ජ්‍යොතිෂවේදී - ජනක් පී කුමාර
වසර 13ක් පුරාවට වෙබ් අවකාශය තුළ නොසැලෙන විශ්වාසයක් දිනාගත් හදහන ලංකා (HADAHANA LANKA) ජ්‍යොතිෂ සේවාව, දේශීය මෙන්ම විදේශීය දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවිතාලෝකය උදෙසා කැපවී සිටින ආයතනයකි. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජනක් පී. කුමාර මහතා විසින් මෙහෙයවනු ලබන මෙම සේවාව, හුදු අනාවැකි කීමෙන් ඔබ්බට ගිය ජීවන දර්ශනයක් සහ ප්‍රායෝගික මගපෙන්වීමක් ඔබ වෙත සමීප කරයි.
Google Rating 2026
අතීත , වර්තමාන , අනාගත ලෙසින් තුන්කල් දකින්නට මනුෂ්‍ය සත්වයා වෙත දායාද කළ පෙරදිග භාරතීය ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය යනු හුදු අනාවැකි කීමක් හෝ දෛවය පිළිබඳ ප්‍රකාශ කිරීමක්ම නොවේ. එය විශ්වයේ පවතින ග්‍රහ තාරකාවන්ගේ චලනය සහ පෘථිවියේ වසන මානවයාගේ ජීවන රටාව අතර පවතින ගැඹුරු සබඳතාවය විග්රහ කරන ප්‍රබල ශාස්ත්රයකි.
ඔබ උපන් මොහොතේ අහසේ ග්‍රහයන් පිහිටි ආකාරය අනුව සකස් වන කේන්ද්‍ර සටහන, ඔබේ ජීවිතය පිළිබඳව සකස් වූ "විශ්වීය සිතියමක්" බඳුය.ජ්‍යොතිෂය මගින් සිදු කරන්නේ ජීවිතයේ එළඹිය හැකි අභියෝග, බාධක මෙන්ම සාර්ථක විය හැකි අවස්ථාවන් කලින් හඳුනාගෙන ඒවාට නිසි පරිදි මුහුණ දීමට මගපෙන්වීමයි.
පුද්ගලයෙකුගේ සැඟවුණු හැකියාවන් ඉස්මතු කර ගැනීමටත්, තීරණාත්මක අවස්ථාවලදී නිවැරදි තේරීම් සිදු කිරීමටත් ජ්‍යොතිෂමය උපදේශනය මහත් පිටුවහලක් වේ.නූතනයේ මෙය භාවනාමය සහ මනෝවිද්‍යාත්මක දැනුම සමඟ බද්ධව පවතින අතර, එමගින් පුද්ගලයාගේ මානසික සහ ආත්මීය දියුණුවට අවශ්‍ය මග පෙන්වනු ලබයි.