කුජ සිකුරු ශනි සංයෝගය.
මෙම සංයෝගය සහිතව උපන් තෑනෑත්තා නපුරු ස්ත්‍රින් ඈසුරු කරයි.සමහරවිට බිරිදද නපුරු වියහෑක.උපන් ගමින් පිටව ජීවත් වේ.වාසනාවන්තයෙක් බව කිවනොහෑක.
බුද ගුරු සිකුරු සංයෝගය.
මෙය ඉතා වටිනා යෝගයකි.මෙම සංයෝගයෙන් උපන් තෑනෑත්තා ඒකන්තයෙන්ම උසස් ගුනවත් බුද්දිමතෙකු වන බව පොතපතෙහි සදහන් වේ.බොහෝ මිනිසුන් අතර බොහෝ ප්‍රසිද්දිය ලබන කෙනෙකි.මියගියායින් පසුත් ඔහුගේ නාමය පවතී.
බුද ගුරු ශනි සංයෝගය.
මෙයත් යහපත් සංයෝගයකි.ඉතා සෑපවත් ජීවිත ගතකරන කෙනෙකු වේ.යහපත් බිරිදක් හෝ ස්වාමියෙක් ලබා සුවපත් වූ දරුවන් සමග සෑපසේ වාසය කරන කෙනෙක් වේ.ගමේත් රටේත් සියලුදෙනාගේ ගරු බුහුමන් ලබන වාසනාවන්තයෙක් වේ.
බුද සිකුරු ශනි සංයෝගය.
මෙම සංයෝගයෙන් උපන් අය විනෝදයටත් බොරු කියන අය වේ.පරදාරාවන් ඈසුරු කරයි.සත්පුරුශ ඈසුර ප්‍රිය නොකරයි.ඉගනීම යහපත් නෑත.ගම රට හෑරදා පිටව යයි.නමුත් දියුනු වන්නේ ඉතා සෙමින්ය.
ගුරු සිකුරු ශනි සංයෝගය.
මෙම සංයෝගයෙන් උපන්නේ නම්,ඉතා පහත්,දුප්පත් කෙනෙකුව ජීවිතය ආරම්බ කලත් ඉතා උසස් දියුනුවකට පත්වේ.උසස් අයගේ ඈසුර ලබයි.රජයෙන් ගෞරව ලබන කෙනෙක් වේ.ඉතා වාසනාවන්ත කෙනෙකි.
![]() | ජනක පී කුමාර හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය |
