මෙලොව ඉපදුනු මිනිස් සත්වයා තරුණ වියට පත්වූ පසු තමාට කියා සැප ඇති වාසනා වන්ත දිවියක් ගතකිරීම සඳහා ගෙයක් දොරක් හදා ගැනීමට පෙළඹෙයි. එය ඉදිකර ගන්නේ ධන ධාන්‍යයෙන් පිරි යහපත් දූ දරුවන් ලැබ දීර්ඝායුෂ ලබමින් චිරාත් කාලයක් යෙහෙන් පීවත්වීමේ ප්‍රාර්ථනා පතමින්ය.
මෙය හරි හැටි ඉටුකර ගැනීමට නම් ජ්‍යෙdතිෂයට අනුව වාස්‌තු විද්‍යාවට එකඟව වාසනාවන්ත නිවසක් ඉදිකර ගත යුතුයි. මුදල් උතුරා ගිය පමණින්, ඉඩමක් දැක්‌ක පළියට මිලදී හෝ බදුගැනීමත්, එහි නිවාස ඉදිකිරීමත් තම සිත්හී බලපාන හිතුවක්‌කාර ආශාව ඇල්ම ඇතිව කළහොත් එයින් සිදුවන අනිටු ඵල ඔබටම පෙනීයයි. එවන් නිවාසවල පදිංචිවීමෙන් අය පක්‍ෂය අඩුවී වැය පක්‍ෂය වැඩිවී අන්ත පරිහානියට පත්වේ. නිතර නිතර රෝගාබාධයන්ට ලක්‌වේ. එපමණක්‌ද නොව එවැනි නිවාස වල පදිංචි අයට උපදින දරුවන්ද මන්ද බුද්ධිකයින්, ආබාධිතයින්, ගොළු ළමයින්, බිහිරි ළමුන් ඇතුළු අංගවිකල ළමා ලපටින් ඉපදේ. විවාහයන්ද ප්‍රමාද වේ. ධන හීනවී අතුගෑවී අසරණ අන්ත දුක්‌ඛ බවට පත්වේ.
ඉඩමක් ගැනීමේදී මෙන්ම එහි නිවාසයක් ඉදිකිරීමට පෙර එම ඉඩම පිහිටි ආකාරය, අනුව ඉඩම ත්‍රි කෝණාකාරද, මුළු පහකින් යුක්‌තද, කුල්ලක හැඩ ඇත්දá වක්‍රකාරව ඇත්ද, කුණු වලවල් ඇත්ද, ඒවා පිරවීමට සිදුවේද, දියරව මඩසහිතද, විශාල ගල් ඇත්ද, පස්‌ගැනද ඉඩමට යාව ඇලවල්, ඔයවල්, ආදී දිය පාරවල් ගලාබසීද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි. තවද, මෙම ඉඩම් පන්සල්, දේවාල, කෝවිල්, පල්ලි වලට අයත් ඒවාද, සොහොන් භූමි, යාවට ඇත්ද,, යන්නත්, ගන්නා ඉඩම බැංකුවලට උකස්‌කර ඇත් දැයි සොයාබලා වර්තමාන යුගයේ නම් ඉඩම ගැනීමේදී නිත්‍ය මැනුම් නිලධාරියකු විසින් තමා ගන්නා ඉඩම් කොටස ඔහු ඉදිරියේම මැන මායිම් කණු සිටුවා ගත යුතුයි. නැතිනම් එම ඉඩම්වල කොටස් අසල්වැසි නිවැසියන් විසින් භුක්‌ති විඳ භුක්‌තියට හසුවී ඇති එකක් දැයි බැලිය යුතුයි. එමෙන්ම ඉඩමට ගලාඑන වතුර බැසයන්නේ කෙසේද, අසල්වැසියාගේ භූමියේ ජලය තම ඉඩමට ගලා ඒද වර්ෂා ජලය බැසයන්නේ කෙසේද යන්නත්, නිවසට යාබද අවටින් ජීවත්වන්නේ බේබද්දන්ද, කසිප්පු බූරු සූදු පොලවල්ද, සතුන් මරණ ගවඝාතකාගාර, ඇත්ද, රේස් බුකීද, සොරෙක්‌ද යන්න ගැන අද කාලයේ සැළකිළිමත් විය යුතුයි. එසේ නැතිවුවහොත් සෑම දිනකම ආරවුල්, ගුටි බැට, ආදී පමණක් නොව මිනි මැරුම් පවා සිදුවේ. තවද තම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියටද බාධා ඇතිවේ. නඩු හබ ආදියට පැටලේ.
