දොලොස්වෑන්නාදිපති හයේ හෝ දොලහේ නම්,මවගේ මරනයෙන් පසු බොහෝ දුකට පත්වේ.තමා රෝගී වීම නිසා තම වෑඩකටයුතු අතපසු වේ.තම බිරිද ,ස්වාමියාගේ සහ දරුවන්ගේ වෑඩ කටයුතු කරගෑනීමට නොහෑකි වීම නිසා දුකට පත්වේ.නමුත් ශක්තිය අදික කෙනෙකි.කිසිවක් අනාගතය සදහා ඉතිරි කරන්නට නොහෑකි වේ.
දොලොස්වෑන්නාදිපතියා ලග්නයේ හෝ හතේ නම් , සෙම් සහිත රෝගියෙකි.බිරිදට ,හෝ ස්වාමියාට අපල සහිතය.තමා දනයෙන් එතරම් බලවත් අයෙකු නොවේ.
දොලොස්වෑන්නාදිපතියා දෙකේ හෝ අටේ ද අසුබ නෑත.දර්මය කෙරෙහි බක්තිමත් අයෙකි.ප්‍රිය වචන කතාකරන ගුනයහපත් අයෙක් වේ.
දොලොස්වෑන්නාදිපතියා තුනේ හෝ නවයේ නම් තමාගේම සෑපය සලසා ගන්නට උත්සහ කරන අයෙක් වේ.තම බිරිදගේ හෝ ස්වාමියා ගේ යුතුකම් වත් දෙමාපියන්ගේ යුතුකම්වත් ගෑන සිතන්නෙක් නොවේ.
දොලොස්වෑන්නාදිපතියා දහයේ හෝ එකොලහේ නම්,තරමක ප්‍රමානයේ දනය බලය හිමි කෙනෙක් වේ.දුක් කරදර නිවාගන්නට තරම් ප්‍රමානවත් ආකාරයට පමනක් සියල්ල ලෑබේ.නමුත් තම දරුවන්ගෙන් යහපතක් ඉටු නොවේ.
දොලොස්වෑන්නාදිපතියා හතරේ නම්.තම නෑ හිතවතුන් සමග සමගියෙන් සාමයෙන් කල්ගෙවන කෙනෙකු නොවේ.ජීවිතයේ අවසාන කාලය සතුටින් ගතකරන්නට අවස්තාව අහිමිය.
දොලොස්වෑන්නාදිපතියා පහේ නම්,ඉගනීමට බාදා කරයි.දරුවන් සදහාම තම කාලය ගතකරයි.ඔවුන් නිසා බොහෝ වියදම් දරන්නට සිදුවේ.
ජනක් පී කුමර්
Phone - 0702872322
