2015 මැයි 10 වනදා සිට 2015 මැයි 16 දක්වා සතියේ ලග්න පලාඵල











2014 ජුනි මස 19 වනදා නවග්‍රහයන් අතරින් සුභඵලදායක බලවත්ම ග්‍රහයා වන ගුරු ග්‍රහයා සිය උච්ච රාශිය වූ කටක රාශියට පැමිණි අතර 2015. ජුලි 14 වනදා එම ගුරු කටකරාශියෙන් මිදී සිංහ රාශිය කරා පැමිණේ.එතැන් සිට වසරක පමණ කාලයක් ගුරු ග්‍රහයා සිංහ රාශියේ ගමන් කරනු ඇත.ගුරුට සිංහ රාශිය මිත්‍ර රාශියවේ.


මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නස්තානයෙන් පස්වැන්නට ගුරු ග්‍රහයා පැමිණේ.සුබ තත්වයන් ඇතිකරවනු ඇත.නමුත් ලග්න අශ්ටම ඒරාශ්ටක අපලයක් පවතින මොහොතක් හේතුවෙන් ගුරු ග්‍රහයා පස්වැන්නට පැමීණීමෙන් ඇතිකරවනු ලබන සුබ තත්වයන් දුර්වල වනු ඇත.ස්වයං රැකියාවන්හි නිරත ඔබට එමගින් වැඩි ආදායමක් ලැබිය හැකිය.හවුලේ කරන කටයුතු මගින් ලාබ ලැබේ.යහපත් සබදතා ඇතිවේ.තරග විභාග ආදියෙන් උසස් ප්‍රතිපල ලැබේ.රැකියාවේ උසස්වීම් ලැබේ.රැකියා බලාපොරොත්තු ඉටුකරගැනීමට හැකියාව ලැබෙනවා ඇත.දරු සම්පත් බලාපොරොත්තු ඉටුවේ.දරුවන්ගෙන් උදව් උපකාර ලැබෙනවා ඇත.අමනාපයෙන් සිටි අය ඔබ සමග නැවත සබදතා ආරම්භ කරයි.තරුණියන්ට යහපත් ගති පැවතුම් ඇති පෙම්වතෙකු හෝ සහකරුවෙකු හදුනාගැනීමට අවස්තා සැලසේ.උසස් අයගේ උදව් උපකාර ලැබෙන කාලයයි.නව ඉගෙනීම් සදහා අවස්තා සැලසේ.සෑම දෙයකින්ම යහපත් ආදර්ශයක් ලැබිය හැකිය.වන්දනා ගමන් ආදියට යාමට අවස්තාව උදාවේ.ආගම දහම පිලිබදව සිත යොමුවේ.

2016.01.29 වනදායින් පසුව ඉහත පැවසූ සියලු තත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස්වන බවක් පෙන්නුම් කරයි.ගුරු පස්වැන්නේ ගමන්කරන අතර තුර රාහු ග්‍රහයා ඔබගේ ලග්නයෙන් පස්වැන්නේ පැමිණීමත් රාහු ගුරු සමග යෝගවීමත් පවතින ඒරාශ්ටක අපල තත්වයත් අනුව අසුබ තත්වයන් වර්ධනය වනවා ඇත.බඩ යටිබඩ සම්බන්දව රෝගපීඩා ඇතිකරවයි.දනිස් ආබාධ ඇතිකරවයි.විෂ ශරීරගතවීමක් සහිත කාලයකි.අධික වියදම් ඇතිවේ.පවත්වාගෙන ආ කටයුතු සම්පූර්ණයෙන්ම බිදවැටීමට හෝ එම කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමටත් වැඩි වියදමක් දැරීමටත් සිදුවේ.මවගෙන් වෙන්වීමක් ඇතිකරවයි.නිවසෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවේ.නොසිතූ ආකාරයෙන් රැකියාවේ වෙනසක් හෝ ස්තාන මාරුවක් ඇතිවේ.තම ලගම හිතවතෙකුගේ රැවටීමකට ලක්විය හැකිය.සිතේ සැනසීම අඩු කාලයකි.නිවසේ ගෘහ ජීවිතයේ යහපත් තත්වයට හානි ඇතිකරවයි.ගෞරවයට හානි ඇතිවිය හැකියි.නොගැලපෙන සබදතා ඇතිවේ.තමාට නොගැලපෙන සමාජ ඇසුරක් හිටිහැටියේ ඇතිවිය හැකිය.කටකතා කේලම් ආදිය හේතුවෙන් චිත්ත පීඩාවන් ඇතිකරවයි.2016.01.29 වනදායින් පසු කාලය පිලිබදව ඉතා සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වනු ඇත.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.ගුරු උපතින් සිව්වැන්නේ සිටීම යහපත් උවත් ගුරු චාරයෙන් සිව්වැන්නට පැමිණීම එතරම් සුබඵලදායක නොවේ.කෙසේ වෙතත් දේපල සම්බන්දව යම්කිසි ප්‍රමාණයක වර්ධනයක් ඇතිකරවයි.නිවසේ හෝ ගෘහ ජීවිතයේ තත්වය යහපත් අතට යොමුවේ.නෑ හිතවතුන් නිවසට නිතර පැමිණේ.නව දේපළක් මිලදී ගැනීමට අවස්තාව උදාවනු ඇත.ම්ව සමග සහ ම්ව් පාර්ශවය සමග පවත්වනා සබදතා වර්ධනය කරණු ඇත.සිතට සහනයක් කුමන අංශයකින් හෝ ලැබේ.අලුත් ඇදුම් පැලදුම් මිලදී ගැනීමට අවස්තා ලැබේ.තෑගි බෝග ලැබේ.ආගම දහම පිලිබ්දව අවබෝධයක් ලැබේ.ඒ සම්බන්දව ගෞරවය වර්ධනය වනවා ඇත.ඔබ විදෙස්ගතව ජීවත්වන කෙනෙකු නම් මව් රටට පැමිණීමේ බලාපොරොත්තු ඉටුකරගැනීමේ අවස්තාව ලැබේ.ආර්තික තත්වයේ විශේෂ වර්ධනයක් ඇතිවනවා යැයි කිව නොහැකි උවත් පැවති ආර්ථික තත්වය නොවෙනස්ව පවත්වාගෙන යාමේ අවස්තාව සැලසෙනු ඇත.

