ශ්‍රී ලාංකීය බැතිමතුන් අතර ගෞරවයටත් වන්දනා මානයටත් පාත්‍ර වන කාලි මෑණියෝ ඉතා ගරු ගාම්භීර තේජස්‌ සහිත යක්‍ෂ සේනාධිපතිනියකි. භද්‍රකාලි, මහාකාලි, පේන කාලි, වඳුරු කාලි, රීරි කාලි, සොහොන් කාලි, ගිනි කාලි වශයෙන් කාලි හත්කට්‌ටුවක්‌ ලෙසද හැඳින්වෙන මොවුන් පත්තිනි මෑණියන්ගේ අර්ධ දේව බලැති එකිනෙකාට වෙනස්‌ වූ බල ඇත්තියන් වේ.

පාර්වතී, උමා, ගිරිඋමා, ජාමුණ්‌ඩා, දුර්ගා යන නම්වලින්ද හඳුන්වනු ලබන භද්‍රකාලි මෑණියන් අනෙකුත් සියලු කාලි මාතාවන් අභිබවා වන්දනා මානයට ලක්‌ වන්නේ ඇය බුදුන් සරණ ගිය උපාසිකාවක්‌ ලෙසට ජනයා තුළ පවතින දැඩි විශ්වාසය නිසාය.

බුදුරදුන්ගෙන් බණ අසා පැහැදී පසුව අට දිසාවේ වෙසෙන ජනයාට සේවය කිරීමටත් ඔවුන් විසින් දෙන පුද පූජා භාර ගැනීමටත් ක්‍රියා කළෙන් එදා සිට අද දක්‌වාම යක්‌ෂ සේනාධිපතිනියන් මෙන්ම යක්‌ෂ දූතිකාවන් පිරිවරා සිටින භද්‍රකාලි මෑණියන්ගෙන් අද බොහෝ දෙනෙක්‌ තමන් වෙත එල්ල වන සතුරු කරදර, අසාධාරණකම් නඩුහබ ජයග්‍රහණ පමණක්‌ ඉල්ලා සිටින අතර අප වෙත එල්ල වන නවග්‍රහ දෝෂ සඳහා ද ඇයගේ පිහිට ආරක්‌ෂාව ලබාගත හැකි බව බොහෝ දෙනෙක්‌ නොදනිති. එහෙත් අප වෙත පැමිණෙන්නා වූ සියලු කරදර බාධකවලට මෙන්ම නවග්‍රහ දෝෂ දුරුකර ගැනීමටද අපට ඇයගේ පිහිට ප්‍රාර්ථනා කළ හැකිය. 

මේ සඳහා හැකි සෑම අවස්‌ථාවකම පවුලේ සියලු දෙනා එක්‌ව භද්‍රකාලි මෑණියන්ගේ බලවත්ම දිනය වන සිකුරාදා දිනයෙහි ඇය වැඩහිඳින දෙවොලකදී ඇයගේ බැල්ම විශේෂයෙන් අප වෙත ලැබෙන්නා වූ දිවා රෑ දෙකටම පොදු 8.08 - 8.24 කාලය තුළ රතුමල්, අබතෙල් පහන්. සුවඳ දුම්, දෙහිගැට මාලයක්‌ පූජා කර දෙවියන් ඉතා ප්‍රිය කරණීය මෙත්ත සූත්‍රයද පහත දැක්‌වෙන කාලි නවග්‍රහ ස්‌තෝත්‍රයද ගායනා කර පිං අනුමෝදන් කිරීමෙන් භද්‍රකාලි මෑණියන්ගේ පිහිට ලබාගත හැකිය. 

කාලි නවග්‍රහ ස්‌තෝත්‍රය

රවි ග්‍රහයාට

ඕං රවින්ද්‍ර ප්‍රසුරෙන්ද්‍ර මණ්‌ඩල කිරණ අෂ්ඨ ගුරු ගජේන්ද්‍ර හිං හිං දුං දුං දේව ගුරු විභූෂණ ටං ටං ආකාරය සුං සුං ධරණ ගිනි කාලි ධරණේ පංච පංච නම නම ඊශ්වර ජටා ධරණ මුචලින්ද අවර ගිරි ධරණය ගිනි ආකාරය සුං සුං එමි එමි ප්‍රලේෂ් වාහඃ

