අපේ පැරැණි ජනයා සතුව මහා දැනුම් සම්භාරයක් ගොඩනැඟී තිබිණි. සශ්‍රික, නිරෝගී සම්පන්න ජනතාවක් අතීතයේ විසූහ. ඔවුහු ලෙඩක් දුකක් සෑදුණු විට කළේ බැද්දට යෑමය. අහස සිඹින රූස්ස ගසේ සිට ගල් මුල් උඩින් ඇදෙන පුංචි පැළය දක්වා මහානර්ඝ ඔෟෂධයන්ය. එයටම පෑහුණු ගුප්ත ක්‍රමයක්ද විය. ඒවා 'කෙම්' යනුවෙන් හැඳින්වේ.
රහස්‍ය, ගුප්ත ක්‍රියාවලීන් 'කෙම්'ය. කෙම් අනුගමනය කිරීමෙන් සිදුවන්නේ රසායනික පදාර්ථ හා සංඝටක අතර රහස් ක්‍රියාවලියකි. එහි ක්‍රියාකාරිත්වය පියවි ඇසට හඳුනා ගැනීමට නොහැකි තරම්ය. කෙම් ක්‍රම අනුගමනය කිරීමෙන් සිදුවන ක්‍රියාවලිය පැරැන්නෝ විද්‍යාත්මක ලෙස විග්‍රහ කිරීමට දැන නොසිටියත් ඔවුහු කෙම් ක්‍රම මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබූහ. කෙම් ක්‍රම ප්‍රත්‍යක්ෂ බව ඔවුහු විශ්වාස කළහ.
විසබීජ මඟින් ප්‍රචාරය වන රෝග වළක්වා ගැනීමේ ප්‍රමුඛ පියවරක් ලෙස කෙම් ක්‍රම යොදා ගනියි. රෝගයක් වැලඳීමෙන් පසු එයට ප්‍රතිකාර සෙවීමට වඩා රෝග වළක්වා ගැන්වීම යහපත්ය. අප ශරීරයේ සාමාන්‍ය සැකැස්ම පවත්නා රිද්මයෙන් ගිලිහුණු විට අප රෝගී වේ. යම් කෙම් ක්‍රම සිදු කිරීමෙන් බලාපොරොත්තු වනුයේද ශරීර සැකැස්්මෙහි සාමාන්‍ය රිද්මය පවත්වා ගැනීමයි.
කෙම් ක්‍රම සිදුකිරීමෙන් කිසිදු ජීවියකුට හෝ සත්ත්වයකුට හානියක් සිදු නොවේ. අමුද්‍රව්‍ය හා ඔෟෂධ භාවිත කරන්නේත් ඉතා සීමිත ප්‍රමාණයකිනි.පළමු සූර්ය කිරණ පොළොව ස්පර්ශ කිරීමට මත්තෙන් (කපුටන් හෝ කුකුළන් හැඬලීමට පෙර) එනම් බ්‍රහ්ම මුහුර්තයට පෙර කෙම් සිදුකරයි.කෙම් සිදු කරන්නේ තනිවමය. හිරු නැඟෙන දිශාව බලාගෙනය.සෑම අවස්ථාවකදීම කෙම් කිරීම සඳහා දකුණු අත උපයෝගීි කොට ගනියි.
කෙම් සිදු කරන අවස්ථාවේදී මුවින් එක් වචනයක් හෝ පිට නොකරයි.බොහෝ අවස්ථාවල කෙම් සිදු කරන්නේ දහසක් බුදුන් බුදුවන හිමිදිරි උදෑසනකදීය. එවිට පරිසරය පිරිසුදුය. පිවිතුරුය. සැඟවුණු නිස්කලංක බවක් නිහඬ බවක් පරිසරය පුරාවටම ගැබ් වී ඇත. ඒ තුළ මහා ශක්ති කදම්භයක් ගොඩ නැඟේ. පෑනක උපයෝගීත්වයෙන් කොළයක සටහනක් තැබූ විට එය පියවි ඇහැට දැකිය හැකිය. වැලි පොළොව මත කෝටුවකින් ඇඳි විටම පියවි ඇසට පෙනේ. කුඹුරක් කෙටූ විටද එසේමය. නමුත් යම් කෙමක් අප අනුගමනය කළ විට එහි ක්‍රියාවලිය කිසිවකුගේ හෝ පියවි ඇසින් බැලිය නොහැකිය.
