කුජ බුද සිකුරු ග්‍රහසංයෝගය.

යහපත් නෑත.ශරීරයේ කිසියම් දුර්වල කමක් ඈති කරයි.අහංකාර වූ බොරු කියන්නා වූ කෙනෙක් කරයි.දූශිත චරිතයක් ඈති අයෙකි.ඉගනීම පිලිබද යහපතක් බලාපොරොත්තුවිය හෑක්කේ කලාතුරකින් වේ.ඉගනීම යහපත් කරගත්තත් එයින් යහපත් පලයක් ලබන්නේ ඉතා කලාතුරකින්ය.ලිංගික රෝග සාදා ගෑනීමට ඉඩ තිබේ.නරක කාන්තාවන් හෝ පුරුශයන් ඈසුරට යොමුවේ.

කුජ බුද ශනි ග්‍රහසංයෝගය.

ඈස් රෝග සහිත කෙනෙක් වේ.නිතර නිශ්පල ගමන් සහිත කෙනෙකි.උසස් රෑකියාවක යෙදීමට නොහෑකි වේ.අනුන්ගේ වෑඩ කිරීමට සිදුවේ.නමුත් තමාගේ දියුනුව්ට කිසිවක් කරගෑනීමට නොහෑකි වේ.සිනහව පිලිබදව සිතුවිල්ලක් හෝ නොමෑති අයෙක් වේ.

කුජ ගුරු සිකුරු ග්‍රහසංයෝගය.

යහපත් ක්‍රියාවන්ට යොමුවන කෙනෙකි.උසස් ඉගනීමක් ලබයි.තමාගේ දියුනුව යහපත් ආකාරයෙන් සලසා ගනී.සෑම අංශයකින්ම යහපත උදාකරගන්නා කෙනෙකි.විවාහය යහපත්වන අතර දරුවන්ද යහපත් අය වේ.

කුජ ගුරු ශනි ග්‍රහසංයෝගය.

මෙම යෝගයෙන් උපන් අය පවතින රෝගයකින් පීඩා විදින්නන් වේ.පහත් කටයුතු කරයි.කෘශ වූ ශරීරය ඈති අය වේ.මිතුරන් නොමෑත.කුඩුකේඩු ගති ඈති අයෙක් වේ.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online