කීකිරිඳිය යනු ඔබේ ගෙවත්තෙන් වුවද පහසුවෙන් සොයගත හැකි ඔෟෂධීය වටිනාකමකින් හෙබි පැළෑටියකි. ජුනි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මල් හට ගන්නා මේ ශාකය කටුක තිත්ත ස්වභාවයක් ගත්තද ගුණය අති විශාලය. කීකිරිඳිය ශාකයේ පත්‍ර පොතු, මුල්, ඇට, පුෂ්ප ආදී සියලුම දේ ඔෟෂධීය වටිනාකමකින් යුක්තය.
කීකිරිඳිය ශාකය සහ වෙනස් ඔෟෂධීය ශාක මිශ්‍ර කර ගනිමින් නොයෙක් ලෙඩ රෝගවලට පිළියම් යොදන ආකාරය බලමු.
හිසකෙස් ගැලවෙනවාට
හිසකෙස් ගැලවීම විශේෂයෙන් අකලට කෙස් ගැලවීම වළක්වා ගනිමින් නිරෝගී කෙස් කලඹක් හිමිකර ගැනීමට කීකිරිඳිය භාවිතයට ගත හැකිය. මෙහිදී සුදුසු තෙලක් සාදා ගනිමු.
මුලින්ම කීකිරිඳිය, කළාඳුරු, අමුකහ, හොඳින් කොටා පොල් ගෙඩියක උකු කිරි කෝප්පයක් සමඟ මිශ්‍රකර ගන්න. පසුව තල තෙල් හා එඬුරු තෙල් කාල බැගින් ගෙන එන මිශ්‍රණයද එක්කොට මඳ ගින්නෙහි රත්කරගන්න. පසුව එය හොඳින් නිවා හිසේ ආලේප කරන්න. මෙය හිස පෝෂණය කරන අතරම පීනස රෝගයටද කදිම ඔෟෂධයකි.
මුත්‍රා දැවිල්ල, ඒ ආශි්‍රතව හට ගන්නා රෝග නිවාරණයට
කීකිරිඳිය ඇට අමුවෙන් ගෙන වතුර වීදුරුවකට හෝ කිරි වීදුරුවක දමා කසායකර (ස්වල්ප වේලාවක් තබා බීමෙන් මුත්‍රා පිරිසුදු වෙයි.
බඩ දැවිල්ලට
කීකිරිඳිය ඇටවලින් චූර්ණයක් සකස් කර ගෙන පානය කරන්න.
පාණ්ඩුවට
කීකිරිඳිය පත්‍ර මැල්ලුමක් ලෙස සකස්කර ගෙන ආහාරයට ගැනීම උචිතයි. එසේත් නැතිනම් කීකිරිඳිය සුදුලූනු කොත්මල්ලි එකට ගෙන තම්බා නිවා පානය කරන්න.
අතීසාරය
අමු කීකිරිඳිය පත්‍ර අඹරා තුන් හතර වරක් පෙරාගෙන බොන්න. සුවපත් වෙයි.
මාන්දමට
කීකිරිඳිය යුෂ (කොටාගත්) මාළු බිත්තර සමඟ (පරා මාළු/තෝර මාළු) පිස කීකිරිඳිය යුෂ ස්වල්පයක් එම බිත්තරයට දමා ආහාරයට එක්කර ගන්න.
අම්ල පිත්ත, කෑම අරුචිය
කීකිරිඳිය චූර්ණයක් සේ සකස් කරගෙන බාර්ලි වතුරෙන් හෝ තැඹිලි වතුරෙන් පානය කරන්න.
කීකිරිඳිය ශාකය මුලින් ගලවා හොඳින් සෝදා වේළා චූර්ණයක් සේ සකස් කොට බටර් සමඟ මිශ්‍ර කර පානය කරන්න.
පණුගායට
මේ සඳහා කීකිරිඳිය මැල්ලුම සුදුසුයි. එම මැල්ලුම මලවා ගත යුත්තේ එළඟිතෙලෙනි.
හම කැසීමට
කීකිරිඳිය කොළ කොහොඹ තෙලෙන් අනා ආලේප කරන්න. හම කැසීම හෝ හමේ ඇති වී තිබෙන තුවාල වැනි අසාත්මිකතා දුරු වී යයි.
ලයනි රසිකා නිරෝෂිණී
ජේයාතිෂ්‍ය ගුප්ත විද්‍යා ශිරෝමණී
වෛද්‍ය කේ. එම්. එච්. අයිරාංගනී
මව්බිම පුවත්පත