උපන් නැකත අනුව මනුෂ්‍ය ජීවිතයට යෙදෙන ප්‍රතිඵල පිළිබඳ විශ්වාසය ශ්‍රී ලාංකීය සමාජයේ පැරණි කාලයේ සිට පැවත එන සංස්කෘතික හා ජ්‍යෝතිෂමය සම්ප්‍රදායකි. ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව පුද්ගලයෙකු උපදින මොහොතේ සඳු ග්‍රහයා ගමන් කරන නැකත “ජන්ම නැකත” ලෙස හැඳින්වේ. එය පුද්ගලයාගේ ගතිගුණ, ජීවිතයේ වාසනාව, සෞඛ්‍යය, අධ්‍යාපනය, විවාහය හා වෘත්තීයමය ජීවිතය කෙරෙහි බලපෑම් ඇති කරන බව විශ්වාස කෙරේ.
ජ්‍යෝතිෂයේ පංචාංගය ලෙස හඳුන්වන දිනය, නැකත, තිථිය, යෝගය සහ කර්ණය යන කරුණු අතර නැකතට විශේෂ ස්ථානයක් හිමි වේ. උපන් නැකත මත පුද්ගලයාගේ චරිත ලක්ෂණ පමණක් නොව, ඔහුගේ ජීවිතයේ ඇතිවන සුබ හා අසුබ අවස්ථාද විග්‍රහ කරනු ලබයි. සමහර නැකත් වල උපන් පුද්ගලයන් බුද්ධිමත්, සාමකාමී සහ නායකත්ව ගුණ ඇති අය ලෙස සැලකෙන අතර, තවත් සමහරු ආවේගශීලී, දුෂ්කරතාට මුහුණ දෙන හෝ අධික උත්සාහයෙන් ජීවිතය ගොඩනගා ගන්නා අය ලෙස හඳුන්වයි.
උපන් නැකත අනුව විවාහ ගැළපීම් සොයා බැලීමද ශ්‍රී ලාංකීය සමාජයේ බහුලව දක්නට ලැබේ. විවාහයට පෙර දෙපාර්ශවයේ නැකත් ගැළපෙනවාද යන්න පරීක්ෂා කිරීමෙන් අනාගත පවුල් ජීවිතයේ සාර්ථකත්වය තීරණය කළ හැකි බව බොහෝ දෙනා විශ්වාස කරති. විශේෂයෙන් ගුණ මිළ, දෝෂ, ආයුෂ හා දරුවන්ගේ යහපත වැනි කරුණු මෙහිදී සලකා බලයි. කෙසේ වෙතත්, නවීන සමාජයේ සමහරුන් මේවා අතිශය විශ්වාස නොකරන අතර, පුද්ගල උත්සාහය සහ සමාජ පරිසරය ජීවිතයේ සාර්ථකත්වයට වැඩි බලපෑමක් කරන බවද පෙන්වා දෙයි.
උපන් නැකත අනුව පුද්ගලයාගේ වෘත්තීය ජීවිතය පිළිබඳද අනාවැකි පළ කරයි. උදාහරණයක් ලෙස, සමහර නැකත් වල උපන් අය නායකත්වය, රාජ්‍ය සේවය, අධ්‍යාපනය හෝ කලා කටයුතු සඳහා සුදුසු බව කියැවේ. තවත් නැකත් වල උපන් අය ව්‍යාපාරික හැකියාවන් සහ ධනය රැස් කිරීමේ වාසනාව ඇති අය ලෙස හඳුන්වයි. එමෙන්ම ඇතැම් නැකත් වල උපන් පුද්ගලයන්ට ජීවිතයේ මුල් කාලයේ දුෂ්කරතා තිබුණද, පසුකාලීනව සාර්ථකත්වය ලැබෙන බවද ජ්‍යෝතිෂයේ සඳහන් වේ.
සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳවද නැකත් අනුව විවිධ අදහස් පවතී. සමහර නැකත් වල උපන් අය මානසික ආතතියට ලක්වීමේ ප්‍රවණතාවයක් ඇති බවත්, තවත් සමහරු ශාරීරිකව ශක්තිමත් සහ දිගු ආයුෂ ඇති අය බවත් සඳහන් වේ. ඒ අනුව ජීවිතයේ විවිධ අවස්ථාවලදී සුබ නැකත් බලා කටයුතු කිරීම ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ අදත් දක්නට ලැබෙන සම්ප්‍රදායකි.
අවසානයේ, උපන් නැකත අනුව යෙදෙන ප්‍රතිඵල පිළිබඳ විශ්වාසය විද්‍යාත්මකව සම්පූර්ණයෙන් තහවුරු වී නොතිබුණද, එය සංස්කෘතික හා ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ගේ ජීවිතයට බලපාන වැදගත් අංගයක් බව පැහැදිලිය. බොහෝ දෙනාට එය ජීවිතයේ මඟ පෙන්වීමක් සහ මානසික විශ්වාසයක් ලබාදෙන අතර, තවත් සමහරු එය සම්ප්‍රදායික විශ්වාසයක් ලෙස පමණක් සලකති. එහෙත් ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ නැකත් හා ජ්‍යෝතිෂය අදටත් අත්‍යවශ්‍ය සංස්කෘතික අංගයක් ලෙස පවතින බව නොඅනුමානය.
අස්විද නැකතින් උපන් ඔබ...
ලස්සනට අදින පලදින ඔබ දුටු දුටුවන් හට ප්‍රිය තෑනෑත්තෙක් වේ.ලෝකයා සතුටු කරවන්නෙක් වේ.යහපත් ශරීර ඈත්තේ වේ.සියලු කටයුත්තේ දක්ශයෙකි.නුවන ඈත්තේය.
බෙරන නැකතින් උපන් ඔබ...
ආරම්බ කරන කටයුතු අවසානය දක්වා කරන්නෙක් වේ.සෑබෑවචන කියන බොරු නොකියන නිරෝගී තෑනෑත්තෙක් වේ.සියලු කාරනාවන්ගේ දක්ශයෙකි.සෑප ඈත්තේය.
කෑති නැකතින් උපන් ඔබ...
බොහෝ අනුබව කරන්නෙකි.අනුන්ගේ අබුවන් කෙරෙහි සිත් ඈත්තෙකි.තේජස් ඈත්තෙකි.ඉවසීමේ ගුනය අඩුය.ප්‍රසිද්ද කීර්තිමත් පුද්ගලයෙකි.
රෙහෙන නැකතින් උපන් ඔබ...
ඈත්ත කතා කරන,පිරිසිදු යහපත් සිතුම් පෑතුම් හිමි ඒවා අගයන කෙනෙකි.අනුන්ගේ වස්තුව පිලිබදව සිතන්නෙක් නොවේ.ප්‍රිය වචන කතාකරයි.ස්තිර මතයක සිට කටයුතු කරයි.දුටුවන් ප්‍රිය කරවන ශරීරයක් හිමිය.
මුවසිරිස නැකතින් උපන් ඔබ...
ස්තිර නොවූ චපල සිතක් ඈත.එහෙත් දක්ශයෙකි.බයානක ස්වබාවය ඈත්තෙකි.කතාවේ දක්ශයෙකි.උත්සහවන්තයෙකි.දනවත් මෙන්ම සියලු සම්පත් හිමි ඒවායෙහි පලයන් ලබන්නා වූ කෙනෙකි.
අද නැකතින් උපන් ඔබ...
අනුන්ට උපකාර කරන්නෙක් නොවේ.අබිමානය ඈත්තෙක් හෙවත් තමන් උසස් යෑයි සිතන්නෙකි.කලගුන නොසලකයි.අනුන්ට පීඩා කරන්නෙක් වේ.පාප ක්‍රියා කරන්නෙක් වෙයි.
පුනාවස නැකතින් උපන් ඔබ...
