හොඳ හා නරක පිළිබඳ සිහින තොරතුරූ

ඉසිමත අනුව දැක්‌වූ අයුරු නිසියුරූ

"නැකත" තුළින් පාඨක සැමට ගරුසරූ

පවසමි මෙතැන් සිට නිසි අරුත කැටිකෙරූ


දැක්‌කොත් සිහිනයෙන් ඉතිරිය අත දෙනවා

සම්පත් ලැබේ නිලතල හිමි වෙනවා

කොයි දෙය වුවද සිය කටයුතු ඉටු වෙනවා

සිරිකත ඔහුගෙ නිවහන වෙත ගොඩ වෙනවා


සිය අදහස්‌ සඵල වන බවට ලකුණකී

අපරාධයක්‌ කෙරෙනවා සිහිනෙන් නිසැකී

දුටුවොත් ඔබට ඉන් සැනසුම දෙනු නියතී

සිතු දේ ඉටුවෙලා ඔහු දියුණුව ලබතී


අසුනෙන් වැටෙනු ඔබ සිහිනෙන් දුටුව විට

එම සිහිනයෙන් අවැඩකි එම මොහොතෙ සිට

නිලතල ධන බලය වැනසුම කරණ කොට

අකුණක්‌ වැදුනා මෙනි ඔහුගේ හිස මතට·


කන්දක්‌ නැඟුම ඔබ සිහිනෙන් දුටුවේ නම්

සැනසුම සතුට සම්පත් සැම හිමිවේ නම්

තිර අදිටනින් උත්සුක බව ඇතිවේ නම්

කිසි උවදුරක්‌ නැත එමගින් සැනසේ නම්


සුබ සිහිනයකි දුටුවෝතින් දිය නෑම

පිවිතුරු අනාවත් අත ළඟ බව කීම

සිහිනය අනුව සිදුවෙයි නොවරද වාම

සිතූ පැතූ සියලු දැ එලෙසම ඉටුවීම



අග හිඟ කමින් පසුවන්නට සිදුවන්නේ

සිහිනය මෙයයි ඔබ සැම සිහියට ගන්නේ

නිරුවත් ලෙසින් ඔබ නින්දෙදි හැසිරෙන්නේ

අනුනගෙ පිහිට ආධාරය ඉල්ලන්නේ


ගමනක්‌ යැම ඔබ සිහිනෙන් දුටුව විට

හිතවත් අය ඔබෙන් වෙන්වනු ඇත එවිට

තනතුරු නිලතලද අහිමිව යන කලට

පිහිටක්‌ නොමැත තම අත මිස තම හිසට


ගහ ගන්නවා දුටුවොත් සිහිනයෙන් ඔබ

තිබුණත් කොතෙක්‌ ධන සම්පත් නොයෙක ලැබ

වස්‌තුව නැතිව අසහන ගති කෙරෙන පොබ

අයසට වැටෙනු ඇත පුපුරයි මුහුණෙ අබ


කියවනු ලබයි නම් පොත - පත හෙම සීනෙන්

දියුණුව උදාවෙයි ජය බිම හමු වීමෙන්

කටයුතු සඵල වෙයි එය දත යුතු පේමෙන්

සුබ පල සහිත බව කිව හැක අබි මානෙන්·


ධන සම්පත් නෑසේ දුටුවොත් මෙම සීනේ

සිහිනය පරිදි ගින්නෙන් දැවෙනට ඕනේ

සිය නිවහන දැවෙනු දුටුවිට නොව මානේ

කිල්ලක්‌ ගැන ලැබෙයි පුවතක්‌ සැක නෑනේ


පුද සත්කාර ගරු සරු සැම හිමිවීම

සිතැඟි පරිදි සිය කටයුතු ඉටුවීම

සිදුවෙයි ඔබ පතන මිලකට ඉඳුරාම

ගිතෙල් දුටුවොතින් නිදි යහනෙදි හේම


සුබ පණිවුඩයකින් තොරතුරු ලැබෙනු ඇත

ඔබගේ සියලු කිස ඉටුවී සෙතම වෙත

හඬමින් සිටිනු දුටහොත් සිහිනයෙන් මිත

ඉන් අත්වනුයෙ නම් හැම මොහොතකම සෙත


ජ්‍යෙdතිර්විද්‍යා පණ්‌ඩිත කිවියර
කොස්‌ගොඩ ජේ. පී. ද සොයිසා
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online