සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / කන්‍යා ලග්නය
ඔබටද මෙම වසර මධ්‍යස්ත ප්‍රතිපල උදාකරවනු ඇත.සිදුවෙමින් පවතින වෙනස්කම් අගෝස්තු මාසයෙන් පසු යහපත් අතට යොමුවේ.සහොදර සහොදරියන් ඉතා කිට්ටු නෑ හිතවතුන් සමග පවත්නා සබදතාවයන් තව දුරටත් යහපත් නැත.ලගම හිතවතා හතුරුවේ.කෙසේ වෙතත් යහපත් පුද්ගලයාත් අයහපත් පුද්ගලයාත් නිවැරදිව හදුනාගැනීමට , ජීවිතයේ තමාට වැරදුන තැන් හදුනාගැනීමටත් එම වැරදි අඩුපාඩු අතපසුවීම් නැවත යතා තත්වයට පත්කරගැනීමටත් අවස්තාව සැලසෙනවා ඇත.ගෘහ ජීවිතය , දේපල සහ සමාජ සම්බන්දතා පිලිබදව ඉදිරියේදී යහපත් තත්වයක් උදාවනවා ඇත.දරුවන් සම්බන්දව සැප්තැම්බර් මාසය අවසන් වනතුරුම විවිද ගැටලුකාරී තත්වයන් මතුවනවා ඇත.
කෙසේ වෙතත් අගෝස්තු මාසයේදී ගුරු ග්‍රහයා පාපී රාහුගෙන් මිදී ලග්නගතවීමත් සමග අහිමිවූ බලයත් , රැකියාව සහ වෙනත් ආර්තික තත්වයනුත් නැවත යහපත් වනු ඇත.ඉගෙනීම් කටයුතු සම්බදවද යහපතක් බලාපොරොත්තු විය හැක්කේ මෙම ගුරු මාරුව සිදුවීමත් සමගවේ.එතෙක් තත්වය සාමන්‍ය පරිදිවේ.නව නිවාස ඉදිකිරීමට ඉඩකඩම් මිලදී ගැනීමට අවස්තාව ඇතත් එවැනි කටයුතු වලදී මුදල් වියදම් කිරීම සහ සේවකයන් හවුල් කරුවන් සම්බන්ද කරගැනීමේදී දෙවරක් සිතාබලා කටයුතු කිරීම යහපත්වේ.ස්තිර පදිංචියක් නොමැති අය සදහා ස්තිර යමක් මෙම වසර තුලදී සිදුවනු ඇත.
පවත්වාගෙන ආ නොගැලපෙන සම්බන්දතා බිදවැටී යහපත් සබදතා ගොඩනැගේ.මගහැරෙමින් පැවති වගකිම් නිසි කලමනාකාරීත්වයකින් යුතුව පවත්වාගෙන යාමට ඉඩ ලැබේ.ඉදිරියේදී සිතට සතුට සැනසීම හිමිවේ.විවාහ ජීවිතයේ පැවති බාධා කරදර මගහැරී යනු ඇත.අවිවාහකයන්ට විවාහ යෝජනා ඉදිරිපත්වන අතරම විවාහ ජීවිතයට ඇතුලත් වීමට හැකිවනු ඇත.එමෙන්ම ඇතිවන ප්‍රේම සම්බන්දතාවයක් උවද ස්තිරව සර්තකත්වය දක්ව පවත්වාගෙන යාමට හැකියාව අවස්තාව ලැබෙනවා ඇත.උණ රෝග , බෝවන රෝග ආදියෙන්ද පීඩාවට පත්වේ.නීතිමය ගැටලු පැවතියේ නම් ඉදිරියේදී ඒවා යහපත් ආකාරයෙන් විසදෙනවා ඇත.කෙටි ගමන් රාත්‍රි ගමන් වලදී අනතුරු ඇතිවිය හැකි බැවින් සෑකිලිමත්වීම යහපත්වේ.
![]() | ජනක පී කුමාර විසිණි. හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය |

