රවි බුද සිකුරු සංයෝගය.
මෙම සංයෝගය ඈති අය රූපයෙන් අගතෑම්පත් අයවේ.සෑපට කෑමති වේ.ඉගනීමටත් කලා අංශයටත් යහපත් පිහිටීමකි.ඒ අංශයන්ගේ ඉදිරියට යාම පහසු කරවයි.
රවි බුද ශනි සංයෝගය.
මෙම සංයෝගය යහපත් නොවේ.මෙම සංයෝගය ඈති අය ගම රට හෑරයයි.තම නෑ හිතවතුන්ගෙන් වෙන්ව යයි.පිටපලාත්වල ජීවත්වන්නේ යහතින් නොවේ.දූශිත පුද්ගලයන්වේ.මෙම ග්‍රහයන්ගේ දසාකාලය යහපත් නෑත.
රවි ගුරු සිකුරු සංයෝගය.
මෙම යෝගය සහිත පුද්ගලයා පවුලට යහපත් නොවේ.නමුත් දනය හා බලයට යහපත්ය.තම කටයුතු කරගෑනීමට තරම් හෑකියාවක් පවතී.එයට බලවත් බුද්දියක් පවතී.තම පරපුරේ බලවතා වන්නට තරම් ශක්තිමත් බලයක් පවතින අයෙකි.
රවි ගුරු ශනි සංයෝගය.
මෙම යෝගය යහපත් වන්නේ ශනි බලවත් නම් පමනි.අමාරු රාජකාරී සදහා යහපත් පිහිටීමකි.නමුත් තද ඊර්ශා කාරයෙකු වේ.ස්තිර දනය ඈති අයෙක් වේ.
රවි සිකුරු ශනි සංයෝගය.
මෙම සංයෝගයද යහපත් නෑත.මෙම සංයෝගය සහිත අය නිතර නින්දා අපහාස ලබයි.උඩගු කෙනෙක් වේ.මෙම සංයෝගය යෙදී ඈති ස්තානය සම්බන්ද කාරක අයිතිය විනාශ කරයි.මුදල් බලයද දුර්වල වේ.මෙම සංයෝගය සහිතව තිබෙන කේන්ද්‍ර හිමියන්ගේ වෙනත් බලවත් යෝගයක් නෑතිනම් ඉතා අවාසනාවන්තයෙක් කරයි.
![]() | ජනක පී කුමාර හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය |
