සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / වෘෂභ ලග්නය

මධ්‍යස්ත ප්‍රතිඵල උදාකරනු ඇත.සතුට තුලින්ම දුක මතුවී එන වසරකි.උත්සහය සහ උනන්දුවෙන් යුතුව ඕනෑම කටයුත්තකට පෙළඹෙනු ඇත.එම කරන කටයුත්ත සාර්තක උවද අසාර්තක උවද ,එහි පලවිපාකය පිලිබදව මධ්‍යස්තව සිතාබලා සෑහීමකට පත්වීමට තරම් චිත්ත ශක්තියක් ඔබ තුල පිහිටනු ඇත.එමෙන්ම ඔබ පවුලේත් සමාජයේත් රැකියා ස්තානයේ හෝ වෙනත් ඕනෑම තැනක කැපී පෙණෙන තත්වයක් ඇතිවේ.ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන් කරන කටයුතු සිතූ ආකාරයටත් වඩා සපල වනු ඇත.

නිවාස දේපල පිලිබදව නව කටයුතු ඇතිවේ.නව යාන වාහන මිලදී ගැනීමට අවස්තාව ලැබේ.නිවාස අලුත් වැඩියාවට,නිවසට කොටසක් අලුතින් එක්කරගැනීමට හැකියාව ලැබේ.දුර බැහැර ගමන් බිමන් ඇතිවේ.විශේෂයෙන් ආගමික කටයුතු සදහා පිටපලාත්වල සංචාරය කිරීමට අවස්තා සැලසේ.අමනාපයෙන් හෝ කිසියම් හෙතුවකින් ඔබගෙන් වෙන්ව සිටි නෑ හිතවතුන් නැවත ඔබ සොයා පැමිණෙනු ඇත.තමන් සිටින තත්වයට වඩා පියවර කිහිපයකින් හෝ උසස් තත්වයකට පිය නැගීමට අවස්තාවක් ලැබෙනු ඇත.

විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵලකර ගැනීමට අවස්තාවක් පවතී.නමුත් ඒ සදහා වැඩි කැපකිරීමකින් යුතුව කටයුතු කිරීමට සිදුවේ.අගෝස්තු මාසයෙන් පසුව නව මිත්‍ර සබදතා ඇතිවේ.පෙම් සබදතා සදහාද යහපත්වේ.ගරු කටයුතු පුද්ගලයන්ගේ අනුග්‍රහයත් ඇසුරත් ලැබෙන නමුත්,එම සබදතා එතරම් කාලයක් පවත්වාගෙන යාමට හැකියාව නොලැබෙනු ඇත.දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවේ.

ඉගෙනගන්නා දරුවන්ටත්,තරග විභාගයන්ට ඉදිරිපත්වන්නන්ටත් යහපත් ප්‍රතිපලයක් බලාපොරොත්තු විය හැකිය.බුද්ධිය වර්ධනයවේ.නව ඉගෙනීම් සදහා යොමුවීමට යහපත්ය.ආරම්බය සාර්තක වනු ඇත.විදෙස්ගත උසස් අධ්‍යාපනය සදහා බලාපොරොත්තුවෙන් සිටි අයට කාලය යහපත්ය.

විවාහ ජීවිතයේ සැක සංකා මතුවේ.බිරිදට හෝ ස්වාමියාට හදිසි රෝගී තත්වයන් මතුවිය හැකිය.කාම ආශාවන් වර්ධනය වේ.මේ නිසා එවැනි සිතුවිලි වෙනදාට වඩා පාලනයකරගත යුතුය.අයහපතට සිත වේගයෙන් ඇදීයන කාලයකි.අත්දැකීම් ලැබීමට සිතයි.එයින්ම අයහපතක් ඇතිකරගන්නා අතර,එවැනි දෙයකින් සිදුවන අයහපත රහසක්ව පවතින්නේ නැත.ඔබ කරන හොද හෝ වේවා , නරක හෝ වේවා,කෙසේ සගවාගෙන සිටීමට උත්සහ කලද ප්‍රසිද්ධ රහස් බවට පත්වී ගෞරවයට තත්වයට හානියක් ඇතිකරනු ඇත.සැප්තැම්බර් මාසය පසුවනවා සමග අයහපතක අදුරු සෙවනැලි දකින්නට ලැබේ.

මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුල රැකියාව සම්බන්දව විශේෂ වර්ධනයක් යහපතක් පෙන්වනු ඇත.උසස්වීම් බලාපොරොත්තු වූවන්ටත්,නව රැකියා බලාපොරොත්තුවූවන්ටත් , රැකියාවේ ස්තානමාරු බලාපොරොත්තුවූවන්ටත් එම බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව ලැබන අතරම ඒ සදහා අවශ්‍ය උදව් උපකාර හිමිවනු ඇත.ඒ සදහා විශේෂ ඕනෑකමකින් කටයුතුකර එම බලාපොරොත්තු ඉටුකරගැනීමට ඔබට මේ වසර ඉතා ඵලදායක වනු ඇත.අමතර ආදායම් මාර්ග සදහා යොමුවීමටත්,ස්වයං රැකියා සදහා යොමුවීමටත් ඉතා යහපත්ය.විදෙස්ගත නෑ හිතවතුන් සිටින්නේ නම් ඔවුන්ගෙන් සුලුවෙන් හෝ උපකාරයක් ලැබෙනු ඇත.


කෙසේ වෙතත්,සැප්තැම්බර් මාසය අවසන් වන්නේ අයහපතක් ඉදිරියේ ඇතිවන බවට ඉගිකරමිනි.වාසනාව සහ ලැබීම් සම්බන්දව ගැටලු ඇතිවන්නට පටන්ගනී.2017 වසරේ මුල් මාසයේ ඔබට ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ඔබට යෝගකාරකවූ සෙනසුරු ග්‍රහයා විසින් ඇතිකරවනු ඇත.ඉන්පසු කාලය තුල විශේෂයෙන් ආර්ථික අපහසුතාවයන් ඇතිවේ.රැවටීම් වංචාවන්ට හසුවිය හැකිය.අනවශ්‍ය සබදතා ඇතිවේ.දරුවන් සම්බන්දව විශේෂිත ගැටලු ඇතිවන කාලයකි.පියාට අසුබ ඇතිකරවයි.ආත්ම ශක්තිය විටින් විට දුබලව යනු ඇත.මානසික පීඩාවන් සහිත කාලයක් වේ.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online