රවි කුජ බුද සංයෝගය.
මෙම සංයෝගය ඈති අය නපුරෝ වෙති.කොතරම් දනය හෝ සෑප පහසුකම් තිබුනත් ඒවා බුක්තිවිදින්නේ නෑත්.මසුරු කමින් එකතු කරයි.ලෑජ්ජා බය නෑති අනුන් තලාපෙලා රවටන්නන් වේ.
රවි කුජ ගුරු සංයෝගය.
මෙම සංයෝගය ඈති අය යුක්ති ගරුක දාර්මිකයෝ වෙති.බලවත්ය.විශ්වාසවන්තයෙකි.තම පවුලේ සාමාජිකයන් කෙරෙකි ඈල්ම ඈති කෙනෙකි.පසුවයසේ දී බෝහෝ දනය ඈත්තෙක් වේ.
රවි කුජ සිකුරු සංයෝගය.
මෙම සංයෝගය ඈති අය ශරීර ශක්තියෙන් හා බලයෙන් යුත් කෙනෙකි.උසස් කෙනෙක් වේ.අදික කාම ආශාවන් ඈති අයෙකි.නමුත් නරකට යොමුවීමට බොහෝදුරට ඉඩ තිබේ.
රවි කුජ ශනි සංයෝගය.
මෙම සංයෝගය ඈති අය වේගවත්ය.බලවත්ය.දනවත්ය.සතුරන් විනාශ කරන්නෙක්වේ.ඒ සුබස්තානයක යෙදුන විටය.දුබල ස්තානයක නම්,සිහි මද රෝගයන් ඈති කරයි.නෑයන් සතුරු කරයි.ලේ විශවීම්ද ලේ නහර පිපිරීම්ද ඈතිවිය හෑක.
රවි බුද ගුරු සංයෝගය.
මෙම සංයෝගය ඈති අය තීක්ශන නුවන සහිතය.සත්ය ගරුකරයි.ඉගනීමේ දක්ශයෙකි.පන්ඩිතයෙකි.රජයේ රෑකියා ලබයි.එමගින්ම් දනය ලබයි.ප්‍රසිද්දිය ලබයි.