ලග්න දොලසට යෙදෙන කනවෑන්දුම් යෝග.
මේෂ ලග්න හදහනක.සිකුරු ග්‍රහයා,ලග්නයෙන් තුන්වෑනි බාවයේ සිටියදී,දෙක සහ හතර යන රාශියක,රවි සහ කුජ වෙන වෙනම සිටීම කනවෑන්දුම් යෝගයකි.රවි කුජ සිකුරු යන දසාවන්හිදී විවාහය බිදවෑටිය හෑක.
වෘෂභ ලග්නයට කුජ ග්‍රහයා දෙවෑනි බාවයේ සිටීම කනවෑන්දුම් යොගයයි.කුජ මහ දසාවේදී මෙය ක්‍රියාත්මක වේ.
මිතුන ලග්න හදහනක කුජ දෙවෑනි බාවයේ සිටීනම් ඉදිරියට කුජ මහදසාවක් පෑමිනේ නම් විවාහය බිදීයාමට ඈති ඉඩකඩ වෑඩිය.
කටක ලග්න හදහනක රාහු ග්‍රහයා හත්වෙනි බාවයේ සිටීනම් එය කනවෑන්දුම් යෝගයයි,රාහු මහදසාවේ දී මෙය ක්‍රියාත්මක වේ.
සින්හ ලග්න හදහනක සෙනසුරු සහ බුද යන ග්‍රහයන් ලග්නයෙන් දෙක හතර.හත අට හෝ දොලොස්වෑන්නේ යෝගව සිටීනම් එය කනවෑන්දුම් යෝගයයි.මෙම යෝගය සෙනසුරුගේ හෝ බුදගේ මහදසාවක ක්‍රියාත්මක වී විවාහය බිදීයයි.
කන්යා ලග්නයට ගුරු සහ කුජ යන ග්‍රහයන් යෝගව,හදහනේ කොතනක සිටියත් කනවෑන්දුම් යෝගය බලපවත්වයි.කුජ මහ දසාවකදී විවාහය බිදවෑටේ.
තුලා ලග්නයට අසුබයෙකු ලෙස සෑලකෙන ගුරු ග්‍රහයා,ලග්නයෙන් දෙවෙනි බාවයේ සිටීනම් එය කනවෑන්දුම් යොගය වේ.ගුරු මහ දසාවේදී විවාහය බිදවෑටේ.
වෘශ්චික ලග්න හදහනක සිකුරු ග්‍රහයා ලග්න බාවයේ සිටීමත් කනවෑන්දුම් යොගය වේ.මෙය සිකුරු මහ දසාව තුලදී ක්‍රියාත්මක වේ.
දනු ලග්නයට සදු ග්‍රහයා අසුබපල ගෙන දේ.මෙම සදු ග්‍රහයා දනු ලග්න හදහනක අටවන බාවයේ සිටීනම් එයද කනවෑන්දුම් යෝගයක්.මෙම යෝගය සදු මහදසාවකදී ක්‍රියත්මක වේ.
මකර ලග්නයට හත අදිපතියාවන සදු ග්‍රහයා,මකර ලග්න හදහනක ලග්න බාවයේ සිටීනම් එය කනවෑන්දුම් යෝගයයි.සදු මහදසාවකදී විවාහය බිදවෑටේ.
කුම්බ ලග්න හදහනක සදු සහ රවි යන ග්‍රහයන් යෝගව ලග්නයෙන් දෙවෙනි බාවයේ සිටීනම් එය කනවෑන්දුම් යොගයයි.රවි මහදසාවේදී විවාහය බිදීයයි.
මීන ලග්න හදහනක ලග්නයෙන් දෙවන බාවයේ කුජ සිටීම කනවෑන්දුම් යෝගය වේ..මෙය කුජ මහ දසාවකදී මෙය ක්‍රියත්මක වේ.
ඉහත සදහන් කරන කනවෑන්දුම් යෝග බිදීයන අවස්තා කිහිපයකි.
කනවෑන්දුම් යෝගය ගෙන දෙන යෝගකාරක ග්‍රහයාට බලවත් ගුරුග්‍රහයාගේ දෘශ්ටියක් ලෑබේ නම් යෝගය බිදේ.
පොරොන්දම් නිවෑරදිව පරීක්ශාකර විවාහය සිදුකර ගෑනීමෙන් මෙම දෝශය බිදීයයි.
තවද මෙම යෝගයට යෝගකාරක වන ග්‍රහයාගේ මහදසාවක් ජීවිත කාලයතුල නොලබයි නම්,හෝ එම දසාව විවාහයට පෙර ලබා අවසන්ව ඈත්නම් හෝ මෙම කනවෑන්දුම් යෝගය ක්‍රියාත්මක වන්නේ නෑත.
ජනක් පී කුමර්
Phone - 0702872322
