2015 මැයි 10 වනදා සිට 2015 මැයි 16 දක්වා සතියේ ලග්න පලාඵල


මේෂ ලග්නය

මෙම සතිය ඔබට යහපත්වේ.ආර්තික වශයෙන් වර්ධනයක් ලැබිය හැකිය.කාර්මික තාක්ෂණික අංශයේ කටයුතු කරන මේෂ ලග්න හිමි ඔබ ගෙවීගිය සතියට වඩා වැඩි ආදායම් තත්වයක් ලබනු ඇත.ඔබ සේවා ස්තානයේ ප්‍රධානියා නම් ඔබ යටතේ කටයුතු කරන සේවකයන්ගෙන් නියමාකාරයෙන් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත.කෙටි ගමන් බිමන් අතර තුරදී පැරණි හිතමිතුරන්හමුවීමේ අවස්තාව පවතී.ගෘහ කටයුතු සාමකාමීව සාර්තකව පවත්වාගෙන යා හැකිය.සිතේ ආඩම්බර ගතිය හේතුවෙන් තරමක විවේචනයකට හසුවේ.කෙසේ වෙතත් හිසේ බර ගතිය හිසරදය හෝ උශ්ණ රෝග තත්වයන් ඇතිකරවයි.

වෘෂභ ලග්නය 

ඔබගේ සිතුවිලි වේගවත්ව ක්‍රියාත්මකවේ.කෝපගති ඇතිකරවයි.නිතර කතා බහට යොමුවේ.ධනෝපායන මාර්ග පිලිබදව කතාබහ ඇතිවේ.කෙලින් කතා කරනවා මෙන්ම එම වචන සම්බන්ධයෙන් අනෙකාගේ පැසසුම් ලැබෙනා සතියකි.විවාහ ජීවිතයට අසුබ තත්වයන් ඇතිකරවයි.විවාහ අපේක්ෂිතයන්ට එම බලාපොරොත්තු තවදුරටත් ප්‍රමාධ කරවයි.මව් පාර්ශවයෙන් උපකාර ලැබේ.අනාගත ලාබයක් සදහා මූලික ආයෝජනයක් කිරීමට හයපත් කාලයයි.ඒ සදහා අවස්තා ඇතිවේ.සිතේ ඒකාකාරී බවට වෙනසක් ඇතිකරවයි.ප්‍රේම සබදතා පිලිබදව තම සිතේ අවිනිශ්චිත ස්ව්භාවයක් ඇතිකරවයි.තම අධ්‍යාපණික කටයුතු සදහා තාක්ෂණික උපකාර ලැබීමට හෝ නව තාක්ෂණික විෂයන් සම්බන්ධව ඉගෙනීම් කටයුතු සදහා යහපත් කාලයකි.

මිථුන ලග්නය

කාන්තා පාර්ෂවයේ උදව් උපකාර ලැබේ.ඔබට විස්වාසයෙන් කටයුතු කලහැකි මිතුරෙකු හෝ මිතුරියක හමුවිය හැකිය.නමුත් පැවති මිත්‍ර සබදතාවයක් කැඩීයා හැකිය.ගෘහ කටයුතු එතරම් යහපත් නැතත් ඉවසීමෙන් කටයුතු කරයි.කාර්‍යබහුල තත්වයක් පවතින නමුත් ඒ අතරම නව ඉගනීමකට යොමුවේ.නැතිනම් කිසියම් නව දැනුමක් ලැබිය හැකි කාලයකි.විටින් විට සිතෙහි කලකිරීමක් ඇතිවිය හැකිය.උදරගත අසනීප තත්වයන්ද,උශ්ණ රෝග සහ හිස ආශ්‍රිත වේදනාවන් ඇතිවිය හැකිය.

කටක ලග්නය

පැවති ගෞරවය පිලිබදව ගැටලු ඇතිවේ.සිතට වේදනා ඇතිවන සිදුවීමකට මුහුණදීමට සිදුවිය හැකිය.ඉගනීම යහපත්ය.කායික ශක්තිය වර්ධනයවේ.වැඩිහිටි ඇසුර ලැබේ.වියදම් වැඩිවේ.සහෝදර සහොදරියන් සමග ගැටලු ඇතිවේ.පපුවේ සෙම්ගති ඇතිවිය හැකිය.

සිංහ ලග්නය

රැකියාව සම්බන්දව සුබ තත්වයන් ඇතිවේ.ලැබීම් අතින් යහපත් උවත් අනවශ්‍යලෙස වියදම් යෙදේ.සහෝදර සහෝදරියන් සමග අමනාපකම් ඇතිවේ.අසල්වැසියන්ගේ විරුද්ධවීම සිදුවේ.කෙටි ගමන් බිමන් යෙදේ.නිවාස කටයුතු ඇරබීමට යහපත් කාලයකි.දේපල මිලදීගැනීමට හෝ දේපල සම්බන්ද වෙනත් කටයුතු සදහා යොමුවීමට යහපත් කාලයකි.ප්‍රථමික සහ උසස් අධ්‍යාපන කටයුතු සාර්තකව පවත්වාගෙන යා හැකිය.විවාහය සම්බන්දව දුර්වලතා ඇතිවේ.

