ශරීරයේ යම් යම් රෝග හට ගත් විට අප ශාරීරිකව පමණක් නොව මානසික වශයෙන්ද ඇද වැටේ. රෝග සඳහා සුවය ලැබීමට ඔෟෂධ භාවිත කළ යුතුමය. ඒ සමඟම මානසික සුවයට ආගමික වත් පිළිවෙත්හි පිහිට පැතීමටත් අප හුරුපුරුදුව සිටිති. විශේෂයෙන් බෞද්ධයන් තුනුරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවෙන් සෙත් ශාන්ති සිදු කර පිහිට ලබන අවස්ථාද ඇත.
බුදුන් වහන්සේ කෙරෙහි භක්තියෙන් ගෞරවයෙන් හා තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිදු කරන ලද වත් පිළිවෙත්වලින් ලබන ආනිශංස කියා නිම කළ නොහැකිය. එම නිසාම දියවැඩියාව, අංශභාගය හා පිළිකා වැනි මාරාන්තික රෝග සඳහාද සෙත් පිරිත් සජ්ජායන මඟින් සුවය ලබා ගත හැකිය.
සූත්‍රයන් සජ්ජායන කිරීමේදී විවිධ අරමුණු මුල් කර ගනියි. රෝගයන්ගෙන් සුවය ලැබීමට සෙත් ශාන්ති සඳහා බහුලවම භාවිත වන්නේ ගිරිමානන්ද සූත්‍රයයි. මෙම සූත්‍රය අංශභාය, පිළිකා, බගන්දරා, ශරීරයේ සෙම් රෝග හා පිත් රෝගයන්ටද සෙත් ලබා දෙන පිරිතකි. ඔබට නිවෙසේ සිට ඔෟෂධ මඟින් ප්‍රතිකාර ලබන අතරම මෙවන් සෙත් ශාන්ති සිදු කරමින්ද සුවය පැතීමට හැකිය.
එහෙත් මෙහිදී ප්‍රථමයෙන් ඔබේ සිතත් කයත් පිරිසුදු කර ගත යුතුය. පවිත්‍ර වෙමින් අවම වශයෙන් තුන් වරුවක්වත් මස් මාංසවලින් වැළකෙමින් මෙයට සූදානම් වන්න. පන්සිල් සමාදන්ව තුනුරුවන් මෙනෙහි කරමින් බුදුන් වහන්සේ පිළිබඳ දැඩි ශ්‍රද්ධාවෙන් යුතුව මෙම පාඨ සජ්ජායනය කළ යුතුය. අනතුරුව ගිරිමානන්ද සූත්‍රය 108 වාරයක් සජ්ජායනය කර එම පිරිතෙන් සෙත් ප්‍රාර්ථනා කළ හැකිවේ. මෙහිදී ඔබ සකසා ගත යුතු ද්‍රව්‍ය කිහිපයකි.
සඳුන් කිරි පැන්
මෙහිදී සඳුන්, දෙහි පුලුස්සා ගෙන පොල් කිරි හා මුසු කර මෙම පැන් බඳුන සකසා ගැනේ.
පැන් කළය
පැන් පෙරා ගනිමින් සඳුන් යොදා සුදු පිරුවටයක් කළය වටා ඔතාගත යුතුය. තුන් නූලක් සාදා කළයට දමා පිරිත් සජ්ජායනය අරඹන්න.
මේ අයුරින් ගිරිමානන්ද සූත්‍රයෙන් 108 වාරයක් පිරිත් කර එම පැන් රෝගියාට බීමට දෙන්න.
එපමණක් නොව විවිධ රෝගාබාධයන්ගෙන් සුවය පතා මෙම ගාථාවද ඔබට නිවෙසේදී වුවද සජ්ජායනා කර සෙත් පැතීමට හැකිවේ.
ඕං ඕං නමෝ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ සිට මහණ පාංශු කූල චීවරයෙන් නූල් අරගෙන නව අරහාදී බුදු ගුණ සිහිකොට මංග්‍ර කුමාරයාගේ කරේ බැඳ උණ, හිසේරදය, වමනය, ඔක්කාරය, භූත බය, යක්‍ෂ බය, ප්‍රේත බය, හදිහූනියම් බය සැණින් දුරු කළ ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ වූ පිරිත් මන්ත්‍රය.
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ
ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්ම සාරතී
සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාතී
යන මේ ගාථාවෙන් පිරිත් පුරවා අද මම මතුරන්නේ මේ ආතුරයන්නේ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙතිස් කුණප අන්ත්‍රා යක්‍ෂ බය, ප්‍රේත බය, හදි හූනියම් බය සැණින් ගුණ වෙන්ඩ, සිසිල් වෙන්ඩ, අප ලොව්තුරා සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගෙන් වරම්.
යක්‍ෂ, ප්‍රේත, හදි හූනියම් ආදිය මෙම මන්ත්‍රය මැතිරීමෙන් පලවා හැරේ. බඩේ අජීර්ණයකදී වුවද කැඳ හෝ කොත්තමල්ලි මතුරා පානය කිරීමෙන් නිසැක සුවයක් ලැබිය හැකිවේ. තවද වතුර හෝ තැඹිලි මෙම ගාථාවෙන් මතුරා රෝගියාට පානය කිරීමට සැලැස්වීම වඩාත් සුදුසුයි.
ආහාර අරුචියක් ඇත්නම් මෙය 9 වරක් හෝ 21 වරක් වුවද මතුරා නිසි පල ලැබිය හැකිය.
බොහෝ දුරට මෙම සෙත් ශාන්ති සිදු කළ යුතු වන්නේ පස් පවින් වැළකී සිටිමිනි. පිළීජාති අනුභවයෙන් අෑත්ව තුනුරුවන් කෙරෙහි උපන් ශ්‍රද්ධාවෙන් මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන් සුවයක් ලද හැකි බව සත්‍යයකි.
එච්.කේ. සුගතදාස
0724889241
ශාලිකා රංගනී සමරදිවාකර