුඩානම් මෙම ප්‍රමාණයට සකස් කර ගන්න. එය දරුවා හිස තබා කොට්ටයට ඇතුළු කරන්න.

අවුරුදු 2ක පමණ දරුවකු නම් අඟල් 2ක් පළල අඟල් 5ක් දිග සිටින සේ යන්ත්‍රය සකස් කරගන්න. මැද කොටුව අඟල් 4ටද දෙපැත්තේ කොටුවක ප්‍රමාණය අඟල් 1/2ක් වන සේ සකස් කරගන්න. පස්ලෝ කුණ්ඩු 3 ඇති සුරයක් ගෙන අදාළ යන්ත්‍රය කරට දමන්න. අවුරුදු 01ත් අවුරුදු 2ත් අතර නම් දකුණත බඳින්න. මසකට එක යන්ත්‍රය බැගින් යන්ත්‍ර 3ක් බඳින්න. වලිප්පුව නිට්ටාවටම සුව වනු ඇත.
අංක 1 සිට 8 දක්වාද 17 සිට 24 දක්වාද අංක වෙනුවට යන්ත්‍රය සකස් කිරීමේදී 'හී්‍රං' යන අකුරුද අංක 9 සිට 16 දක්වා ඇති අංක වෙනුවට 'ට' යන්නද අංක 25-26 ඉලක්කම් වෙනුවට 'ඕං' යන්නද යොදන්න.

අම්බලන්තොට, නෝනාගම සහ අනුරාධපුර කහටගස්දිගිලිය රුහුණේ
මහා භද්‍රකාලී අම්මාන් දේවාලයේ
දේවගැති රූපසිංහ වෙද මහතා
මව්බිම පුවත්පත
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online