කුජ මහදශාව.
කුජට අයත් මහදශා කාලය වසර හතකි.කුජ මහදශාවද සුබදශාවක් ලෙස නොසෑලකේ.එහෙත් බලවත්ව කුජ ග්‍රහයා කිසිවෙකුගේ කේන්ද්‍රයක පිහිටා ඈත්නම්,සුබපල වෑඩියෙන්ද,අසුබපල අඩුවෙන්ද හිමිවෙනු ඈත.එහෙත් දුබලව පිහිටියා වූ හදහනකට අසුබපල කුජ මහදශාවේදී හිමිවෙනු ඈත.බලවත්ව පිහිටියා වූ කුජගේ මහදශාවකදී හදිසි දනලාබ,ගේදොර ඉඩකඩම් හිමිවීමක් සිදුවිය හෑක.සතුරන අබිබවා ජයග්‍රහන හිමිවේ.කලා කටයුතු මගින් සාර්තකත්වය ලබයි.වෙලදාම ආදී රෑකියා මගින් ලාබ ලෑබෙන යුගයකි.
කුජ ග්‍රහයා දුබලව සිටි විට එම දශාවේ දී,ඕනෑම කටයුත්තක් හොදින් හෝ නරකින් ජයගන්නට සිතයි.ස්ත්‍රීන් නිසා මුදල් හානි ගෙනදේ.මිතුරන් නිසාද රහස් ක්‍රමයන් අනුගමනය කරන නිසාද ගෑටලු මතුවන කාලයකි.නීතිමය ප්‍රශ්න මතුවිය හෑක.අවි ආයුද නිසාද,වස විස නිසාද,සමහර විටක රිය අනතුරු මගින්ද පීඩා වීමට පුලුවන.තමාට හෝ පවුලේ කෙනෙකුට අසනීපයක් වීම නිසා මුදල් වියදම් වී යනවා ඈත.චරිතයට හානි වන කටයුතු නිසා මනස පීඩාවට ලක්වීමට ඉඩ තිබෙන කාලයකි.මේ නිසා ඉවසීමෙන්ද,ප්‍රවේසමෙන්ද කටයුතු කලයුතු කාලයකි.
රාහු මහදසාව.
රාහුගේ මහදසා කාලය වසර දහ,අටකි.(18)මෙම කාලය සුබ පල හිමිවෙතොත් එය ඉතා ස්වල්ප වශයෙන් හිමිවේ.ඈතෑම් විට දෑඩි දුක්වලට මුහුන දීමට සිදුවන කාලයක් විය හෑක.රාහු බලවත්ව පිහිටියේ නම්,විදේශ රෑකියා,විදේශයන්ගෙන් මුදල් ලාබ ලෑබෙන කාලයකි.මුතු මෑනික් වෑනි බූමි ලාබ,ලොතරෑයි දිනුම් සහ සූදුවෙන් ජයග්ග්‍රහන හිමිවන කාලයකි.අන්සතු දනයද,රහස්ක්‍රම මගින් දනයද හිමිවන කාලයකි.
රාහු ග්‍රහයා ජම්ම පතෙහි දුර්වලව පිහිටියේ නම්,,ගෙදර දොර සමගියට හානිවන කරුනු යෙදෙන්නට පුලුවන.ඉගනීම බිදවෑටේ.රාස්තියාදුව සහ අනුන්ගේ උපක්ක්‍රම වලට අසුවන්නට පිලිවෙන.කිසියම් වාසියකට කරුනක් යෙදුනත්,එය කලමනාකරනය කරගෑනීමට නොහෑකිවීම නිසා වාසිය අවාසියක් බවට පත්වේ.රෑකියාවේ බිදවටීම් සිදුවන කාලයක් වේ.කල් පවතින රෝග වලටත්,සමාජරෝග සහ වසවිස ආදියෙන් වන පීඩාත් නිසා ශරීරය දුර්වල විය හෑක.කල්පනා කාරීබව අඩුනිසා ඉදහිට හෝ ලෑබෙන ලාබයකින් ප්‍රයෝජනයක් ගෑනීමට තරම් යහපතක් නොලෑබේ.වෑඩිහිටි හිතවතෙකුගේ මරනයක් සිදුවීම නියමයි.එමෙන්ම,තම ජීවිතයේ සුවිශේශී වෙනසක් සිදුවිය හෑකි කාලයකි.
ගුරු මහ දසාව
ගුරු මහදසාව වසර දහසයක් පුරා ක්‍රියාත්මක වේ.මෙම කාලය සුබපල වෑඩියෙන්ද,අසුබපල අඩුවෙන්ද හිමිවන වාසනාවන්ත කාලයකි.එහෙත් එය ඔබගේ ජම්ම පතෙහි ගුරු ග්‍රහයාගේ බලදුබක කම් මත තීරනයවේ.