2016.01.29 න් පසුව තත්වය වෙනස්වේ.ගෘහ ජීවිතය පිලිබදව තත්වයන් වෙනස්වේ.සමගියට බාධා ඇතිකරවයි.තමාට ලගම හිතවතෙකු නිසා කරදර පීඩාවන්ට නොදැනුවත්වම හසුවීමට ඉඩ ඇත.රැකියාව පිලිබදවද ගැටලු ඇතිකරවනු ඇත.නොසිතූ ආකාරයෙන් රැකියා ස්තානමාරුවක් යෙදිය හැකිය.දුර බැහැර ප්‍රයෝජන රහිත ගමන් බිමන් නිතර යෙදෙනවා ඇත.තම තත්වයට ගෞරවයට හානි ඇතිවේ.නිවාස දේපල සම්බන්දව කරයෙන ආ පවත්වාගෙන ආ කටයුතු හිටි හැටියේ වෙනස් විය හැකිය.එම වෙනස යහපත් වෙනසක් වීමට තිබෙන අවස්තාව ඉතා අඩුය.මවගේ ශරීර සනීපය පිලිබදව මෙන්ම ඔබගේ මානසික සමබරතාවය පිලිබදව ගැටලුකාරී බවක් ඇතිකරවයි.පපුවේ ඇතිවෙන පීඩාවන් විශේෂයි.අධික රුධිර පීඩනය වැනි හදිසියේ ඇතිවන රෝගයන් නිසා පීඩාවීම් ඇතිකරවයි.වියදම් අධික කාලයකි.බලාපොරොත්තු ඉටුකරගැනීමට අපහසුවේ.යම් දෙයක සාර්තකත්වය ලැබීමට නම් වෙනදාට වඩා වැඩි කැපකිරීමක් කිරීමට සිදුවනු ඇත.දින කිහිපයකට හෝ නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන කාලයකි.යම් අවස්තාවන් වලදී නීතිමය ගැටලු පවා ඇතිවිය හැකිය.තමා මීට පෙර නොහදුනන කෙනෙකු හෙතුවෙන් තමාට තමාගේ පැවැත්මය හානි ඇතිකරවයි.රැවටීමකට හසුවිය හැකිය.එය දේපල සහ මුදල් සම්බන්ද අවස්තාවකදී විශේෂයෙන් ඇතිවනු ඇත.කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත්බව සදහන් කරමි.

මිථුන ලග්නය
මිතුන ලග්නයට ගුරු භාධක ග්‍රහයාවේ.නමුත් ගුරු නවග්‍රහයන්ගේ සුබම ග්‍රහයාවේ.මිතුන ලග්නයේ ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.විවාහ අපේක්ෂිත මිතුන ලග්න හිමියන්ට මංගලයෝග උදාවනු ඇත.එම කටයුතු සදහා යොමුවීමට යහපත් කාලයකි.සහෝදර සහෝදරියන්ට යහපත් කාලයක් වනවා මෙන්ම ඔබටද ඔවුන්ගෙන් ලාබ ප්‍රයෝජන ලැබෙනවා ඇත.නව ඉගෙනීම් කටයුතු සදහා සිත යොමුවේ.එම කටයුතු සදහා යොමුවීමට යහපත් කාලයකි.මතක ශක්තිය වර්ධනය වන කාලයයි.තරග විභාගයන්ට ඉදිරිපත් වීමට සුදුසු කාලයයි.අසල් වැසියන් සමග පවත්වන සබදතා වර්ධනය කරයි.ඔවුන්ගෙන් ඔබටත් ඔබෙන් ඔවුන්ටත් උදව් උපකාර ලැබේ.කෙටි ගමන් බිමන් වලදී හිත මිතුරු සබදතා ඇතිකරගනී.

