නිතර සිටුදියර ගලනවාට
සුදු හදුන් , සුදුදුරු , කලුදුරු , ඉගුරු , මානෙල් රේණු , වැල්මී යන මේවා සමවගෙන සිනිදුවට අඹරා නාසයට උරන්න.
පීනසය සදහා කසාය
තිප්පිළි මුල් , කළාදුරු අල , දේවදාර , ඉගුරු , කලන් තුන බැගින් ගෙන වතුර පත අට එකට සිදුවා තිප්පිලි කුඩු දමා දෙවරුව බොන්න.
හොටු පීනසය සදහා
කලුදුරු , සුදුදුරු , ඉගුරු , ගම්මිරිස් , තිප්පිලි , සහිදලුණු , කපුරු , සාරන මුල් , කළද බැගින් ගෙන වියලා සිනිදුව කුඩුකර නාසයට උරන්න.
ලේ පීනසයට
ඉරිවේරිය , කරල්හැබ ඇට , ඉරමුසු මුල් , කලාදුරු අල , අමුකපුරු , වලගසාල් , කෙළිදසාල් සම පමණට ගෙන වියලා කුඩුකර නාසයට උරන්න.
නාසයේ එන බිබිලි සදහා
හාතවාරිය අල , කලාදුරු අල , ඉරමුසු මුල් , නාමල් රේණු , ඉගුරු , වසාවාසි , සාදික්කා , කරාබුනැටි , ඉගුරුපියලි යන මේවා සමව ගෙන වියලා කුඩුකර නාසයට උරන්න.
පොතපත ඇසුරින්
