විවාහයට බාදාවක් වූ කුජ සහ කුජ බෞම දෝශය.

මෙරට සහ දකුනු ඉන්දියනුවන් අතර වෑඩිවශයෙන් කතා බහට ලක්වන කුජ ග්‍රහයා,විවාහයට මහත් බාදාගෙනෙන ග්‍රහයෙකි.කුජ ග්‍රහයාගෙන් කුජ බෞම දෝශය නම් ප්‍රබල විවාහ බාදාවක් ඈති කරයි.එහෙත් උතුරු ඉන්දියානු හදහන් කරුවන් විවාහ පරීක්ශාවේදී මෙම දෝශය පිලිබදව වෑඩි සෑලකිල්ලක් දක්වනු නොලෑබේ.

මෙරට හදහන් කරුවන් හදහනක විවාහ පරීක්ශා කිරීමේදී මෙම දෝශය පිලිබදව වෑඩි සෑලකිල්ලක් දක්වයි.

කුජ බෞම දෝශය හදහනක යෙදෙන ආකාරය මෙසේය.

හදහනක ලග්නය දෙවෑන්න.හතරවෑන්න.හත්වෑන්න.අටවෑන්න.දොලොස්වෑන්න(1.2.4.7.8.12) යන ස්තානයක කුජ ග්‍රහයා සිටීනම් එය කුජ බෞම දෝශයයි.

එමෙන්ම චන්ද්‍ර ලග්නයෙන්, ලග්නය දෙවෑන්න.හතරවෑන්න.හත්වෑන්න.අටවෑන්න.දොලොස්වෑන්න(1.2.4.7.8.12) යන ස්තානයක කුජ ග්‍රහයා සිටීනම් එය කුජ බෞම දෝශයයි.

එමෙන්ම සිකුරු ග්‍රහයා සිටින ස්තානයෙන් , ලග්නය දෙවෑන්න.හතරවෑන්න.හත්වෑන්න.අටවෑන්න.දොලොස්වෑන්න(1.2.4.7.8.12) යන ස්තානයක කුජ ග්‍රහයා සිටීනම් එයද කුජ බෞම දෝශයයි.

මෙහිදී ලග්නය මුල් කරගෙන යෙදෙන කුජ දෝශය එතරම් බලවත් නෑත.සදු ලග්නය මුල්කරගෙන යෙදෙන කුජ දෝශය තරමක බලවත් ය.සිකුරු ග්‍රහයා මුල්කරගෙන යෙදෙන කුජ දෝශය වඩාත් බලවත් වේ.එය විවාහයට බලවත් බාදාවක් ගෙන එයි.

තවද ස්ත්‍රි හදහනක යෙදෙන කුජ දෝශය පුරුශ හදහනක යෙදෙන කුජ දෝශයට වඩා බලවත්වේ.මෙලෙස කුජ දෝශය පවත්නා කේන්ද්‍ර හිමියන් නිවෑරදි ආකාරයෙන් පොරොන්දම් ගලපා විවාහය සිදුකරගත යුතුය.එසේ නොමෑතිනම් දෙදෙනා අතර අසමගිය වර්දනයවී අවසානයේ විවාහ ජීවිතය බිදවෑටීමට ඈති ඉඩ වෑඩිය.

ඉහත සදහන් කරන ලද කුජ බෞම නම් විවාහයට බලපෑම් කරන දෝශය යම්කිසි හදහනක පෑවතියත් එම දෝශය බිදෙන අවස්තාද හදහනේ පෑවතිය හෑක.එලෙස එම දෝශය බිදීමට අවශ්ය සාදක හදහනේ පවතීනම් ,කුජ දෝශයෙන් විවාහයට ඈතිකරන අසුබ බලපෑම බලපවත්නේ නොවේ.

කුජ බෞම දෝශය බිදෙන ආකාරයන මෙසේය.

යම්කිසි හදහනක කුජ එක.දෙක.හතර.හත.අට සහ දොලස යන ස්තානයන්හි සිටින්නේ,මේශ.කටක.තුලා.මකර යන රාශියක නම් කුජ දෝශය බිදේ.

කුජ ග්‍රහයාට ගුරු ග්‍රහයාගෙන් දෘශ්ටියක් ලෑබුවේ නම් දෝශය බිදේ.

කුජ සිටින්නේ සිකුරු ග්‍රහයා සමග සන්යෝගව නම් දෝශය බිදේ.

කුජ දෙවෑන්නේ සිටින්නේ මේශ.වෘශ්චික.මිතුන.කන්යා යන රාශියකනම් දෝශය බිදේ.

කුජ හතරවෑන්නේ සිටින්නේ මේශ.වෘශ්චික.වෘශබ.තුලා යන රාශියකනම් දෝශය බිදේ.

කුජ හත්වෑන්නේ සිටින්නේ.මේශ.වෘශ්චික.කටක.මකර රාශියකනම් දෝශය බිදේ.

කුජ අටවෑන්නේ සිටින්නේ කටක.මකර.දනු.මීන යන රාශියකනම් දෝශය බිදේ.

කුජ දෝලොස්වෑන්නේ සිටින්නේ මිතුන.කන්යා.වෘශබ.තුලා යන රශියකනම් දෝශය බිදේ.

දෙදෙනාගේම හදහන් තුල කුජ සිටින්නේ එකම රාශියකනම් දෝශය බිදේ.

කුජ බලවත් සදු සමග සිටීනම් එවිටද කුජ බෞම දෝශය බිදීයයි.

ජනක් පී කුමර්
Phone - 0702872322

5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online