කෙසේ වෙතත් 2016.01.29න් පසු කාලය යහපත් නොවනු ඇත.ශරීර සනීපය පිලිබදව ගැටලු ඇතිකරයි.යටපත්ව පැවති අසනීප තත්වයන් නැවත මතුවේ.නිතර ගමන් බිමන් ඇතිවේ.එයින් තමාගේ අරමුණු ඉටුකරගැනීමට තිබෙන අවස්තාවන් මගහැරේ.රැකියාව සම්බන්දව වෙනසක් ඇතිවේ.ස්තාන මාරුවක් හෝ ස්තිර පදිංචියෙන් වෙන්වයාමක් සිදුවන කාලයකි.නෑදෑ හිතමිත්‍රයන්ගෙන් කරදර පීඩා ඇතිවේ.සහොදරයෙකු සමග ගැටලුවක් ඇතිවන කාලයකි.අසල්වැසියන් සමග පවත්වන සබදතා හේතුවෙන්ම කිසියම් ගැටලුවකට මුහුණ දීමට සිදුවිය හැකිය.නිකරුනේ නිශ්ඵල ගමන් ඇතිකරවයි.අවලාද අපවාදයන්ට ලක්විය හැකි කාලයක්වේ.

කටක ලග්නය
කටක ලග්නයේ ලග්නයෙන් දෙවැන්න වන ධනස්තානයට ගුරුගේ පැමිනීම සිදුවනු ඇත.ඔබට යහපත් කාලයක්වේ.ආර්ථික ලාභ බලාපොරොත්තුවෙන් කරගෙන යන කටයුතු හෝ අලුතින් ආරම්භ කරන කටයුතු මගින් වැඩි ආර්තික වාසියක් ලැබෙනු ඇත.විවාහක අයෙකු නම් දරු පවුල සමග පවත්වන සබදතා වර්ධනය කරනු ඇත.දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටියේනම් ඒ සදහාද යහපත් කාලසීමාවකි.විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවීමටත් නව පෙම් සබදතා ලැබීමටත් කම් සැප ලාබ ලැබීමටත් යහපත් කාලයකි.කටට රසට ආහාරපාන ලැබේ.ප්‍රිය සම්භාෂන සදහා සහභාගී වීමට හෝ පැවැත්වීමට සිදුවනු ඇත.හිතමිත්‍ර සබදතා ඇතිවේ.ඔබගේ පිලිගැනීම වර්ධනයවේ.ජනතාවගේ ප්‍රසාධය ලැබේ.අධ්‍යාපන කටයුතු සදහා යහපත් කාලයයි.සිහිකල්පනාවෙන් බුද්ධිමත්ව තමාගේ කටයුතු පවත්වාගෙන යා හැකිය.

රාහු ග්‍රහයා 2016.01.29 වනදා ගුරු සමග සම්බන්ද උවද බලවත් අයහපතක් ඇතිනොවෙනු ඇත.විදෙස්ගතවීමේ බලාපොරොත්තු ඉටුවේ.පිටපලාතක අයෙකුගෙන් හෝ විදෙස්ගත අයෙකුගෙන් උදව් උපකාර ලැබේ.පිට පලාත්වල සංචාරයන් යෙදෙනු ඇත.ආගමික කටයුතු සදහා වෙනදාට වඩා සිත පෙලබෙන කාලයකි.

සිංහ ලග්නය
සිංහ ලග්නයේ ඔබට ගුරුගේ පැමිණීම සිදුවන්නේ ලග්න භාවයටමවේ.ගුරු ලග්නයේ සිටීම දෝෂයන් බිදෙන හෙතුවක් උවත් චාරයෙන් ගුරු ලග්නයට පැමිණීම පිලිබදව එතරම් යහපත් ප්‍රතිඵ්ල ලබාදෙන හේතුවක් ලෙස හදුන්වා නැත.කෙසේ වෙතත් මෙතෙක් ලද අත්දැකීම් අනුව ගුරු ලග්නයට පැමිණීම කිසියම් ආකාරයක සුබ ප්‍රතිඵල ලබාදීමට හේතුවක් ලෙස පැහැදිලි කරගැනීමට හැකිවිය.මේ අනුව සිංහ ලග්නයෙන් උපන් ඔබට ගුරු ලග්නයට පැමිණීමෙන් යහපත් තත්වයක් උදාකරනු ඇත.පිලිගැනීම ගෞරවය ලැබෙන කාලයකි.ඉගෙනීම් කටයුතු මගින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට අවස්තාව උදාවිය හැකිය.දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඒ සදහා යහපත් කාලයකි.දරුවන්ගේ කටයුතු සම්බදව සිතට සතුට සැනසීම ලැබෙනා කාලයක්වේ.ආගමික භක්තිය වර්ධනය කරවයි.වන්දනා ගමන් මෙන්ම දානමය පුණ්‍යකටයුතු සදහා සහභාගීවීමට අවස්තාව ලැබේ.හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ.හිත මිතුරන්ගේ ඇසුර වර්ධය වන කාලයයි.පවත්වාගෙන ආ කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමටත් නව වැඩ කටයුතු ආරම්භ කර සාර්තකව පවත්වාගෙන යාමටත් අවස්තාව උදාවනු ඇත.හවුලේ කරන කටයුතු මගින් වැඩි ආර්ථික වාසියක් හිමිකරගැනීමට අවස්තාව ලැබෙනු ඇත.සැප ලැබේ.මානසික සමබරතාවය පවත්වාගෙන යාමටත් තමාට ඇතිවන ඕනෑම ගැටලුවකට මුහුණ දීමට ආත්ම ශක්තිය සහ බුද්ධිමය ශක්තියත් ලැබෙනවා ඇත.දේපල සම්බන්දව ගැටලු පැවතියේ නම් එම ගැටලු නිරාකරණය කරගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.ගෘහ ජීවිතයේ ගැටලු සමනය කරගෙන සාමය සමගිය පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා ඇත.විවාහ පේක්ෂිත තරුණ තරුණියන්ගේ එම බලාපොරොත්තු ඉටුකරගැනීමට ඉඩ ප්‍රස්තා සැලසේ.විවාහක අයගේ සමගිය බැදීම වර්ධනය වන අතර මතුවෙමින් පැවති ගැටලු බුද්ධිමත්ව විසදා ගැනීමට හැකියාව ලැබේ.සමාජ සම්බන්ධතා වර්ධනයවේ.සිතට කිසියම් ආකාරයේ සතුටක් සැනසීමක් ඇතිකරවාගෙන පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