රෑකියා ලාබ.දනලාබ.රෑකියාවේ උසස්වීම්,උසස් අයගේ උපකාර ලෑබෙන යුගයකි.ගරු නම්බුනාම.ගේ දොර ඉඩකඩම් හිමිවීමද සිදුවිය හෑක.නව සමාජයකට යොමුවීමටත්,නව මිතුරන් ඈසුරු කිරීමටත් අවස්තාව උදාවේ.උරුම හිමිකම් වලින් ලාබ ලෑබේ.නුවනින් කටයුතු කරන යුගයකි.කාන්තාවන්ගෙන් සුවිසේශී උපකාර හිමිවේ.විබාග ආදියෙන් සමත්වේ.ගෙදරදොර පෑවති බොහෝ ගෑටලු විසදේ.තමාගේ පවුලේ හෝ හිතවතෙකුගේ විවාහයක් සිදුවනවා ඈත.තමා එතෙක් විවාහ වී නොමෑතිනම් වාසනාවන්ත විවාහයකට කටයුතු සෑලසේ.
අසුබ පලයන්ලෙස ආර්තික පාඩුද,වෑඩි වෙහෙස මහන්සියද.නීතිමය ගෑටලුද.සතුරු කරදරද සිදුවිය හෑක.
සෙනසුරු මහදසාව
සෙනසුරුගේ මහදසාව වසර දහනවයකි.ශනි මහදසාව අසුබපල ලබාදෙන කාලයක් ලෙස නම්කර තිබුනද ඔබගේ කෙන්ද්‍රයෙහි ශනි ග්‍රහයා බලවත්ව සිටින්නේ නම් එය එසේ සිදුනොවන්නට පුලුවන.ශනි බලවත්නම්,පෑරනි උරුමයන්ගේ හිමිකම් මේ කාලයේදී ලෑබේ.ප්‍රදානීන්ගේ බොහෝ උපකාර ලෑබෙනු ඈත,උපතේ දී ශනි බලවත්ව තිබුනාවූ අයට මෙම මහදශා කාලයේදී දරු සම්පතක් ලෑබුනේ නම් එය ඉතා වාසනාවන්ත දරු උපතක් වනු ඈත.මව්ගේ නෑ හිතවතුන්ගේ උදව් උපකාර ලබේ.
මානසිකව දෑඩි පීඩනයට ලක්වන මෙම යුගයේදී දෑඩි ඉවසීමෙන් කටයුතු කල යුතුය.ශනිමහදසාවේ දී ජීවිතයේ පරිනත බවක් ලබාගෑනීමටත්,ලෝකෝත්තර දර්මයන් අවබෝද කරගෑනීමටත්,සිත බලවත්ව දියුනු කරගෑනීමට අවස්තාව ලෑබෙන බවත් ජෝතිශයේ සදහන් වේ.
රෝගාබාද සෑදෙන නමුත්,ඒවා දිගින් දිගටම පවතින ඒවා මිස,හදිසි ආපදාවන්ට ලක්වන ආකාරයේ ඒවා නොවේ.කම්මෑලි ගති මතුවේ.කිර්ත්ය සහ ගෞරවයට හානි වන කරුනු යෙදෙන්නට අවස්තා ඈතිවේ.රකියාවේ එතරම් සහනදායී සතුටු තත්වයක් බලාපොරොත්තු විය නොහෑක.දනය අතින් දුර්වල උවද හදිසියේ මෙන ලබෙන මුදලකින් බාදාවන් අතරින් හෝ ජීවිතය පවත්වාගෙන යාමට ශක්තිය ලෑබේ.නීතිමය ගෑටලු මතුවිය හෑක.මව පියා දූදරුවන් සමගත්,සහෝදර සහෝදරියන් සමගත් ගෑටලු මතුවන කාලයකි.ඉදහිට යහපත ද උදාවනු ඈත.කෙසේ වෙතත් සෙනසුරු මහදසාව ජීවිතයට නිවෑරදි මග කියාදෙන යුගයක් වේ.
බුද මහ දසාව
බුද මහදසාව වසර දහ හතක් පුරාවට ක්‍රියාත්මක වේ.සුබපල වෑඩියෙන්ද සුබපල අඩුවෙන්ද ලබාදෙන බුද ග්‍රහයාට අයත් බුද මහ දසාව,දසාව ආරම්බයේ සිට අවසානය දක්වා ප්‍රතිපල ප්‍රදානය කරයි.එය යහපත් ද අයහපත් ද කියා තීරනය වන්නේ,ජම්ම පතෙහි ග්‍රහයා සිටින බල දුබල කම් මතය.
