සුදු කබර රෝගය නිසා පීඩා විඳින පිරිස් වැඩිවෙමින් පවතින බව පෙනේ. මෙම රෝගය වර්ණ සෛල විනාශ වීමෙන් සහ ප්‍රතිශක්තිය නැතිවීමෙන් විටමින් උෟනතාව නිසා සෑදෙන රෝගයකි. දැනගත් විටම ප්‍රතිකාර කිරීමෙන් ඉක්මනින් සුවය ලබාගත හැකිය. ශීත ප්‍රදේශවල ජීවත් වන ශීත රටවල වසන අයට මෙම රෝගය වැලඳීමට ඉඩ ඇත. සුදු ලප ශරීරය පුරා පැතිරෙයි. ඒවා මත සුදු කෙස් ඇත්නම් වැඩි සැලකිල්ලක් දැක්වීම සහ ප්‍රතිකාර එක දිගට ගැනීමෙන් සුවකරගත හැකිය.

සුදු ලප හෝ පැතිරුණ ප්‍රදේශවල කළු පාට කෙස් ඇත්නම් වහාම සුවපත්වන සහ අසාධ්‍ය නොවන බව වටහාගත හැකිය. තරුණ ළමයින්ට බාලක, බාලිකා වෙනසක් නොමැතිව මෙම රෝගය සෑදිය හැකිය. එම නිසා කිරි ආහාර, මාළු වර්ග ගැනීමෙන් වැළකී ප්‍රතිකාර ලබාගත යුතුය. මේ සඳහා ප්‍රතිකාර දේශීය වෙදකම තුළ ඇත. ඒ සඳහා කොළ කැඳ ඉක්මන් සුවය ලබාදෙන බව අපි අත්දැක ඇත්තෙමු. මෙම රෝගය සඳහා කොටකිඹුල ශාකය ඉතා හොඳයි. කොටකිඹුල ශාකය වැඩි උසට වැඩෙන ශාකයක් නොවේ. අතුපතර විහිදුණ දිගටි පත්‍ර සහිත ගසකි. මෙහි කොළ ඉතා වටිනා ඔසුවකි. විස සහිත ඕනෑම අවස්ථාවක මෙම කොළ භාවිත කළ හැකිය.

විශේෂයෙන් සුදු කබර රෝගය සඳහා වටිනා ඔෟෂධයකි. ඒ සඳහා කැඳ පිළියෙල කර බීමෙන් ඉක්මන් සුවය ලැබේ. කොළ කොටා ඇල්වතුර දමා මිරිකා ගන්න. එම යුෂට රතු කැකුළු හාලින් බත් පිස පොල්කිරි ස්වල්පයක් දමා ළිප තබා පිසගන්න. ඉන් පසු බිබිලි රතු ලප, පලු නැඟීමට පුළුවන. බිය නොවී එකදිගට සතියක් පමණ උදේට උදේට පානය කරන්න. තෙබුකොළ, කතුරුමුරුංගා කොළ මල් ආහාරයට ගන්න.

අවිවේකයත් සමඟ කොළ කැඳ භාවිතය අඩුවෙමින් පවතියි. කුඩා දරුවන්ට උදේට ඔසු කැඳ භාවිතය පුරුදු කරන්නේ නම් රෝග වැලඳීමේ ප්‍රවණතාව අඩුකර ගත හැකිය.

හොරණ වෛද්‍ය චන්ද්‍රදාස කළුතන්ත්‍රිගේ
0725384288
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online