2016.01.29 වනදා රාහු ලග්නගතවේ.ඒ සමග කිසියම් වෙනසකට මුහුණ දීමට සිදුවේ.ජීවිතයේ විශේෂ පර්වර්ථනයක් ඇතිවිය හැකිය.ගුරු සමග යෝගවන රාහු හේතුවෙන් මූලික අවස්තාවේදී තම තත්වය ගෞරවය පිලිබදව ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකිය.ඉගෙනීම් කටයුතු කෙටි කාලයකට හෝ අඩපන වීමට හැකිය.දරුවන් සම්බන්දව ගැටලු ඇතිකරවනු ඇත.නිවසින් පිටව යාමට හෝ පදිංචියේ වෙනසක් ඇතිකරවනු ඇත.රැකියාව සම්බන්දවද ඇතිවන්නේ වෙනසකි.විදෙස්ගතවීමක් සදහා යහපත් කාලයයි.උපන්ගමින් නගරයෙන් පිටව වාසය ඇතිවේ.මූලික කාලය නොසිතන ආකාරයේ ගැටලු ඇතිකලද අවසානයේ ඇතිවී ඇති බොහොමයක් ගැටලු සදහා යහපත් විසදුම් ලැබීම නියමයි.උණ සංනිපාත තත්වයන් විෂ ශරීරගතවීම ආදියෙන් ආරක්ෂා වන්න.

කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයට බාධක ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයාවේ.මෙතෙක් ගුරු ලග්නයෙන් එකොලොස්වැන්නේ ගමන් කරමින් ඔබගේ ලැබීම් සම්බන්දව ඇතිකරවමින් පැවති බාධාකාරී තත්වයන් 2015.07.14 වනදා සිදුවන ගුරු මාරුව සමග වෙනස්වී යනු ඇත.ගුරුගේ පැමිණීම සිදුවන්නේ ලග්නයෙන් දොලොස්වැන්නටවේ.ජීවිතයේ ඇතිවෙමින් පැවති වෙනස්කම් සම්බන්දව තරම්ක හෝ සුබදායක තත්වයක් ඇතිවනු ඇත.නයතුරුස් ආදිය පැවතියේ නම් එයින් නිදහස් වීමට අවස්තාව උදාවේ.වියදම් අධිකව සිදුවනු ඇත.අධිකව වියදම් කිරීමට නම් ඒ හා සමානව ලැබීමක්ද පැවතිය යුතුය.එනම් ආදායම් තත්වයේ පැහැදිලිවෙනසක් ඇතිවනු ඇත.ආගමික සම්බන්දතා වර්ධනය කරවයි.ආගම දහම පිලිබදව වෙනදාට වඩා ගෞරවයක් භක්තියක් ඇතිවනවා ඇත.වන්ධනා ගමන් ආදියට සම්බන්ද වීමට අවස්තාව උදාවනවා ඇත.එම කටයුතු වලදී එහි මූලිකත්වය ගෙන කටයුතු කිරීමට අවස්තාව ලැබේ.සමාජයෙන් ගෞරවය ලබයි.සිතට සැනසීමක් ලැබීමට අවස්තාව උදාවේ.පැවති සතුරු කරදර ආදියෙන් නිදහස් වීමටත් වෙන්වී සිටි පවුලේ සාමාජිකයන් සමග නැවත සබදතා ඇතිකරවයි.තමාගෙන් සිදුවූ මොහොමයක් වැරදි සහ අතපසුවීම් නැවත යහපත් ආකාරයෙන් සකසාගැනීමට කාලය මෙයයි.නඩුහබ ආදියෙන් නිදහහ් වීමටත් ඇතිවන ඕනෑම ගැටලුවක් මූලික අවස්තාවේදීම විසදා ගැනීමටත් අවස්තාව සැලසෙනවා ඇත.