රාජ සම්මානද.ගේදොර ඉඩකඩම් යාන වාහනද.කීර්තිය,ප්‍රසන්සාව ද,දේශ දේශානතරවල ගමන් බිමන්ද,ඈතිවීමට කරුනු යෙදේ.උසස් මට්ටමේ සමාජයක් සමග එක්වීමට කරුනු යෙදේ.යලිත් තරුන වූවා සේ දෑනේ,තරුනවයසේ නම් බොහෝ ප්‍රේම සම්බන්දතා ගොඩනෑගේ.ජීවිතයේ මිහිර අත්විදින යුගය මෙය වේ.ඉගනීම යහපත් කරගෑනීමටත්,එයින් උසස් ප්‍රතිපල ලබාගෑනීමටත් හෑකිවේ.කලාවන්ට සහ සංනිවේදන අන්ශයන්ට යොමුවීමටත් එයින් යහපත උදාකර ගෑනීමටත් වාසනාව උදාවනු ඈත.
කේතු මහදසාව
සත්වසරක් ගෙවියයුතු කෙතුමහදසාව,සුබ අසුබ සම සම වූ බුද්දිමය දියුනුවට යහපත් වූද ජීවිතයේ යම් යම් අංශයන්ගේ පරිහානියක් ලබාදෙන්නා වූ යුගයකි.ලෞකික දියුනුවේ ක්‍රියාකාරීත්වය පසුබෑමකට ලක්වන කාලයකි.ඉගනගන්නා වයසේ පසුවන අය සදහා ඉතා හොද කාලයකි.පිංදහම් කිරීමට යහපත්ය.ආර්තිකයේ මහා විශාල දියුනුවක් නොලෑබූවත්,එයින් විශාල පාඩුවක්ද සිදුනොවේ.මුදල් වියදම් වීම වෑඩිය.චිත්ත විවේකය අදිකව ලෑබෙන නිසා සිත ඒ ඒ අත ගමන් කිරීමෙන් විවිද ගෑටලු මතුකරගන්නා යුගයකි.රහසිගත සම්බන්දතා නිසා ගෞරවයට හානි සිදුවේ.බිරිදට ,ස්වාමියාට හෝ දරුවනට ලෙඩදුක් ඈතිවීමට පුලුවන.හදිසියේ සෑත්කම් වලට යොමුවීමට සිදුවේ.තමා නිවෑරදි වුවත් බොහෝ චෝදනාවන්ට ලක්වන්නට සිදුවේ.පෙර කරනලද පව් පසුපස එයි.සමේ රෝග,වාත රෝග හා ලේ විශවීමේ රෝග ඈතිවීමට පුලුවන.එක් අරමුනක සිත පවත්වාගෑනීමට නොහෑකිවීම නිසා ජීවිතයේ බොහෝ පාඩු විදින්නට සිදුවන වසර හතක කාලයකි.
සිකුරු මහදසාව.
සිකුරු මහදසාව වසර විස්සකි.කේතු මහ දසාවේදී සිදුවූ සියලු අයහපත යහපත දක්වා වර්දනය කරගෙන ඉතා සතුටින් සාමයෙන් කාලය ගතකරන්නට ලෑබෙන යුගය වේ.සිකුරු මහදසාවේදී අසුබ පල අබිබවා සුබපල මතුවී එයි.රාජකීයන් සමගද,පුරුශයන් හා ස්ත්‍රින් සමගද දෑඩි ඈසුරක් ගොඩනෑගෙන කාලයකි.සියලු සතුට උදාවන මෙම යුගයෙදී,යානවාහන ඉඩකඩම් ලෑබී කම්සෑප බුක්ති විදීමට තරම් වාසනාව උදාවේ.
කලා අංශයේ හා ජනමාද්ය අංශයේ කටයුතු කරන අය සදහා විසේශ වර්ප්ප්‍රසාද ,ජයග්‍රහන හිමිවන කාලය මෙය වේ.ගෘහ ජීවිතය ඉතා වාසනාවන්තව ගෙවීයයි.සියලු සිතුවිලි යතාර්තයක් වේ.මංගල උත්සවයන්ට සහබාගීවීමටත් තමා විවාහන වයසේ පසුවෙන්නෙක් නම් විවාහ වීමටත් අවස්තාව ලෑබෙනවා ඈත.නෑ හිතමිතුරන්ගෙන් උදව් උපකාර ලෑබෙන යුගයකි.කිර්තිය,ප්‍රසිද්දිය දසත පෑතිරේ.ශාරීරික ශක්තිය වර්දනය වේ.ලිංගික සබදතාවයන් සදහා වෑඩියෙන් සිත යොමුවේ.ඉගනගන්නා අයවලුන් සදහා එතරම් සුබ කාලයක් නොවේ.සතුට බුක්තිවිදීමට යාම නිසා ඉගනීම කඩාකප්පල් වේ.කෙසේ වෙතත් මවට හෝ පියාට මාරක ගෙනදෙන්නට පුලුවන.අතිදාවනය නිසා සියලු සම්පත් විනාශවී යන්නටද පුලූවන.එම නිසා ප්‍රවේසමෙන් කටයුතුකල යුතුය.
ජනක් පී කුමර්
Phone - 0702872322
_0.png)