සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර - 2022

පරණ අවුරුද්ද සඳහා ස්නානය 


අප්‍රේල් මස 13 වෙනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය මැනවි.


අලුත් අවුරුදු උදාව 


අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.


පුණ්‍ය කාලය 


අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා (එළිවන පාන්දර පූර්ව භාග 02.17 තත්පර 17 සිට එදින අපර භාග 03.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය වේ. පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17 සිට අපර භාග 03.05 තත්පර 17 දක්වා වේ.


ආහාර පිසීම 


අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා. දීකිරි මිශ්‍ර කිරිබතක් හා උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.


වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය 


අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.17ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම ඉතාමත් මැනවි.


හිසතෙල් ගෑම 


අප්‍රේල් මස 17 වෙනි ඉරිදා දින උදේ 07.04ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් මැනවි.


රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම 


අප්‍රේල් මස 18 වන සඳුදා උදේ 06.51 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම ඉතාමත් මැනවි.


නව සඳ බැලීම 


අප්‍රේල් මස 03 වැනි ඉරිදා දින අභිනව චන්ද්‍ර වර්ෂය ද මැයි මස 05 වන බ්‍රහස්පතින්දා අභිනව සූර්ය වර්ෂය ද සදහා නව සඳ බැලීම ඉතාමත් මැනවි.


සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර - 2022



By -Life Astrology Magazine
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online