2016 වසර ආරම්බයත් සමග ඉහත කී තත්වයන් වෙනස්වීමකට ලක්විය හැකිය.වෙහෙසකර ගමන් බිමන් ඇතිකරවයි.ප්‍රතිඵල රහිත කටයුතු සදහා වියදම් කිරීමට සිදුවේ.නව වැඩ කටයුතු ආරම්භ කලහොත් එම කටයුතු මගින් ලාබ ප්‍රයෝජන මූලික අවස්තාවේදී ලැබීමට තිබෙන අවස්තා අඩු උවත් එයින් පසු කාලයේදී නිසි ආකාරයෙන් බලාපොරොත්තු ඉටුකරගැනීමට හැකිවනු ඇත.රහස් ගමන් බිමන් ඇතිවේ.රහස් සතුරන්ද ඇතිවන කාලයයි.එය බුද්ධිමත්ව වටහාගෙන කටයුතු කල යුතුය.යටපත්ව පැවති නීතිමය ගැටලු නැවත මතුවී එයි.තමාගේ ගෞරවයට ප්‍රසිද්ධියට කැලැල් ඇතිකරවයි.පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවිය හැකිය.කිවයුතුව ඇත්තේ කන්‍යා ලග්නයේ ඔබට ගුරු මාරුවෙන් විශේෂ බලවත් යහපතක් නැතත් එවැනිම අයහපතක් ද ඇතිවන්නේ නැත.ඇතිවූවත් එම ගැටලුවලට බුද්ධිමත්ව විසදා ගැනීමට හැකිවනු ඇත.

තුළා ලග්නය
තුලා ලග්නයට 2017 දක්වාම පවතින්නේ අසුබ කාලයකි.එයින්ද 2016 මුල් මාසය දක්වා පවතින්නේ විශේෂිත අසුබ තත්වයකි.ගුරු මාරුවත් සමග ඔබට ලග්නයෙන් එකොලොස්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.මේ අනුව දැනට පවතින අසුබ තත්වය තරමකට හෝ සමනය වීමක් සුදුවනු ඇත.රැකියාව සම්බන්දව ප්වති අසුබ තත්වයන් සමනය කරවාගෙන තරමක හෝ සහනයක් ලැබීමක් ඇතිවන කාලයකි.උසස් අයගේ උදව් උපකාර ලබාගත හැකි ලැබෙනා කාලයයි.අමනාපයෙන් සිටි මිතුර මිතුරියන්ගේ ඇසුර නැවතත් ඔබට ඇතිකරගත හැකිය.සතුරු කරදර ඉවත්ව යයි.සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාරයන් මෙන්ම අසල් වැසියන්ගේ පිලිගැනීමටද ලක්වේ.ඉගෙනීම් සම්බන්ධවද යහපත් තත්වයන් ඇතිකරයි.දරු සම්බත් සදහා යහපත් කාලයකි.දරුවන් සම්බන්දව පැවති ගැටලුකාරී තත්වයන් මගහැර ගැනීමට හැකිවනු ඇත.තරග විභාගයන්ගෙන් යහපත් ප්‍රතිඵ්ල ලැබෙනවා ඇත.සමාජ අවලාද අපහාසයන්ගෙන් යහපත් සහනයක් උදාවේ.විවාහ බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සදහාද එලබෙන කාලය යහපත්ය.විවාහදිවි ගතකරන අය අතර පැවති අසමගිය සහ මානසික පීඩාවන්ට සහනයක් ලැබෙනවා ඇත.

2016 ජනවාරි මාසයෙන් පසුව ඔබට මානසිකව ගත්කල පැහැදිලි සහනයක් ලැබෙනු ඇත.බාධාවකට හසුව පැවති ජීවිතයට සැනසීමක් ලැබෙනු ඇත.ආර්තික තත්වය ක්‍රමයෙන් යහපත්වේ.ණය තුරුස්වලින් ක්‍රමයෙන් මිදීමට අවස්තාව උදාවේ.දුර පලත් සමග සම්බන්ද වෙමින් නව ආදායම් මාර්ග ඇතිකරගැනීමට හැකියාව ලැබේ.පිටපලාත්වල හිත මිත්‍ර සබදතා වර්ධනය වේ.ප්‍රේම සබදතා ඇතිකරගැනීමට හැකියාව මෙන්ම අවස්තාවද ලැබෙනවා ඇත.විවාහ අපේක්ෂිත්යන් නම් කෙසේ හෝ විවාහයක් සදහා යොමුවීමට උත්සහ කරයි.කෙසේ වෙතත් යහපත් මිනිසුන් මෙන්ම තමන් නොදැනුවත්වම අයහපත් මිනිසුන්ගේද ඇසුර ඇතිවන කාලයයි.ඉගනීම් සම්බන්දව වෙනසක් ඇතිවේ.දරුඵල බලාපොරොත්තු මව්වරු විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කල යුතුග.බඩ ගර්භාශය සම්බන්ද දුබලතා ඇතිවිය හැක.ගර්භාශයටත් දරු කළලයටත් හානි ඇතිකරවයි.විදෙස්ගතවීම් සදහා යහපත් කාලයයි.කුමන ආකාරයකින් හෝ තමාගේ කටයුතු සාර්තක කරගැනීමට උත්සහ දරන කාලයක් වන නිසා ඔබ නොදැනුවත්වම අතපසුවීම් සිදුවී නොසිතූ මොහොතක විශාල අලාභ හානි ඇතිකරවනු ඇත.

වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයේ ඔබ මේ මොහොතේ ගෙවමින් සිටින්නේ ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය අවස්තාවයි.ගුරු ග්‍රහයා පැමිණෙන්නේ ලග්නයෙන් දසවැන්නටයි.මෙය යහපත් යැයි කිව නොහැක.ඔබට ගුරු සුබදායක ග්‍රහයෙකු උවත් දවැන්නට පැමිණීමත් සමග ඇතිකරවනු ලබන්නේ මධ්‍යස්ත තත්වයක් පමණි.රැකියාව සම්බන්දව වෙනස්වීම් ඇතිකරවයි.රැකියා ස්තානයේ විවිධ ගැටලුකාරී තත්වයන් ඇතිකරවනු ඇත.ඉවසීමෙන් කටයුතු නොකලහොත් රැකියාව අහිමිවීමක් දක්වා අයහපත ඇතිකරවයි.උත්සහ කරන ප්‍රමාණයට මහන්සියේ ප්‍රමාණයට ප්‍රතිඵල නොලැබී යනු ඇතල්.දුර බැහැර ගමන් ඇතිවේ.ඒ සෑම ගමනකින්ම බලාපොරොත්තුවන ආකාරයෙන් යහපත් ප්‍රතිඵලයන් නොලැබී යයි.ඉගෙනීම් කටයුතු මගින් උවත් විශේෂ යහපත් ප්‍රථිපලයක් ලැබීමට නම් අධික වෙහෙසමහන්සියෙන් සහ කැපවීමකින් කටයුතු කිරීමට සිදුවනු ඇත.ධනය දුර්වලවේ.ශාරීරික ශක්තියටද යහපත් නැති කාලයකි.විටින් විට ශාරීරික දුබලතා හේතුවෙන් තමාගේ බොහොමයක් වැඩකටයුතු අතපසුවීමකට ලක්විය හැකි බැවින් ආහාර පාන ආදිය මෙන්ම යෙදෙන ගමන් බිමන් ආදිය පිලිබ්දවද සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්වනු ඇත.විවාහ ජීවිතය සහ ගෘහ ජීවිතය සම්බන්දවත් තමාගේ දේපල සම්බන්දවත් ප්‍රශ්ණ ගැටලු ඇතිකරවනු ඇත.

රහු ග්‍රහයාද 2016 මුල් මාසයේ ලග්නයෙන් දසවැන්නට පැමිණ ගුරු සමග සංයෝගවීමත් සමග විශේෂයෙන්ම තමාගේ රැකියාවට ආදායම් තත්වයට බලවත් අසුබ බලපෑමක් ඇතිකරනවා ඇත.තමාගේ හිතවතෙකුගෙන් හිතවතියකගෙන් හෝ තම පවුලට සම්බන්ද කෙනෙකුගෙන් වෙන්වීමක් ඇතිවේ.සමහර විට හදිසි මරණයක් පවා ඔවුන්ට ඇතිවිය හැකිය.තම තත්වයට ගෞරවයට හානි ඇතිවන කාලයක් වන හෙයින් සමාජ සබදතාවන්ගෙන් තරමක් දුරට හෝ ඈත්ව කටයුතු කිරීම යහපත් ලෙස දන්වා සිටිමි.මවටත් පියාටත් අයහපත් කාලයකි.තමාගේ ආත්මශක්තියට හානි ඇතිවේ.ඒ හේතුවෙන් අත්‍යාවශය කටයුතු මගහැරී යා හැකි කාලයකි.වෙනදාට වඩා බුද්ධිමත්ව කාලය ගතකිරීම යහපත්වනු ඇත.

ධනු ලග්නය



ධනු ලග්නයට ලගනාධිපතියා වන්නේ ගුරු ග්‍රහයාවේ.මේ අනුව ගුරු මාරුවත් සමග ඔබට යහපත් තත්වයක් ඇතිකරවනු ඇත.රජයෙන් උසස් හිතමිත්‍රයන්ගෙන් උදව් උපකාර සැලකිලි ගරු නම්බුනාම ලැබෙනා කාලයයි.තම තත්වය කීසියම් හෝ ආකාරයකින් උසස් වනු ඇත.පවුලේ සමගියත් නෑ හිතවතුන් අතර පවත්වනා සබදතාත් වර්ධනය වනවා ඇත.වන්දනා ගමන් මෙන්ම විනෝද චාරිකා ද යෙදෙනවා ඇත.සමාජයේ පිලිගැනීමට ලක්වන කාලයයි.නව අධ්‍යාපණික අවස්තා උදාවේ.විදෙස්ගත ඉගෙනීම් කටයුතු සදහා උවද සම්බන්දවීමට අවස්තාව සැලසේ.ගමෙන් පිටව යහපත් ආකාරයෙන් ජීවිතය ගොඩනගා ගැනීමට අවස්තා උදාවනවා ඇත.ගෙදර දොර තත්වය යහපත්ව පවත්වාගෙන යාමට අවස්තාව සැලසෙනවා ඇත.පිටපලාත් අය සමග පවත්වන ආර්ථික සබදතාවයන්ගෙන් යහපත් ප්‍රතිපල ලැබෙනු ඇත.කුමන ආකාරයකින් උවත් තමාගේ ආර්තික තත්වය යහපත්වනු ඇත.විදෙස්ගත රැකියා සදහා යොමුවීම යහපත් ප්‍රතිඵලයක් ලැබීමට හේතු වනවා ඇත.මවටත් පියාටත් යහපත් කාලයක් උදාවනවා ඇත.

