එකොලොස් වෑන්න අදිපතියා සිටින ස්තානය අනුව පලාපල.


එකොලොස් වෑන්න අදිපතියා එකොලහේ සිටී නම් එය බලවත් පිහිටීමකි.සමාජයේ ප්‍රසිද්ද කෙනෙක් වේ.කතිකත්වයෙන් යුතු කෙනෙක් වේ.පොත් පත් ලිවීමේ දක්ශයෙක් වේ.ඉතා උගතෙක් වේ.දනයෙන්ද බලවත් වූවෙක් වේ.එසේ නෑතත් දනවතෙක් ලෙස ක්‍රියා කරයි.දවසින් දවස දනවතෙක් වේ.අපල කාලයන් වලදී පසුබෑමකට ලක් උවත්,යලිත් ඉක්මනින් මතුවී එයි.

එකොලොස්වෑන්න අදිපතියා දොලහේ නම්,ඈසුරට ලෑබෙන්නේ ඉතා පහත් සිතුවිලි සහිත අය වේ.එවෑන්නන් ඈසුරට ප්‍රිය වේ.පහත් රෑකියාවක් හිමිවේ.

එකොලොස්වෑන්න අදිපතියා ලග්නයේ නම්,මහත් බලවන්තයෙක් වේ.උසස් ගති පෑවතුම් සහිත කෙනෙකි.පුදුම දේ කිරීමේ සමතෙක් වේ.රූපයෙන් ප්‍රියවූ ශක්තියෙන් බලවත් වූ කෙනෙක් වේ.

එකොලොස්වෑන්න අදිපතියා දෙක හෝ තුනේ නම් දං දීමට සිත ඈති කෙනෙකි.පිං කිරීමට සිත්වේ.සහෝදරයන් පිලිබදව හිතවත් වේ.බිරිදටත් දරුවන්ටත් හිතවත් වේ.වෑඩ කටයුතු වලදී දක්ශයෙකි.බඩේ කෑක්කුම් රෝගයක් තිබිය හෑක.එකොලහ අදිපති දෙකේ නම් ඉක්මනින් විවාහ වේ.

එකොලොස්වෑන්න අදිපතියා හතරේ හෝ පහේ නම්,ඉතා වාසනාවන්ත පිහිටීමකි.ගේ දොර ඉඩකඩම් ඈති.යහපත් බිරිදක හෝ ස්වාමියෙකු ලබන.දරුවන් වාසනාවන්ත කරන ග්‍රහ පිහිටීමකි.දර්මයට ප්‍රිය වේ.තමාගේ කටයුතු ඉතා පහසුවෙන් ඉටු කරයි.

එකොලොස්වෑන්න අදිපතියා හයේ නම් ශුබ නොවේ.නෑයන් හතුරු වෙති.වෑඩිමහල් සහෝදරයන් සමය හිත හොද නෑත.තම වෙන කෙනෙකු යටතේ සේවය කරන්නෙක් වේ.තමාගේම කටයුතු සාර්තක කරගෑනීමට නොහෑකි වේ.

එකොලොස්වෑන්න අදිපතියා හතේ හෝ අටේ නම්,තමාට ලෑබෙන බිරිද හෝ ස්වාමියා රූපයෙන් පිරිපුන් කෙනෙක් වේ.අටේ නම් විවාහයෙන් විශාල ආදායමක් ලබයි.විවාහයෙන් පසු බොහෝ දනවතෙකු වේ.කාමබෝගී සෑපවත් ජීවිතයක් ලබයි.

එකොලොස්වෑන්න අදිපතියා නවයේ හෝ දහයේ නම් රජයේ රෑකියා හිමි.රජයෙන් ගෞරව ලබන ගුනවත් පිංවත් කෙනෙක් වේ.උසස් අයම ඈසුරු කරයි.සත්ය කතා කරයි.යහපත් ස්තිර සිතක් හා බක්තිමත් ආකල්ප ඈත්තෙක් වේ.

ජනක් පී කුමර්
Phone - 0702872322
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online