හිමිදිරි පාන්දර පරිසරයේ පවතින නිහඬ බවත් සමඟම ඒ තුළ මහා බලයක් ගොඩ නැඟේ. එය අන් හැම දෙයකටම වඩා ප්‍රබලය. ඒ නිහඬ බවේ ප්‍රබලත්වය තුළින් පරිසරයේ පවත්නා පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා මුද්‍රාවන් අවදිකරවීම කෙම් ක්‍රම මඟින් සිදුවේ. කෙම් ක්‍රම අනුගමනය කිරීමේදී මස්මාළු වැනි සත්ත්වමය ආහාර අනුභව කිරීමෙන් සිතෙහි පවතින මෛත්‍රිය කරුණාව වැනි සිතිවිලි දූෂ්‍ය වීමට ඉඩ ඇති නිසා ඒවායින් වැළැකේ.බොහෝ කෙම් ඝෝෂාකාරී වදන්වලින් තොරය. ඒ නිසාම නිහඬව කෙම් ක්‍රම අනුගමනය කිරීමේදී මානසික ඒකාග්‍රතාව ගොඩ නැඟී සිතෙහි ගැඹුරු සමාධියක් ගොඩ නැඟේ.
සිතේ වෙනත් කිසිදු අරමුණක් නොමැති නිසා බලාපොරොත්තු වන අරමුණට පහසුවෙන් ළඟා විය හැකිය. නැඟෙනහිර දිශාව බලා කෙම් සිදුකරන්නේ හිරු නැඟෙද්දී නැවුම් හිරු කිරණට ශරීරය නිරාවරණය වීමටය. අලුත් හිරු කිරණින් ශරීරයේ දූෂ්‍ය වී ඇති ලේ ධාතු පිරිසුදු වේ.
නිදි උළුක්කුවට
නිදා සිටියදීම බෙල්ල උළුක්කු වීම නැතහොත් නින්දෙන් අවදි වූ පසු බෙල්ලේ වේදනාවක් ඇතිවීම නිදි උළුක්කුව ලෙස බොහෝ දෙනා හඳුන්වයි. මෙයින් පීඩාවට පත් වූ විට සිදු කරන සරල කෙමක් වන්නේ කොට්ටය අව්වට දැමීමයි. මෙයින් සිදුවනුයේ පෙරදා රාත්‍රියේ තමන් හිස තැබූ කොට්ටය තම අතින්ම ගෙන ගොස් හොඳින් හිරු රැස් පතිත වන ස්ථානයක තැබීමයි. කොට්ටය රැගෙන එය අව්වට දැමීම දක්වා වූ කාල පරාසය තුළ වේදනාවට ලක්වූ මාංශ පේශි ක්‍රියා කරයි. කිසිදු බාහිර ප්‍රතිකාරයකින් තොරවම ස්වාභාවිකවම වේදනාව සුවපත් වේ. හිරු රැස් මඟින් කොට්ටයෙහි පවතින විසබීජ විනාශයට ලක්වේ. මෙහිදී ප්‍රබල ලෙසට බලවත් වනුයේ ආකල්පයන්ය.
කූඹි කෑ විට
කුහුඹුවන්, කෘමීන් වැනි කුඩා සතුන් දෂ්ට කළ විට තමන් ඇඳන් සිටින ඇඳුම ගලවා දමා හොඳින් ගසා නැවත එම ඇඳුමම ඇඟලා ගනියි. මෙයින් අදහස් කරනුයේ තවත් සතුන් එම ඇඳුමෙහි ඇලී සිටියි නම් ඔවුන් එයින් ඉවත් කරලීමයි.
දෙයියන්ගේ ලෙඩට
බෝවෙන රෝග එහෙමත් නැතිනම් දෙයියන්ගේ ලෙඩ පරිසරයේ අපට නොපෙනෙන වෙනස්කම් නිසා ඇති වන රෝගයන්ය. එවැනි රෝගයන්ට ගොදුරුවූවන් සිටින නිවෙස්වල ප්‍රධාන දොරෙහි කොහොඹ අතු, දෙහි අතු එල්ලා තබයි. මෙය එක්තරා ආකාරයකින් නිහඬවම සිදු කරන සන්නිවේදන ක්‍රමයකි.
කම්මුල්ගායට
කම්මුල්ගාය සෑදුණු විට අලි හක්ක දෙහි ඇඹුලෙන් ගල ගා ආලේප කරයි. අලි හක්කයෙහි ගැබ්වූ කැල්සියම් දෙහි ඇඹුලෙහි වූ සිට්රික් ඇසිඩ් හා මුසු වූ විට ඉදිමුණු ඛේට ග්‍රන්ථියට ප්‍රතිකාරයක් ලෙස ක්‍රියාත්මක වී රෝගය සුව කරයි.
පැපොල රෝගයට
පැපොල රෝගයට ගොදුරු වූ අයකු නිවෙස් සිටින විට පල්මානික්කම් ශරීරයෙහි බඳී. එයින් බලාපොරොත්තු වන්නේ පල්මානික්කම් විසබීජ නාශකයක් සේ ක්‍රියා කොට අන් අයට එම රෝගය ව්‍යාප්ත වීම වළක්වාලීමයි.
