සදු කුජ බුද ග්‍රහසංයෝගය.

මෙය සුබ නෑත.අනුන්ට අපහාස කරන අයෙකි.නිරහාරව සිටින්නට සිදුවේ.නිකරෑනේ ගමන් ඈතිවේ.අනාචාර ක්‍රියාවන්ට යොමුවේ.ස්තිර රෑකියාවක් නෑති අයෙකි.තම නෑ හිතවතුන්ට විරුද්ද වේ.ඔවුන්ට චෝදනා කරමින් සිටින අයෙකි.ඔවුන්ගෙන් වෙන්ව යයි.ජීවිතයේ පව්කාර කමින් ගතකිරීමට සිදුවේ.

සදු කුජ ගුරු ග්‍රහසංයෝගය.

මෙම යෝගයෙන් උපන් අය අදික කාම ආශාවන් ඈති අය වේ.රූපයෙන් ඉතා ලස්සන වේ.ස්ත්‍රින්ගෙන් ආදර ගෞරවයද.ආදායම්ද ලබයි.මෙම සංයෝගය දන යෝගයක් ලෙසද හෑදින්විය හෑක.නමුත් මෙම සංයෝගය දුබලව යෙදුනොත් පාප චේතනා සහිත අයෙක් වේ

සදු කුජ සිකුරු ග්‍රහසංයෝගය.

මෙම සංයෝගයෙන් උපන් පුරුශයන් ස්ත්‍රින් පිලිබද සිතින් හා ආශාවෙන් නිතර කාලය ගතකරන අය වේ.නිරෝගී ශක්තිමත් ශරීරයක් හිමිය.නිතරම ගමන් සහිත කෙනෙකි.ක්‍රියාවේ දක්ශයෙක් වේ.කාන්තාවන්ට මෙම සංයෝගය යෙදීම නිසා පුරුශයන් බොහෝ ඈසුරු කිරීමට සිත් දේ.

සදු කුජ ශනි ග්‍රහසංයෝගය.

මෙම සංයෝගය හය හෝ අට යන ස්තානයක යෙදේ නම් බාල කාලය අවදානම් සහිතය.බොහෝ විට මරනය වේ.මවටද අපල යෙදෙන පිහිටීමකි.නමුත් මෙසේ සිදු නොවුනහොත් ඉතා බලවත් කෙනෙකු වේ.දෑඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන ශක්තිමත් කෙනෙකි.කිසිවෙකුට යටත් නොවේ.

සදු බුද ගුරු ග්‍රහසංයෝගය.

මෙය ඉතා වටිනා යෝගයකි.සිත සහ නුවන එකට එක්වේ.ඉගනීම උසස් වේ.එයින්ම දනයද සෑපයද ලබයි.වාසනාවන්ත විවාහයක් සහ දරුවන් ලබයි.මිතුරන් උගතුන් වේ.ඉතා ප්‍රසිද්දිය ලබන බලවතුන් අතර බලවතෙකු වේ.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online