ඇදුම රෝගයෙන් පීඩා විඳින රෝගීන් අද බහුලව දක්නට ඇත. මෙම රෝගය සෙම ඇසුරු කර වැලඳෙන රෝගයකි. පෙණහැලිවල සෙම බැඳීමත් ස්වාසනාලය අවහිරවීමත් නිසා මෙම රෝගය සෑදිය හැකිය. මෙම රෝගය පියාගෙන් පුතාට, මවගෙන් දුවට ආදී වශයෙන් ප්‍රවේණි රෝගයක් ලෙසද සෑදිය හැකිය. මෙම රෝගය ස්ථිර වශයෙන්ම සුවකර ගැනීමට වටිනා ඔෟෂධ දේශීය වෙදකම තුළ ඇත. පාසල් යන ළමුන් රැකියාවේ නිරත තරුණ තරුණියන් මෙම රෝගය වැලඳීමෙන් මහත් අපහසුතාවන්ට පත්ව ඇති බව පෙනේ. රෝගය නිට්ටාවට සුවකර නොගතහොත් අපහසුතා රාශියකට මුහුණ දීමට සිදුවෙයි.

මෙම රෝගය සුවකර ගන්න වටිනා බෙහෙත් සංයෝග කිහිපයක් පහතින් සඳහන් කරමි.
 වැල් කැප්පෙට්ටිය කොළ මිටයි
 රතුළුෑණු රාත්තල් 1/4යි
 කොට්ටපොල් 1/4යි
 ශත 50ක බරට කරාබු නැටි ටිකයි

පළමුකොට කරාබු නැටි කොටා ඉහත සඳහන් ඔෟෂධ සමඟ මිශ්‍ර කර කොටා උණු වතුර දමා මිරිකා ගන්න. අඬු කෝප්ප 1/4ක් සෑහේ.
ඉරිදා දිනයක පහසු ආසනයක හිඳ ඉර දිහා බලාගෙන ඉර පායා එනවිට පානය කරන්න. මෙය දින 7ක් බොන්න. පසුදා සිට ඇල්දිය නාන්න. දින 4කට පසු උණුදිය පාවිච්චි කරන්න. ඇල් දිය පාවිච්චි කරන දිනවල දුම්බොනු. දුම් බෙහෙත් සඳහා සාදලිංගම්, කලාදුරු, එනසාල් ඇට, කරාබු නැටි, හාතවාරිය අල කුඩු කර සකස්කර ගත යුතුයි.
ඉන්පසු කුරුම්බා කටු අඟුරට දුම්බෙහෙත් දමා බටලීයකට පොල්තටුවක් ගසා පපුවට වදින සේ තබාගනු. ඉන්පසු කිසිම බෙහෙතක් නොබොනු. ක්‍රමයෙන් සෙම වියළී ගොස් ඇදුම රෝගය නිට්ටාවටම සුව වේ. අත්දුටුවයි.

හොරණ බැල්ලපිටිය
වෛද්‍ය මධ්‍යස්ථානයේ
වෛද්‍ය චන්ද්‍රදාස කළුතන්ත්‍රිගේ
0725384288
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online