කකුලේ උළුක්කුවට
කකුල උළුක්කු වීම යනු රුධිර සෛලයන්හි අඩංගු සංඝටකවලට වැඩිපුර ජලය ප්‍රමාණයක් එක් වීමයි. එවිට කකුල ඉදිමේ. පොල්කිරි, කහ, ලුණු භාජනයක තබා හැඳි ගා එය ළිප මත තබා හොඳින් උතුරා ගිය පසු නිවුන් අයකු ලවා හොඳින් කකුලේ ආලේප කරයි. මෙය රහස්‍ය කෙමකි. මෙයින් සිදුවනුයේ පොල්කිරිවල පවතින මේදයෙන් රුධිර සෛලවල වැඩිපුර අඩංගු ජලය අවශෝෂණය වී රුධිර සෛල යථා තත්ත්වයට පත් වීමයි. නිවුන් අයකුම තෝරා ගන්නේ ඔවුන් උපතේ සිටම දෙදෙනෙක්ව එකට ඉපදීම නිසා ඔවුහු බලවත්ය යන හැඟීම මතය.
ඇස් රෝග
ඇස් රෝග ඇති කල්හි රැයක් වතුරේ පෙඟවූ සමන් පිච්ච මල් වතුරෙන් ඇස් සේදීමද කෙම් ක්‍රමයකි. රැයක් පුරාවට සමන් පිච්ච මල් ක්‍රමයෙන් ජලයේ දියවේ. එවිට ජලය පවත්නා තත්ත්වයට වඩා තවත් මෘදු වී පිරිසුදුකාරකයක් ලෙස ක්‍රියා කරයි. සාමාන්‍ය ජලයට වඩා සමන් පිච්ච මල දියවී ඇති නිසා මේ ජලයට වැඩි බලයක් ගැබ්වේ.
හිසේ කැක්කුමට
හිසේ කැක්කුම පවතින අවස්ථාවලදී උදෑසන හිරු එළියට ගොස් සංඛ්‍යාත්මක වශයෙන් ඇස් කොනින් බැලීම තවත් එක් කෙමකි.
උදාහරණ_ ඇස් කොනින් දකුණ පස බලා එකයි.
වම් පස බලා එකයි
නැවතත් දකුණු පස බලා දෙකයි.
වම් පස බලා දෙකායි.. ආදී වශයෙන්...
ඉක්කාවට
ඉක්කා වැටෙන විට එක හුස්මට වතුර උගුරු හතක් බොන ලෙස වැඩිහිටියෝ පවසති. මෙයත් කෙම් ක්‍රමයකි. ස්වාසනාලය වියළීම නිසා ඇතිවන ගැස්ම ඉක්කාව ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වේ. කතා නොකර වතුර උගුර හතක් පානය කිරීමේදී උගුරේ සිට ආමාශය දක්වා වියළි ගතිය නැතිවී ගොස් සිසිල් වේ. එවිට ඉක්කාවද නතර වේ.
මී මැසි විෂට
මී මැස්සකු දෂ්ට කළවිට පුවක් ලෙල්ලක් හෝ රතු ලූනු ගෙඩියක් හුනු සමඟ එම ස්ථානයේ දකුණු අතට කරකවමින් ආලේප කරයි. මේ ආකාරයෙන් කළ විට විෂ ශරීරයෙන් ඉවත්වී මී මැසි තුඩද ඉබේම ගැලවී යයි. විෂ නසා තුඩ ශරීරයෙන් ඉවත් කිරීම යන කාරණා දෙකම මෙම ක්‍රම මඟින් සිදුවේ.
වමනයට
වමනය ඇති විට කෙමක් ලෙස බෙල්ලේ පිටත හුනු ආලේප කරයි.
බුලත් කොළයක් පොඩි කර එහි සුවඳ නාසයට ආඝ්‍රාණය කරවයි.
දෙහි, ෙදාඩම් වැනි පැඟිරි ගෙඩි ගෙඩිය පිටින්ම අතින් මිරිකා සුවඳ ආඝ්‍රාණය කිරීමට සලස්වයි.
එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අවස්ථාවන් මෙන්ම විශේෂිත අවස්ථාවන් සඳහා ද කෙම් ක්‍රම අපේ පැරැන්නෝ සතු වූහ. තේරුම් දැන හෝ නොදැන ඒවා නියමාකාරයෙන් භාවිත කිරීම තුළින් ඔවුහු ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලැබූහ.
දේශබන්දු රාජගුරු - රාජකීය පන්ඩිත ආයුර්වේද ශාස්ත්‍රී - ගුප්ත විද්‍යා විශාරද විශ්ව සුවසෙත
මව්බිම පුවත්පත