සන්සුන් වූ සුවපත් වූ යහපත් ගති ඈත්තා වූ හික්මුන,අනුවන කෙනෙකි.ලෑබෙන දෙයින් සතුටුවන කෙනෙකි.
පුස නැකතින් උපන් ඔබ...
ඉදුරන් වසගකල කෙනෙක් වේ.උගත් බුද්දිමතෙකි.දනවතෙක් වෙයි.ආගම දහමට ඈලුනාවූ යහපත් කෙනෙකි.
අස්ලිස නැකතින් උපන් ඔබ...
සියල්ල විනාශ කරන්නෙක් වේ.ලද දෙය ආරක්ශා නොකරයි.වියදම් අදික කෙනෙකි.පාප ක්‍රියාවන්ට බිය නෑත.කලගුන නොසලකන අනුන් රවටන කෙනෙකි.
මා නැකතින් උපන් ඔබ...
බොහෝ මෙහෙකරුවන් සහ දනය ඈත්තෙකි.යාන වාහන සෑප සම්පත්හි උරුමස සතුය.දෙවියන් කෙරෙහි බක්තිමත්ය.මලගියවුන් කෙරෙහි බක්තිමත්ය.මහත් උත්සහය සහ ආත්ම ශක්තිය සහිත කෙනෙකි.
පුවපල් නැකතින් උපන් ඔබ...
ලෝකයා සතුටු කරවන වචන කියන්නෙකි.දෙන ස්වබාවය ඈත.සුන්දර ශරීරයක් ඈත්තෙක් වෙයි.නිතර ගමන් බිමන් සහිතය.රජයේ සේවකයෙක් වෙයි.
උතුරුපල් නැකතින් උපන් ඔබ...
ලෝකය සතුටු කරවන්නෙකි.ඉගෑන්වීමෙන් උපදේශනයෙන් වස්තුව ලබයි.දනවත් බලවත් ගුනවත් කෙනෙකි.සෑප අනුබව කරයි.
හත නැකතින් උපන් ඔබ...
උත්සහය ඈත්තෙක් වේ.බුද්දියෙන් පිරිපුන්,ලෑජ්ජා බය සහිත කෙනෙකි.නමුත් මත්පෑනට ලොල් වෙයි.ආදරය අනුකම්පා ගුනය අඩුය.
සිත නැකතින් උපන් ඔබ...
සිත නෑකතින් උපන් තෑනෑත්තා අලන්කාර ඈදුම පෑලදුම් සහිත සුන්දර කෙනෙකි.ශරීරය නිරෝගීය.විසිතුරුය.යහපත් සිත ගත හිමි ගුනවතෙකි.
සා නැකතින් උපන් ඔබ...
සා නෑකතින් උපන් තෑනෑත්තා හික්මීමෙන් යුත් කෙනෙකි.වෙලද වයාපාරයන්ට සමත්කම් සහිතය.කරුනාවන්ත හදවතක් හිමිය.ප්‍රිය වචන සහිතය.පිනට දහමට හිතගිය කෙනෙක් වේ.
විසා නැකතින් උපන් ඔබ...
වසා නෑකතින් උපන් තෑනෑත්තා අනුන්ගෙ යහපත ඉවසන කෙනෙකු නොවේ.මසුරෙකි.ලොහොබියෙකි.නමුත් සුන්දර ශරීරයක් සහිත කෙනෙකි.කතාවේ දක්ශයෙකි.අනුන් සමය සටනට පෙලබේ.
අනුර නැකතින් උපන් ඔබ...
අනුර නෑකතින් උපන් තෑනෑත්තා දනයෙන් බලයෙන් පෝශිත කෙනෙකි.අදික බඩගිනි සහිත කෙනෙකි.පිට දෙශයන්ගේ ගමන් සහිත පිට දේශයන්හි වාසය කරන කෙනෙක් වේ.
දෙට නැකතින් උපන් ඔබ...
