හිසරදයට අත්බෙහෙත්
වදකහ , ඉගුරු , සමව ගෙන තනකිරෙන් ගලගා නළලේ ආලේප කරන්න.කලාදුරු කුඩුකර නාසයට උරන්න.
වියලි කහ කැබැල්ලක් ගෙන එය පොල්තෙල් පහනෙන් පුලුස්සා එහි දුම් කිහිපවරක් නාසයට උරන්න.
කනේ ඇතිවන කැක්කුම් සදහා අත්බෙහෙතක්
වරාදලු , නික දලු , වියලි ඉගුරු , සුදු ලූණු , ගෙන කොටා යුෂගෙන සවිදලුණු සමග මිශ්‍රකර පුලුන් කැබැල්ලකට පොගවා කනතුල තප්පර 30ක පමණ කාලයක් තබා ඉවත්කරන්න.සියලු කැක්කුම් සහ බිබිලි ඇතිවීමෙන් සිදුවන තුවාලද සුවවේ.
බඩේ ඇතිවන කැක්කුම් සදහා
සුදුලූනු , අමු වදකහ , අමු ඉගුරු , සමව ගෙන කොටා මිරිකා එම යුෂ මීපැණි සමග පොවන්න.
පෙරුම්කායම් , තලතෙල් , සවිදලුණු යන මේවා සමව ගෙන අබරා ගව මුත්‍රයෙන් පැසවා නාභිය වටේ ගාන්න.වහා සුවවේ.
: පොතපත ඇසුරෙන්
