දෙපා සහිත සුදු වර්ණ ඇති සුදු කොකා, අළුපත් කොකා, කණ කොකා, රිටි කොකා ආදී නම් දරන මෙම පක්‍ෂියා සමඟි සත්ත්ව පවුලට අයත් වෙයි. මඩ දියේ මෙන්ම නොගැඹුරු ජලාශ කුඹුරුවල නිසොල්මන්ව මත්ස්‍යයන් ගොදුරු කරගන්නා අතර අතුපතර ඝනත්වයෙන් වැඩුණු ශාක වාසස්ථානය කර ගනී. රාත්‍රි කාලයේ පියාපත් දෙකෙන් හිස ආවරණය කරගනිමින් එහි ඇති ශාක පත්‍රද පියාපත් අතර තද කර ගන්නා මෙම පක්‍ෂීන් අතර කණ කොකා විශේෂ තැනක් ගනී.ඉහළ අහසට පියඹා යන මෙම පක්‍ෂියා සුදු වර්ණයට පෙනුණද තටු හකුළාගත් පසු තද දුඹුරු පැහැය, අව පැහැයද ගනී. මිනිසාට සුබ අසුබ පල දෙන සතුන් අතරද කණ කොකා විශේෂයි.

තනි කණ කොකෙකු හැන්දෑවක තම වහලයට ඉහළින් පියඹා ගියේ නම් හැඬුවේ නම් අකල් මරණයකි.

කණ කොකෙකු තමන් යන මාවතේ තමන් ඉදිරියට එනු දැක හඬ නඟමින් ඉගිළුණේ නම් නඩු හබවලින් පරාජය වෙයි.

කණ කොකුන් රංචු ලෙස පැමිණ තම භූමියේ ගසක නතර වී සිටී නම්, එම භූමියේ සිටින පිරිමි අයට තද අපල සිදු වෙයි. එම භූමියේ වාසයෙන් පිරිමි අය ඉවත් වෙයි.

කපුටන් රංචුවක් අසල කණ කොකෙකු තම භූමියේ සිටිනවා සැන්දෑවක දුටුවේ නම්, එම තැනැත්තාට මාරක අපල ඇති වෙයි.

තම භූමියේ දිය පහරක් නිතර ගලන තැනක සිට කණ කොකෙකු හඬගා ඉගිළුණේ නම්, අදෘශ්‍යමාන බලවේගයක් ඇති අයකු එම නිවෙසේ සිටින බවකි.

පොල් ගසකට නඟින විට එම ගසේ කණ කොකෙකු සිට හඬනඟා ඉගිළුණේ නම් එදින සිට දින 7ක් යනතුරු පරෙස්සම් වන්න. අස්ථි බිඳීමකට හේතු වෙයි.

කණ කොකෙකු වැවක, පොකුණක, ජලාශයක, දිය නාන තැනක තමන් දිය නෑවේ නම්, දියඹ රාක්‍ෂ දෝෂය හටගනී. සැමවිට බියට පත් වෙයි.

තම හිසට ඉහළින් කණ කොකෙකු හඬ නඟා ගියේ නම් ඔහු හෝ ඇය කරන සියලු සුබ කටයුතු අවුල් වියවුල් වෙයි.

සුබ දෙයක් ගැන කතා කරන විට කණ කොකෙකු හඬ නඟා පියඹුවේ නම් එය එම සුබ කටයුත්තට අසුබ වෙලාවකි.

මහ පොළොවේ අලුත් ඉදිකිරීමකදී හෝ වගා බිමකදී එතැනට කණ කොකෙකු පැමිණ කුඩා සතුන් කෑවේ නම්, එම භූමියේ වගාව පාළු වෙයි.

හංසි ආටිගල / මව්බිම පුවත්පත
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online