දෙට නෑකතින් උපන් තෑනෑත්තා බොහෝ මිතුරන නොමෑති අයෙකි.සතුටින් සිටින්නෙක් වේ.නමුත් ඉතා කෝප වෙයි.දර්මයට බොහොමත් ලෑදිය.
මූල නැකතින් උපන් ඔබ...
මූල නෑකතින් උපන් තෑනෑත්තා උඩගු කෙනෙක්ය.වස්ත්ව ඈත්තෙක් ය.සෑපවත් කෙනෙකි.අනුනට හින්සා නොකරයි.තම මතයේ සිට කටයුතු කරයි.තවද කනගාටුවෙන් පසුවන්නට වේ.
පුවසල නැකතින් උපන් ඔබ...
පුවසල නෑකතින් උපන් තෑනෑත්තා හිතට සතුට සෑනසුම ලෑබදෙන බිරිදක් හෝ ස්වාමියෙක් ලබයි.අහන්කාර උඩගු කෙනෙකි.ස්තිර මිතුරන් ඈත.
උතුරුසල නැකතින් උපන් ඔබ...
උතුරුසල නෑකතින් උපන් තෑනෑත්තා හික්මුන තෑනෑත්තෙක් වේ.දාර්මිකයෙක් හෝ දර්මය දන්නෙක් වේ.බොහෝ මිත්‍රයන් ඈත්තෙක් වේ.කලගුන සලකන ලෝකයා සතුටු කරවන කෙනෙක් වේ.
සුවන නැකතින් උපන් ඔබ...
සුවන නෑකතින් උපන් තෑනෑත්තා ප්‍රතිබාව ඈත්තෙකි.බුද්දිමත්ය.ගුනවත්ය.රූපයෙන් පරිපූර්නය.යහපත් බිරිදක්,ස්වාමියෙක් ලබයි.ප්‍රසිද්ද කෙනෙක් වේ.
දෙනට නැකතින් උපන් ඔබ...
දෙනට නෑකතින් උපන් තෑනෑත්තා යහපත් ශරීර ශක්තියෙන් යුත් කෙනෙකි.අදික දනවතෙක් වේ.රන්ඩුවීමට ලෙහෙසියෙන් යොමුවෙයි.ගීතයට ප්‍රිය වෙයි.නමුත් ලොහොබියෙකි.
සියාවස නැකතින් උපන් ඔබ...
ඈත්ත කතා කරන්නෙක් වේ.කාන්තාවන් නිසා කරදරයට පත්වන්නෙක් වේ.ස්තුරන් නසන්නෙක් වෙයි.දුරදිග නොබලා කටයුතු කරන්නෙක් වේ.දරුනු ක්‍රියාවන් කරන්නෙක් වේ.කිසිවෙකුට පාලනය කල නොහෑකි අයෙකි.
පුවපුටුප නැකතින් උපන් ඔබ...
දුකින් පිරි සිත් ඈත්තෙක් වේ.කාන්තාවන් නිසා කරදරයට පත්වෙයි.කාන්තාවන්ට යටත්වේ.නමුත් දනවතෙක් වේ.මසුරෙකු නොවේ,දක්ශ කතාව ඈත්තෙකි.
උතුරුපුටුප නැකතින් උපන් ඔබ...
දක්ශ කතාව ඈත්තෙකි.බොහෝ දරුමුනුබුරන් සිටින්නෙක් වේ.ස්තුරන් පරාජය කරන්නෙක් වේ.දර්මය කෙරෙහි පෑහෑදුනා වූ යහපත් සිතක් සහිතය.
රේවතී නැකතින් උපන් ඔබ...
සම්පූර්නවූ අවයව ඈත්තේය.ලෝකයාගේ සිත්ගන්නාවූ යහපත හදුනන අයෙකි.පිරිසිදු ගති පෑවතුම් සහිත ගුනවතෙකි.දක්ශයෙකි.වස්තුව දනය ලබන්නෙක් වේ.
ජනක් පී කුමර්
Phone - 0 7 7 3 8 8 5 8 5 3