අස්ථි සම්බන්ධ විවිධාකාර ප්‍රශ්න ගැහැනු පිරිමි භේදයකින් තොරව පැනනැඟිය හැකියි. එමෙන්ම කුඩා දරුවන්ටද අස්ථි සම්බන්ධ රෝගාබාධ ඇති වෙයි. මේ සඳහා මූලිකවම බලපාන්නේ හදිසි අනතුරුයි. ඇතැම් විට පෝෂණ උෟනතාද වෙයි. අස්ථි සම්බන්ධ ගැටලුවලට කෙටි ප්‍රතිකාර කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු.

හදිසි අනතුරු නිසා වැටීම්, තැළීම්, බිඳීම් ඇතිවිය හැකියි. මේ නිසා බහුල වශයෙන් අස්ථිවලට හානි සිදුවිය හැකියි. එමෙන්ම කැල්සියම් හා ප්‍රෝටීන් උෟනතාව නිසාද කාලාන්තරයක් තිස්සේ අස්ථි සම්බන්ධ වේදනාකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙයි. මේ නිසා කොඳුඇට පෙළේ සිට උකුල් ඇටය දක්වා දණහිස් බඳ වැනි ස්ථානවල අස්ථි හිරවීම් ඇතිවිය හැකිය. මෙවැනි වේදනාවලින් මිදී නිවසේ සිටීම කර ගත හැකි කෙම් ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

කෙමක්
ඔබ මෙයාකාර අස්ථි සම්බන්ධ වේදනාකාරී පුද්ගලයකු නම් මුලින්ම කළ යුත්තේ,
 රෝගියා නිසි ලෙස එක් ඉරියව්වකින් දිගා කරවීමයි. (එකම මට්ටමක ලෑල්ලක)
 දෙවනුව කතා නොකර කුඹුක් පොතු තුනක්, කොහොඹ පොතු 3ක් හොඳින් කොටා පොල් කිරෙන් අඹරා ගන්න. පසුව එය තල තෙලින් රත්කර පැහැදිලි පදමක් ලෙස සකස් කර ගන්න.

 ඊළඟ පියවරේදී කෙසෙල් කොලයක ආධාරයෙන් පදම ගෙන වේදනාකාරී ස්ථානයේ තවරන්න. පැය තුනක් පමණ එකම ඉරියව්වකින් සිටීමට රෝගියාට උපදෙස් දෙන්න.

මේ ප්‍රතිකාරයෙන් රෝගියාගේ අෑත් වූ අස්ථි සම්බන්ධ වී සැහැල්ලු බවක් ලබාදී වේදනාකාරී බව නැති කරයි.
මෙවැනිම අස්ථි සම්බන්ධ ගැටලු සඳහා නිවෙසේදීම කළ හැකි තවත් කෙමක්.

කතා නොකර උදුපියලිය කොළ කිහිපයක් ගලවා සෝදා හොඳින් කොටාගන්න. ඉස්ම කෝප්ප භාගයක් සේ ගෙන එයට කුරහන් පිටි හා බිත්තරයක සුදුමදය, තිරිඟු පිටි හැඳි 7ක් එකතු කර ගන්න. ඊළඟට කතා නොකර බිත්තර සාරුවලින් කොටාගත් හාතවාරිය කොළ ස්වල්පයක් එළ මුත්‍රාවලින් රත්කර ගන්න. (එළ මුත්‍රා ලබා ගැනීමේදී කතා නොකර ගන්න) මේ මිශ්‍රණය ඝනකම් පදමක් ලෙස සකස් කරගෙන වේදනාකාරී ස්ථානයේ තවරා පැය 3ක කාලයක් එකම ඉරියව්වකින් සිටින ලෙසට රෝගියාට උපදෙස් දෙන්න.

කතා නොකර අස්ථි වේදනාකාරී ස්ථානවල ඉතිපිසෝ ගාථාව 108 වරක් සිහිපත් කරමින් මී තෙල් තවරන්න.
කතා නොකර මී ඇට තළා හොඳින් අඹරා එළඟි තෙල් හා එඬරු තෙල් සමඟ රතකර වේදනාකාරී ස්ථානයේ ගල්වන්න.
මලබද්ධය නිසා
මලබද්ධය නිසා අස්ථි සම්බන්ධ ගැටලුකාරී තත්ත්ව ඇතිවිය හැකියි. මේ නිසා අස්ථි රෝගීන් මළබද්ධයට පිළියම් කළ යුතුයි. මේ සඳහා,

 බෙලි කොළ මැල්ලුමක් සේ සකස් කර ආහාරයට එකතු කරගන්න.
බෙලි මුල්, සුදු හඳුන්, වෙනිවැල්ගැට දමා පානය කරන්න.
වයෝවෘද්ධ අයට
විශේෂයෙන් වයෝවෘද්ධ පුද්ගලයන්ට අස්ථි වේදනා ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. දණහිස් කැක්කුම්, දණහිස් පොල්කටු දිරායෑම්, අත් පා දිගහරවා ගැනීමට අපහසු වීම, පියගැටපෙළ නැඟීමට අපහසුව වැනි අවස්ථා සම්බන්ධ ගැටලුවලට මුහුණදීමට සිදුවේ.

මෙවැනි අවස්ථාවල වෛද්‍ය උපදෙස්වලට යොමු වීමෙන් ඇතැම් විට සැත්කම්වලට භාජන වීමට සුදුසු වෙයි. බොහෝ දෙනා මෙවැනි සැත්කම්වලට බියක් දක්වන නිසා නිවෙසේදී පිළියෙල කරගත් ඔෟෂධීය ප්‍රතිකාරයන්ගෙන්ද සහනයක් ලබාගත හැකියි. මේ සඳහා සුදුසු ප්‍රතිකාරයක්.
 මී ඇට, තල ඇට, අබ ඇට, මුං ඇට, කවුපි ඇට, නෙල්ලි ගෙඩි හා ඇට, බෙලි ඇට, දෙළුම් ඇට, බණ්ඩක්කා ඇට යනාදී ඇට වර්ග සියල්ලම එකට කුඩුකර පොල් කිරෙන් අඹරා ගන්න. පසුව මඳ පවනේ රත්කර දණහිස් පොල්කටුවලට බැඳ පැය දෙකහමාරක කාලයක් තබන්න. පසුව නික මුල්, බෙලි මුල්, පාවට්ටා මුල් තම්බා ගත් තරමක උණුසුම් වතුරෙන් තැවීම, සේදීම කළ යුතුයි.

මේ ප්‍රතිකාරය දිනක් හැර දිනක් මාස තුනක් වැනි කාලයක් කිරීමට හැකි නම් අස්ථි සම්බන්ධ වේදනාකාරී තත්ත්වය පහසුවෙන්ම මඟහරවාගත හැකියි.
සැහැල්ලු ආහාර ගන්න
අස්ථි සම්බන්ධ වේදනාකාරී තත්ත්වයන්ට මුහුණදෙන ඔබ නිතර සැහැල්ලු ආහාර ගැනීමට පුරුදු වන්න. විශේෂයෙන් පොල්පලා, නෙල්ලි, රසකිඳ වැනි දියර වර්ග පානය කරන්න. එමෙන්ම කතුරුමුරුංගා කොළ, පතෝල, වැටකොලු, අවර දඹර, කෙකටිය වැනි ආහාර ඔබට වඩාත් සුදුසුයි. එමෙන්ම දිනපතා හවස්වරුවේ විනාඩි කිහිපයක් මෛත්‍රි භාවනාවට යොමුවන්නේ නම් ඉතාමත් අගනේය.

ජේ‍යාතිෂ්‍ය ගුප්ත විද්‍යා ශිරෝමණී
වෛද්‍ය කේ. එම්. එච්. අයිරාංගනී
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online