සබරගමුවට අධිගෘහිත දෙවියන් හෙවත් සබරගමු දේවතාවා ලෙසත් සමනොළ ගිර හෙවත් ශ්‍රීපාදය නමැති පුණ්‍ය තීර්ථයෙහි ආරක්‌ෂකයා ලෙසත් ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ ගෞරවයටත් භක්‌තියටත් වන්දනාමානයටත් පාත්‍රව ඇති සුමන සමන් දෙවියෝ ශ්‍රී ලංකාරක්‌ෂක දේවතා මණ්‌ඩලයේ ප්‍රධානත්වය දරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දේවාත්මයකි.
එදා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා මාර්ගඵල අවබෝධකරගත් යක්‍ෂ ගෝත්‍රිකයන් අතර ඔවුන්ගේ ජන නායකුව සිටියේ යෑයි සැලකෙන සුමන සමන් දෙවිඳුන් සෝවාන් ඵලයට පැමිණ චිත්ත ප්‍රීතියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේ පිදීමට යම් වස්‌තුවක් ලබා දෙනමෙන් කළ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේෂ ධාතු අත්ලක් සමන් දෙවිඳු වෙත ප්‍රදානය කොට ඇති අතර මහත් හරසරින් ගෞරවාභිමානයෙන් රත්‍රන් කරඬුවක කේෂ ධාතු තැන්පත්කොට පුද පෙරහැරින් රැගෙන ගොස් බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම කේෂ ධාතු තැන්පත්කොට මියුගුණසෑය හෙවත් මහියංගණ චෛත්‍යරාජයා ඉදිකර බැතිමතුන්ට වන්දනාමාන කිරීමට සැළැස්‌වීම සුමන සමන් දෙවිඳු අතින් සම්මා සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම උදෙසා තබන ලද අත්තිවාරමෙහි මුල්ගල ලෙස ගෞරවපූර්වකව සිහිපත් කළ හැකි මංගල කාරණයකි.
සුමන සමන් දෙවිඳු ඇදහීම හා උන්වහන්සේ වෙනුවෙන් දෙවොල ඉදිවීම පිළිබඳ මූලාශ්‍ර ලෙස දඹදෙණියේ එකල රජ කළ දෙවන පැරකුම්බා රජුගේ අමාත්‍යවරයකු වූ ආර්ය කාමදේව නමැති බ්‍රාහ්මණයා භාරතයේ සිට පැමිණ සබරගමුවෙහි මැණික් කර්මාන්තයේ යෙදී ඇතත් බලාපොරොත්තු වූ ආකාරයට එම කාර්යය සාර්ථක නොවූ බැවින් කනස්‌සල්ලට පත්ව සිටින අතරතුර තම බලාපොරොත්තුව ඉෂ්ට කරදුනහොත් අලංකාර දේව මන්දිරයක් තනවා සමන් දෙවිඳුන් වෙත කැපකර පූජාකරන බවට පොරොන්දු ඇති අතර එකෙනෙහිම නොසිතූ ලෙස ඉතා වටිනා මැණික් කැට මතුවන්නට පටන් ගෙන ඇත.
මෙම සිද්ධියෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් ආර්ය කාමදේවයෝ පැරකුම්බා රජු බැහැදැක මේ බව සැළකර සුමන සමන් දිව්‍යරාජයා කෙරෙහි මහත් ගෞරව භක්‌තියෙන් සමන් දෙවොල ඉදිකර පූජා කළ බව ජනප්‍රවාදයයි
එදා ආර්යකාමදේවයන්ගේ සිතැඟි ඉටුකරවා දුන්නාසේම අද සමන් දෙවිඳු වෙතගොස් අසරණ බැතිමතුන් කියා සිටින්නා වූ දුක් කරදර හා ප්‍රශ්නවලට නිරතුරුවම උන්වහන්සේගේ පිහිට ආරක්‌ෂාව ලැබෙන අතර දුනු ඊතල ආදී කිසිදු ආයුධයක් සිය හස්‌තයෙහි නොදරමින් තම පිහිට පතා එන්නන්ට කරුණාව, අනුකම්පාව පෙරදැරිව සෙත සලසන දේවාත්මයකි.
එබැවින් ඔබටද ඔබ හමුවේ පැනනගින කරදර බාධක දුරුකර ගැනීම සඳහා දිනපතා බුදුන් වැඳ සෙත් පිරිත් ගායනා කර දෙවියන්ට පිං අනුමෝදන් කර සමන් දෙවියන් වෙනුවෙන් ද මල් පහන් සුවඳ දුම් පූජාකර වන්දනා මාන කර පහත දැක්‌වෙන ස්‌තෝත්‍රය ගායනා කර පිහිට ප්‍රාර්ථනා කිරීමෙන් බොහෝ කරදර බධකවලින් මිදීමට හැකිවනු ඇත.
ශුභ වර්ණාති දේවේන
දිව්‍යාභරණ භූෂිතම්
කුඤ්ජර වාහන වෛව
සුමන දේවෝ නමෝ වරං
ශ්‍රී ලංකාම්බර පාත භාතු සදෘශඃ
තේජං ප්‍රතාපාන්විතඃ
නානා වෛරී ගනාන්ධකාර ප්‍රහනඃ
ආදිත්‍ය බිම්බෝපමඃ
සර්ව ස්‌තෝත්‍ර ගුණාකරඃ සුර වං
ශුභාංගජෝ වාහනං
ශ්‍රීමත් සුමන දේව රාජ පුවරං
කුර්වත්තු මේ ජය මංගලම්
දේශමාන්‍ය - දේශබන්ධු - රංජන් සිසිර කුමාර