ඉගනීම සහ කේන්ද්‍රයේ ශක්තිය


ඉගනීම සහ කේන්ද්‍රයේ ශක්තිය

ඉගනීම මිනිසාගේ දනයට බලයට හේතුවකි.එහෙත් සමහර උගත් බුද්දිමතුන්ට දනය නෑත.සමහර මෝඩයන්ට දනය තිබේ.තවත්විටක උගත් කමින් සහ දනයෙන් පරිපූර්න මිනිසුන් ද සිටී.මෙවෑනි ආකාරයෙන් මිනිස් ජීවිත ගොඩනෑගෙන්නට හේතු වූ කරුනු කාරනා ජම්මපතක් විග්‍රහ කිරීමෙන් හදුනාගන්නට උගත් ජෝතිශ වේදියෙකුට හෑකියාව පවතී.පුද්ගලයෙකුගේ ඉගනීම සහ බුදිමට්ටම පරික්ශා කිරීමට ජම්ම පතෙහි ලග්නය . ලග්නාදිපති.ගුරු සහ බුද ග්‍රහයන් ප්‍රදාන වශයෙන් පරීක්ශා කලයුතුය.එමෙන්ම ලග්නයෙන් පස්වෑන්න,නවවෑන්න ප්‍රදාන වේ.ලග්නයෙන් පස්වෑන්නෙන් සාමානය ඉගනීමත්,නවවෑන්නෙන් උසස් ඉගනීමත් පිලිබදව කරුනු කියවේ.

කේන්ද්‍රයක හතර,දහය සහ තුන්වෑන්නත් අනියමින් ඉගනීම සහ බුද්දිය පිලිබදව කියවේ.එමෙන්ම සදු සහ රවියන ග්‍රහයන්ගේ බල දුබලකම්ද ඉගනීමට ශක්තිය ලබාදේ.ඊට අමතරව ඉගනගන්නා වයසේ දී ඉගනීමට යහපත් ආකාරයේ දසාවක් ලබාතිබීමත් උසස් ඉගනීමකට යහපත උදාකරයි.

ඉගනීම සම්බන්දව යෙදෙන ග්‍රහපිහිටීම් කිහිපයක් පිලිබදව සලකා බලමු.

ගුරු ග්‍රහයා බවත්ව හතර වෑන්නේ හෝ දසවෑන්නේ පිහිටීම උසස් ඉගනීමකට යහපත්ය.එමෙන්ම ලග්නයෙන් පස්වෑන්නත් නමවෑන්නත් මෙහිදී බලවත් නම් නීතිමය අන්ශයක උසස් ඉගනීමකට මග සලසයි.

පස්වෑන්නත් නමවෑන්නත් බලවත්ව තිබියදී ලග්නය සහ ලග්නයෙන් දෙවෑන්නද සුබයන්ගෙන් බලවත් වූ විට කතිකාචාර්ය වරයෙකු දක්වා උසස් ඉගනීමකට යහපත් පිහිටීමකි

කුජ ග්‍රහයා දෙවෑන්නේත්,බුද ග්‍රහයා පස්වෑන්නේ හෝ නවවෑන්නේ බලවත් නම් ඉන්ජිනේරු හෝ තාක්ශනික අන්ශයක ඉදිරියට යාමට සුදුසු කමක් පෙන්වයි.

රවි හෝ කුජ දෙවෑන්න අදිපති ලෙසට සිකුරු හෝ ගුරු සමග යෝගව සිටීම තර්ක විද්යාව.මානසික විද්යාව වෑනි අන්ශයන්ගේ දක්ශතාවය පෙන්නුම් කරයි.

ගුරු හෝ සිකුරු බලවත්ව පහේ හෝ නවයේ සිටීම දර්ශනවාදය පිලිබදව උසස් දෑනුම ප්‍රකට කරයි.

බුද ග්‍රහයා මේශ.සින්හ.දනු. හෝ මිතුන තුලා කුම්බ යන රාශියක පිහිටි විට තියුනු බුද්දිය සහ ගනිතමය හෑකියාව වර්දනය කරයි.

බුද ග්‍රහයා වෘශබ මකර කන්යා යන රාශියක පිහිටි විට බුද්දිමත් බවේ කිසියම් පසුබෑමක් පෙන්වයි.

බුද ග්‍රහයා වක්‍රව කිසියම් හදහනක සුබ ස්තානයක පිහිටයි නම් එය ඉතා තියුනු බුද්දිමට්ටමකට ජම්මියා යොමු කරවන පිහිටීමකි.

බුද ග්‍රහය එක හතර පහ හත නවය දහය යන ස්තානයක බලවත් වීම,උසස් මතක ශක්තිය,කිසියම් කරුනක් ග්‍රහනය කරගෑනීම,පරීක්ශනයෙන් අවබෝද කර ගෑනීමේ හෑකියාව ආදී ඉගනීමට යහපත් තත්වයන් වර්දනය කරයි.

බුද ග්‍රහයා කටක හෝ වෘශ්චික යන රාශියක පිහිටා තිබියදී,ගුරු බලවත්ව නොසිටීනම් ජම්මියාගේ බුද්දිය වර්දනය කරගෑනීම පහසු නොවේ.

හදහනක පස්වෑන්න අදිපතියා බලවත්ව කේන්ද්‍රස්තානයක(1.4.7.10) පිහිටා ඈතිවිට ජම්මියා ඉතා උසස් ඉගනීමකට යොමුකරවයි.

පස්වෑන්න අදිපතියා වර්ගෝත්තම බලයෙන්(ලග්න කේන්ද්‍රයෙ ග්‍රහයා සිටින රශියේම,නවාන්ශක කෙන්ද්‍රයේද ග්‍රහයා සිටීම )සිටීනම් එම ජමියා යහපත් ඉගනීමක් ලබාගනී.

බලවත් වූ පස්වෑන්න අදිපතියාගේ මහදසාවක් ඉගනගන්නා වයසේදී ලබා ඈතිනම් එයද ඉතා උසස් ඉගනීමකට පුද්ගලයා යොමුකරවන සාදකයකි.

සදු ලග්නයේ පිහිටා වෙනත් අසුබ ග්‍රහයන්ගේ පාප බලපෑමකට හසුවේ නම් ජම්මියා ඉගනීමෙන් ප්‍රතිපල නොලබයි.

පස්වෑන්නට අසුබ බලපෑම් ලෑබීමද ඉගනීමෙහි බාදාවන් පෙන්වන සාදකයන් ය.

පස්වෑන්නත්.පස්වන්න අදිපතිත් බලවත්ව සිටියදී සදු ග්‍රහයා නමවෑන්නේ බලවත් වේ නම් ජම්මියා ඉදෙස්ගත අද්යාපනයකට යොමුකරවයි.

ජනක් පී කුමර්
Phone - 0702872322

5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online