එවන් බාධක ගැටලු මගහැර ඔබ සතුකර ගත් වාසනාවන්ත ඉඩමක ගෙයක් දොරක් ඉදිකිරීමේදී පළමුවෙන්ම මුල්ගල, කප් සිටුවීම උගත් ජ්‍යෙdaතිෂඥ වරයෙකුගේ උපදෙස් මත ශුභ නැකතින් කළ යුතුයි. එය වාස්‌තු විද්‍යාවටද අනුකූල විය යුතුයි. ඒ සඳහා 'මයනම්' සෘෂිවරයා මයිමතය නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත. පොළවෙහි භූම නාගයා කියා එකෙක් ඇත. ඔහුගේ හිස, කඳ, වල්ගය යන තැන්වල මුල්ගල තැබීමේදී ඇතිවන ශුභ අශුභ මෙසේය.
අජග වයම හිරු සිටු මේ තුන් මස
බටහිර වල්පත ඉඳුරට ලා හිස
උතූරට පිටුපා දකුණට පා කුස
බුමනා තෙමනිති වෙසෙයි මෙ තුන් මස
කටක සිංහ කන්හිද තුන් මාසේ
උතුරට වල්පොත දකුණට සිරසේ
ඉඳුරට පිටුපා වරුණට එකසේ
මේ තුන් මස සැතපෙයි මේ විලසේ
තුලා නුහුසු දුනු මෙ තුන් මාසේ
ඉඳුරට වල්පත වරුණට සිරසේ
දකුණට පිටුපා උතුරට එකසේ
මේ ලෙස සැතපෙයි මේ තුන්මාසේ
මකර කුම්භ මීනය මේ තුන් මස
දකුණට වලිගය උතුරට පාහිස
වරුණට පිටුපා ඉඳුරට ලා කුස
බුමනාග රජ වෙසෙයි දොළොස් මස
බුම නාග රජ මෙලෙසට වසනා
දොස දැනගත කප හිඳුවා කෙමෙනා
ගෙට නැගු බිම තුළ සිව් කොණ ඇඳිනා
බලි පුද දෙනු අටකොන යකු බුදිනා
බොහොමයක් ජ්‍යෙdaතිෂඥයන් මෙම වාස්‌තු නීතිය උතුම් කොට සලකයි. එමෙන්ම මුහුර්තත චින්තාමණී ග්‍රන්ථයේද මෙසේ අපූරුවට සඳහන් කොට ඇත. ගෙවල් සෑදීමට භුමනාග චක්‍රය මෙසේය.
තැන මුව පෙන සතර යකුගෙන් ගේ පාළු
තුන වාලග මරණ පා සතරද නඩු ළුE
දන සැප දකුණ සිව් වම සිව් දුප්පත් ළුE
ගනු පිටුපස සුබයි දැන ගැන ගනු යා ළුE
භූමනාග චක්‍රය විවිධා කාරව ඇතැම් පොත්වල ඇතත් මේ ක්‍රමය නිවැරැදි ක්‍රමය බව අපේ ගවේෂණ තුළින් පැහැදිළිය.
මේ නිසා ඔබට ශුභ අශුභ උදාකරන මරණවලට ගොදුරු නොවන අයුරින් වාසනාවන්ත නිවසක් ඉදිකරන විට විශේෂයෙන්ම භූමනාගයා ගේ හිස වලිගය කඳ තිබෙන දිශාවන් බලා මුල්ගල තැබීම ඔබට වාසනාව උදාකරන බව සිතන්න.
ගුප්තවිද්‍යාවේදී, සාමවිනිසුරු,දේශබන්දු
ජිනදාස එදිරිසිංහ
පොලිසිය පිටුපස - රඹුක්‌කන.