චන්ද්‍ර ග්‍රහයාට

ඕං භී්‍රං චන්ද්‍ර ගුරු භගවතී නවනාථ සුරේන්ද්‍ර කෘත ගත විපුල කේන්ද්‍ර අං අං අෂ්ඨ ගුරු කාලි ඕං ඕං අග්නිපුර කාල ධරණේ ඉකාරයා ඉෂ්ඨ පුර්ඛ බහුල ගිනි කාලි යං යං යම දේව ලෝක නාථ චන්ද්‍රයාය නමඃ

කුජ ග්‍රහයාට

ඕං කං කං කර්ග ධරණී කුජේන්ද්‍ර කුෂ්මාණ්‌ඩ භෛරවී ත්‍රිපුර යම දූතී කං කාල ධාරී උකාර උත් දිනේ උං උං හිං කාරණී අං අං අයියේත්‍රී ජං ජං ජලදේව භෛරවී භ්‍රීං භ්‍රීං රූපනී ත්‍රීධ කර්ග ධරණී පංෙච්න්ද්‍ර සුං සුං නමඃ

බුධ ග්‍රහයාට

ඕං ශ්‍රීං ශ්‍රීං චෛරණ්‌ඩු කොණ්‌ඩු බුදේන්දු සන්ධි විෂ්ණු ප්‍රකෘත ගණ විපුල ගජ හස්‌ත සුරේන්ද්‍ර පංච කාම කෝටි ලෝක ජල ප්‍රවෘත්ත ගණ දෙවි ජලත හං හං සකාර නීල රත්න දේවතාවා බුදේන්ද්‍ර ශ්‍රීං ශ්‍රීං ලෝක නාථ නාරායනේ ප්‍රාං ප්‍රාංප්‍රවිෂ්ඨ ඒකාරයා පඤ්ච ධරණේ භයංකර ධූත ධාරී නමඃ

ගුරු ග්‍රහයාට

ඕං ජල විප්‍රහංස ගුරු දේව තිනේත්‍රධාරී කුණ්‌ඩලාභරණ හස්‌ත පාදාංගනී ප්‍රමෘත ධවලී ත්‍රිභූවන ගණපතී ජං ජං පේෂණී යම කාලි දූතී භී්‍රං භ්‍රීං නමඃ

ශුක්‍ර ග්‍රහයාට

ඕං කෘතගුණ විපුල සක්‍ර සුරේන්ද්‍ර මන්ත්‍රී මහී ඊශ්වර අග්‍ර ප්‍රකීර්ති සර්ව සංහාරණී වාවා ඊශ්වර මණ්‌ඩල ප්‍රකෝධ ඊශ්වර මහා දේව බ්‍රහ්ම ගුරු බුධ කාලි ධං ධං ද්වජ නයන වන්මන් වජ්‍ර ධාරණී හුං හුං ශිව ශිවායනේ නමඃ

ශනි ග්‍රහයාට

ඕං යං යං ජල ප්‍රවෘත්ති ශිව ගුරු චන්ද්‍ර ක්‍රතේශ්වරී විභූෂණී අෂ්ඨාංගනී ශනි රූපනී කෛසේත්‍ර කාලි වෛකුණ්‌ඨ කුමාරි දුං දුං ද්‍රිං ද්‍රිං හුං හුං පට්‌ පට්‌ ප්‍රලේ ස්‌වාහඃ

රාහු ග්‍රහයාට

ඕං ඕං කාලි මහා කාලි සෙංගවර ඊල් මුක්‌කොඩි නායිල් ප්‍රලය ගිනි කරුවාල් සෙයියේරු ඉඩත්තු වීර භද්‍රකාලී ආකාර භෛරවයා දිෂ්ඨ§ පංෙච්න්ද්‍රයා වර වර නීල රක්‌ත දේවතාවා දිෂ්ඨ§ වර වර නමඃ

කේතු ග්‍රහයාට

ඕං රෞරාද්ධ කාලි රෛරාම් පෙරයි ගිනි කාලි රෛරාම් ඉරවෙත්තු කාලි රෛරාම් අරුමුං සෙත්තු මුඩියෙල් රෛගිනි බ්‍රසීඉඩත්තු කොණ්‌ඩුවාරේ තෙයිය ගිනි අග්නි දේවි කොණ්‌ඩුවාරේÊමුක්‌කොඩි නායනේ කොණ්‌ඩුවාරේ තෙයිය ගිනි අග්නි දේවි කොණ්‌ඩුවාරේ මුක්‌කොඩි නායනේ කොණ්‌ඩුවාරේ තෙයියේරු නානේ කොණ්‌ඩුවාරේ සේගු සේගු නමඃ

දේශමාන්‍ය - දේශබන්ධු රංජන් සිසිර කුමාර
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online