රවි මහදශාව
රවි පූර්න ශුබපල ලබාදෙන ග්‍රහයෙකු නොවේ.ඈතෑම් විට සම්පූර්නයෙන් සුබ පලද,තවත් විටක සම්පූර්න අසුබ පලද ලබා දේ.රවිට අයත් මහදසා කාලය වසර හයකි.රාජ්ය අංශයෙන්,දේශපාලන අංශයෙන් මෙන්ම උසස් ප්‍රබූ පෑලෑන්තියේ අයගෙන්ද උපකාර වරප්‍රසාද ලබන,ලෑබෙන යුගයකි.නව සබදතා ගොඩනෑගෙන මෙම යුගයේ එවන් සබදතා නිසා යහපත් ප්‍රතිපලයන් ලෑබෙන්නට බොහෝ අවස්තා ලෑබෙනු ඈත.එහෙත් තීරනාත්මක සහ අවදානම් සහිත වගකීම් හිමිවන්නට පුලුවන.
සතුරන් අබිබවා ජයලබන්නට අවස්තාව ලෑබේ.ප්‍රසිද්ද වෙයි.එය හොද අතකින් හෝ නරක අතකින් විය හෑක.දශාව මුලදී ,මෑදදී හෝ දශාව අගදී හදිසි අනතුරක් සිදුවීමට තිබෙන ඉඩ කඩ වෑඩිය.නිතර සිත්තෑවුල් ද ඒ සමගම සතුටද ඈතිවීමට කරනු යෙදේ.ගෙදර දොර සහ මිතුරන් සමග නිතර සිත් අමනාපකම් ඈතිවීමට කරුනු යෙදේ.කරගෙන එන කටයුතු අතර මග නවතින්නට පුලුවන.රවි ග්‍රහයා ජම්ම පත්‍රයේ දුර්වලනම්,දනහානියද,තනතුරු අහිමිවීම මෙන්ම,නීතිමය ගෑටලු ඈතිවීමටද කරුනු යෙදේ.
සදු මහ දශාව
වසර දහයක් පුරාවට බලපවත්වන සදුගේ මහ දශාව,අසුබ පල අඩුවෙන්ද සුබපල වෑඩියෙන්ද හිමිවන කාලයකි.නමුත් එය තීරනය වන්නේ ජම්ම පතෙහි සදු ග්‍රහයා බලවත්ව හෝ දුබලව පිහිටන ආකාරයටය.සදු ග්‍රහයා බලවත් නම්, නිතර ප්‍රිතිය,සිතෙහි සෑනසුම බලපවත්වයි.අසල්වාසීන් සමග හිතවත් කමින් කාලය ගතවේ.රෑකියා ස්තානයේ සාමය සතුට ගෙන දෙන කාලයකි.තනතුරු ලාබ ලෑබෙන යුගයකි.කාලා අංශයට සම්බන්දව කටයුතු කරන අයට ඉතාමත් වාසනාවන්ත යුගය මෙය වේ.ඉඩම්ලාබ,නිවාස ලාබ,රෑකියා ලාබ මෙන්ම තම පවුලේ උදවිය සමය සතුටින් සාමයෙන් කල්ගත කරන යුගයද සදුමහ දශාව වේ.ජීවිතයේ නව පියවරක් ඉදිරියට තබමින් ඉතා සාර්තකව සියලුම කටයුතු කරගතහෑකි යුගයද මෙය වේ.
සදු ග්‍රහයා ජම්ම පතෙහි දුර්වලව පිහිටියේ නම්,විශාල වශයෙන් සිත්තෑවුල් ඈති වීමට කරුනු යෙදේ.විස්වාශය බිදවෑටේ.අපකීර්තියට පත්වේ.ස්ත්‍රින් නිසා දන හානිද සිදුවන්නට පුලුවන.ජලයෙන් වන පීඩාද,සෙම් රෝගද,දීර්ග කාලීන ශාරීරික දුර්වල තාවයන්ද මතු වීමට ඉඩ තිබේ.
ජනක් පී කුමර්
Phone - 0702872322