කන්‍යා ලග්නය

සහෝදර සහෝදරියන්ගේත් මිතුර මිතුරියන්ගේත් සහයෝගය ඔබගේ වැඩකටයුතු සදහා ලැබෙනු ඇත.සැප පහසුව රහිතව කටයුතු සිදුවේ.වෙනදා පහසුවෙන් සිදුකල කටයුතු සදහා වැඩි කැපවීමක් සහිතව ක්‍රියාත්මකවීමට ඔබට සිදුවනු ඇත.ආර්තික තත්වය සමබරව පවත්වාගෙන යාමට හැකිවේ.ඉගනීම් කටයුතුවල වෙනස්කම් ඇතිවේ.ඒ සදහා අමතර වියදමක් කිරීමටද සිදුවනු ඇත.දරුවන් අසනීපවිය හැකිය.බිරිද සහ ස්වාමියා අතර සමගියට බාදා ඇතිවිය හැකිය.

තුළා ලග්නය

මෙතක් පැවති ආර්ථික දුර්වලතා විසදාගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.රැකියා ඉල්ලුම් කිරීමට යහපත්ය.මිතුරන් ඔබට පිටුපා කටයුතු කරනු ඇත.මානසික දුර්වලතා ඇතිවේ.කතාබහේදී සැලකිලිමත්ව වචන භාවිතා කල යුතුය.නැතිනම් ලැබීමට පැවති ලාබ ප්‍රයෝජන පවා අහිමිවිය හැකිය.ප්‍රේම සබදතා පිලිබදව ගැටලු ඇතිවිය හැකිය.සෙම්කෝපවීම් සහ හිසේ වේදනාවන් ඇතිවේ.

වෘශ්චික ලග්නය

මුදල් ගැටලු ඇතිවේ.මිතුර මිතුරියන් සමග නිවසෙන් පිටව දුරබැහැර ගමන් යාමට අවස්තාව ලැබේ.නොගැලපෙන සබදතා ඇතිවීමට අවස්තාව පවතී.මිතුර මිතුරියන් සහ වෙනත් සබදතා හේතුවෙන් තමාගේ තැම්පත් ධනයට පවා හානි ඇතිවිය හැකිය.මවය අසනීප තත්වයන් ඇතිවිය හැකිය.ඔබගේ පපුව සම්බන්දව දුර්වලතාවයන් ඇතිවේ.ඉගනීම් කටයුතු යහපත්ව පවත්වාගෙන යා හැකිය.නමුත් විටින් විට මානසික පීඩාවන් නිසා ඉගනීම් සම්බන්දවද දුර්වලතාවයන් ඇතිවේ.

ධනු ලග්නය

විවාහදිවියේ ගැටලු තත්වයන් ඇතිකරවයි.දෙදෙනා අතර මත ගැටුම් ඇතිවේ.විවාහ අපේක්ෂිත ඔබගේ බලාපොරොත්තු කඩවීම් වලට ලක්විය හැකිය.මවගෙන් විශේෂ සැලකීම් ලැබෙනු ඇත.රැකියාව පිලිබදව ගැටලු ඇතිවේ.ඔබගේ කටයුතු සදහා වෙනත් අයගේ මැදිහත්වීමක් සිදුවිය හැකිය.යටපත්ව පැවති රෝග තත්වයන් ඇතිවේ.විශේෂයෙන් පපුව ආශ්‍රිත දුර්වලතා වර්ධනයවේ.ඉගනීම් කටයුතු පිලිබදවද බලවත් සුබ තත්වයක් ඇතිනොවේ.

මකර ලග්නය

රැකියා බලාපොරොත්තු කඩවේ.දැනට නිරතවන රැකියාවේ වැඩි වගකීමක් දැරීමට ඔබට සිදුවිය හැකිය.එම වගකීම් අතපසුවීම නිසා උසස් නිලධාරීන්ගේ දෝෂාරෝපන ඇතිවේ.සතුරු කරදර ඇතිවිය හැකිය.ඉගනීම් කටයුතු දුර්වලවේ.වෙනස්වීම් සහිතව කාලයගතවේ.මානසික සමබරතාවයට ගැටලු ඇතිවේ.ආගමික කටයුතු සදහා සම්බන්ද වීමට අවස්තාව ලැබෙනවා ඇත,වන්දනා ගමන්ද යෙදිය හැකිය.

කුම්භ ලග්නය

රැකියා අංශයේ යහපත් තත්වයන් ඇතිකරයි.රැකියාවෙන් ලබන ආදායම පවා ක්‍රමාණුකූලව භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත.ගෘහ කටයුතු අවුල් වියවුල් සහිතව සිදුවේ.බිරිද හෝ ස්වාමිපුරුෂයා සමග ප්‍රශ්න ඇතිවේ.විවාහදිවියට බාදාකාරී තත්වයන් ඇතිවේ.ප්‍රකෝපකාරී සිදුවීම් සිදුවිය හැකිය.ඉගනීම් සම්බන්දවද සුලු සුලු අවහිරතා ඇතිවූවත් එම අවහිරතාවයන් විසදාගනිමින් එම කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට අවස්තාව ලැබෙනවා ඇත.

මීන ලග්නය

විවාහ ජීවිතයේ සහ ගෘහ කටයුතු වලදී විවිධ ප්‍රශ්න ගැටලු ඇතිවූවත්,එම ගැටලු යහපත් ආකාරයෙන් විසදාගැනීමට හැකියාව ලැබේ.අන් අයගේ උපකාර ලැබේ.විස්වාස වන්ත ප්‍රේම සබදතාවයක් හෝ මිත්‍ර සබදතාවයක් ඇතිවීයට හැකිය.නමුත් අන් අය පිලිබදව විස්වාසයෙන් කටයුතු කිරීම මගින් පාඩු අලාබද සිදුවිය හැකිය.දුර්වලතා මැද උවද රැකියාවත් ආර්තික තත්වයත් යහපත් ආකාරයෙන් පවත්වාගැනීමට හැකිය.ඉගනීම් සම්බන්දව තරමක දුර්වලතා ඇතිවේ.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online