2016 මුල් මාසයෙන් පසු තත්වයේ වෙනසක් ඇතිකරවයි.ලගම නෑ හිතවතෙකුට මාර්ක තත්වයක් යෙදෙනවා ඇත.ආගම දහම කෙරෙහි පැවති භක්ජ්තිය දුර්වලවී ‍යනු ඇත.පැවති වාසනාවන්ත බවට තරමක හානියක් සුදුවනවා ඇත.මෙය හිටි හැටියේම සිදුවන වෙනස්කමක් වන හෙයින් විශේෂ ආර්තික පාඩු ඇතිකල හැකිය.නිශ්ඵල ගමන් යෙදෙනා කාලයයි.තම තත්වයට ගෞරවයට හානි දායකවන ආකාරයේ සබදතා ඇතිකරවයි.පැවති පිලිගැනීම සහ සැලකිලි අඩුවී යා හැකිය.සැලකිලිමත්ව ධනු ලග්න හිමියා කාලය ගතකිරීම යහපත් වන්නේ සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේද අසුබ බලපෑමකටද ඔබ මේ මොහොතේ හසුව තිබෙණ බැවිණි.

මකර ලග්නය
මකර ලග්නයේ ඔබගේ ලග්නයෙන් අටවැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.අටවැන්න මාරකස්තානයයි.ගුරු අටවැන්නට පැමිණීම ඔබට එතරම් යහපත් නොවනු ඇත.ශරීරික දුබලතා ඇතිකරවයි.අර්ෂශ හෝ ගුධ මාර්ගයේ රෝගී දුර්වලතාවයන් ඇතිකරවන කාලයි.නිධන්ගත රෝගයන්ට පවා ලක්විය හැකිය.යටපත්ව පැවති රෝගී තත්වයන් නැවත මතුවේ.ශරීරයට නිතරම වෙහෙසකර බවක් දැනෙනවා ඇත.විවාහ ජීවිතය සම්බන්දවද ගැටලුකාරී තත්වයන් මතුවන අතර එයින් මානසික සුව සහනයට බලවත් බලපෑමක් ඇතිකරවනු ඇත.දරුවන්ගේ කටයුතු තුලින් සිතේ සහනය ඉවත්වී යයි.ඉගෙනීම් කටයුතු අතපසු වීමට ඉඩ ඇත.ප්‍රේම සබදතා මගින්ද ඇතිකරනු ලබන්නේ එතරම් යහපත් තත්වයක් නොවේ.ආර්ථික දුෂ්කරතාවයන් ඇතිවේ.කරන කියන කටයුතු සපල වන්නේ ඉතා අඩු වශයෙනි.

රාහු ග්‍රහයාද 2016 මුල් කාලයේදී අටවැන්නට පැමිණීමත් සමග ඉහත කී අසුබ තත්වයන්ගේ වර්ධනයක් ඇතිවනවා ඇත.මාරක බිය ඇතිකරවයි.දුර බැහැර වෙහෙසකර ගමන් ඇතිවේ.ඒ හේතුවෙන් තැම්පත් ධනයට හානියක් ඇතිකරවනු ඇත.මාර්ග අනතුරු සහ හදිසි අනතුරු අවධානමක් යෙදෙන හියින් ඒ සම්බන්දව සැලකිලිමත්ව කටයුතු කල යුතුය.තම නෑ හිතවතෙකුට මාරක කාලයක් වේ.හිත මිත්‍රයන්ම තමා සමග අමනාප වන අතර වෙනත් නොගැලපෙන සබදතාවයන් හේතුවෙන් ඔබගේ වටිනකාම් වලට හානි ඇතිකරවනු ඇත.මකර ලග්න හිමි ඔබ ඉදිරි කාලය ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් බව සදහන් කරන අතරම ඉහත සදහන් බලවත් අපල යෙදෙන්නේ ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා දුබල තත්වයකින් සිටිය හොත් පමණකි.උප්පත්ති කේන්ද්‍රයේ ගුරු බලවත්ව පිහිටා ඇත්නම් තරමක සහනයක් ඉහත කරුණු සම්බන්දව මකර ලග්න හිමියාට යෙදෙනවා ඇත.

කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවනවා ඇත.යහපත් කාලයකි.සමාජ සම්බන්දතා මෙන්ම සමාජ ඇසුර සමාජ පිලිගැනීමද ප්‍රසිද්ධ වීමද ඇතිවන ඒ සදහා කරුණු යෙදෙනා කාලයයි.තරග විභාගයන්ගෙන් ජය ලැබීමට අවස්තාව උදාවේ.විවාහ දිවියේ සතුට සමගිය ඇතිකරවයි.ඕනෑම ගැටලුවකට බුද්ධිමත්ව විසදුම් ලබාගැනීමට හැකිවනු ඇත.හවුලේ කරන ව්‍යාපාරයන්ගෙන් ආර්තික වාසි ලැබේ.රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සදහා මූලික පියවර තැබීමට ඉතා යහපත්වනු ඇත.රැකියාවට සම්බන්ධ හේතු සහ එහි කටයුතු සදහා විදෙස් සංචාරක අවස්තා උදාවනවා ඇත.විවාහ අපේක්ෂිතයන්ට නම් තම මංගල සිහිනය සෑබෑවක් බවට පතකරගැනීමට හැකිවනු ඇත.ඉගෙනීම් කටයුතු වර්ධනය කරයි.

2016 වසරේ මුල් කාලයෙන් පසුව විදෙස්ගමන් පලාපොරොත්තු වන්නන්ගේ එම බලාපොරොත්තු ඉටුවේ.එම ගමන් තුලින් යහපත් ප්‍රතිඵ්ල උදාකරගැනීමට හැකිවේ.පවුලේ උදවිය සමග දුර බැහැර විනොද චාරිකා ආධියට සම්බන්දවීමට අවස්තා සැලසෙනවා ඇත.මේ අතරම නොගැලපෙන මිත්‍ර සබදතා ආධියටද අවස්තා සැලසේ.මුත්‍ර පද්ධතියේ ආභාධයන්ට හේතු ඇතිවේ.

මීන ලග්නය




මීන ලග්නයටද ගුරු ලග්නාධිඅපති ග්‍රහයාවේ.එම ගුරු ග්‍රහයා පැමිණෙන්නේ කේන්ද්‍රයේ සතුරු ස්තානය සහ රෝගස්තානය වශයෙන් හැදින්වෙන ලග්නයෙන් හයවැන්නටවේ.මෙය මිශ්‍රඵල උදාකරවන ග්‍රහ තත්වයක් ඇතිකරවයි.විවාහ දිවියේ යම් යම් ගැටලුකාරී තත්වයන් ඇතිකරවනු ඇත.කිසියම් දෙයක් කර සිතේ සතුට හෝ ආර්තික ලාබ බලාපොරොත්තු වන්නේ නම් එම බලාපොරොත්තුව සිතන ආකාරයෙන්ම ඉටුනොවේ.තමා සමග හිතවත්කමින් සිටිනා අයගෙන්ම නරක අසන්නට ලැබේ,තමා පිලිබදව ඔවුන් අයහපත් ආකාරයේ විවේචන ඉදිරිපත්කරවයි.එයින් ඔබට සිතේ සැනසුම අහිමිවිය හැකිය.සිත පිනවීමට කරන කටයුතු වලින් ඉවත්ව කටයුතු කිරීමට සිදුවනු ඇත.සිතට මෙන්ම කයටද සැප නැති තත්වයක් පවතී.පැවතියත් එයින් තමාට තෘප්තියක් ලැබීමට නොහැකිවනු ඇත.කරදරකාරී දේ සිදුවේ.දරුවන්ටද අසනීප තත්වයන් ඇතිකරවයි.තමා යටතේ සේවය කරන සේවකයන්ගෙන් නිසි ප්‍රයෝජනය නොලැබීයයි.තනිකම මෙන්ම දුකද සිතට දැනෙනවා හැගෙනවා ඇත.කෙසේ වෙතත් 2016 මුල් කාලයෙන් පසුව මෙම තත්වය යහපත් තත්වයක් දක්වා වර්ධනය වනු ඇත.සතුරන් පරදා ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත.අතපසුවෙමින් පැවති තම කටයුතු නැවත වතාවක් සාර්තකව පවත්වාගෙන යාමටත් ආර්තිකමය වශයෙන් විශේෂ ලාබ ප්‍රයෝජන ලැබීමටත් අවස්තාව හිමිවනු ඇත.සොර සතුරන් සිටින නමුත් ඔවුන්ගේ කටයුතු මගින් ඔබට හානියක් ඇතිකරවීමට ඔවුන්ට හැකියාවක් නොමැති කාලයකි.

කිසියම් අසනීප තත්වයකින් පෙලෙමින් සිටියේ නම් එයින් සුව සහනය ලැබෙනු ඇත.නිවසට අත්‍යාවශ වන සහ නොවන භාන්ඩ මිලදීගැනීමට හැකිවනු ඇත.අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරියක් කිරීමට හෝ නව ආර්තික ආයෝජනයක් කිරීමට අවස්තාව හිමිවනු ඇත.කාන්තාවන්ට පුරුෂයන් සමගත් පුරුෂයන්ට කාන්තාවන් සමගත් සබදතා වර්ධනය කරගැනීමටත් නව සබදතා ආරම්භ කිරීමටත් අවස්තාව උදාවේ.සතා සිව්පාවගෙන් වන හානි වලින් ප්‍රවේසම් විය යුතුය.රාත්‍රි ගමන් අඩුකල යුතු කාලයයි.ආහාර විෂවීමක් ඇතිකරවයි.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online