සිංහල අලුත් අවුරුදු ලග්න ඵලාපල / මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ඔබට උදාවන සිංහල නව වසර සුබදායක වනු ඇත.ආත්ම ශක්තියෙන් යුතුව ජීවිතයට නව මගක් සොයා යන්නට අතපසුවූ කටයුතු නැවත ආරම්බ කර එයින් සාර්තකත්වය උදාකරගැනීමට ඔබට අවස්තාව සැලසෙනවා ඇත.ගෘහ ජීවිතයට , පදින්චි ස්තානයට ඇතිවී පැවති බාධාවන් ඉවත්වී නිවසට ආලෝකය උදාවනු ඇත.වෙන්ව සිටි අය නැවත ඔබ සමග එක්වනු ඇත.ඔබට මෙතෙක් කල් සතුරු කම් කිරීමට උත්සහ කල අයම අවසානයේ පරාජයට පත්වී කඩන්නට බැරි අත සිඹීමේ අරමුණින් නැවත හිතවත්කම් ඇතිකරගනු ඇත.කෙසේ වෙතත් සියලු සම්බන්දතා අතේ දුරින් පවත්වාගැනීමට බුද්ධිමත්විය යුතුය.සතුරාත් මිතුරාත් හදුනාගැනීමට උත්සහ කල යුතුය.

නව නිවසක් සෑදීමට බලාපොරොත්තු වන්නෙ නම් ඒ සදහා සුදුසුම කාලය මෙම වසරයි.කෙසේ හෝ ස්තිර පදිංචියක් ඇතිකරගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.රැකියාව සම්බන්දව පැහැදිලි ස්තාවරයක් ඇතිකරගැනීමට අවස්තාව ලැබේ.ස්වයං රැකියාවන්හි නියුතු ඔබට දුර්වලවෙමින් පැවති අතහැර දැමූ තම වැඩකටයුතු නැවත පැවතියාට වඩා යහපත් ආකාරයකින් ආරම්බ කිරීමට හැකිවේ.ආදායම් තත්වය යහපත්වේ.තමාගේ දියුණුව වෙනුවෙන් මිල මුදල් ඉතුරුවක් ඇතිකරගැනීමට හැකිවේ.කෙසේ වෙතත් අසල් වැසියන් සමග පවත්නා සම්බන්ධතා වෙනස්වේ.සමහර විට අසල් වැසියන්ගේ හිතවතුන්ගේ කටයුතු නිසා ඔබට ඔවුන් අතහැර දැමීමට සිදුවනු ඇත.එමෙන්ම ඔබට මිත්‍රයන් ලෙස හිතවතුන් ලෙස මෙතෙක් බාධාවක් වූවන්ගෙන් වෙන්වීමට ඔවුන් අතහැර දැමීමට සුදුසු කාලයකි.අනාගතය පිලිබ්දව ස්තිර මානසිකත්වයකින් බලාපොරොත්තුවකින් යුතුව දුරදිග බලා කටයුතු කරයි.

ඕනෑම කටයුත්තකදී කුමන බාධා කරදර ඇතිවූවත් අතහැර දමන්නට සූදානම් නැත.ඔබ පසුබසින්නේ එක් පියවරක් නම්,ඔබ ඉන් පසුව පියනගන්නේ තවත් පියවර කිහිපයක් ඉදිරියටවේ.කොතරම් කේන්තිගති ඇතිවූවත් ඉවසා දරාගැනීම ඔබ මෙම වසර තුල ප්‍රගුණ කරනු ඇත.සියල්ල සිදුවන්නේ යහපතට කියා දුකේදීත් සැපේදීත් සිතා කටයුතු කරනු ඇත.

පවුලේ සමගිය තරවේ.ගෘහ ජීවිතයේ කිසියම් සැනසීමක් සහිතවේ.එක අංශයකින් සැනසීම දුර්වල වන විට තවත් අංශයකින් සතුටත් සැනසීමත් ලැබෙනු ඇත.සියල්ල සමබරව ගෙවීයයි.ඔබට සහය වීමට කිසිවෙකු ස්තිර ලෙස ඉදිරිපත් වනු ඇත.වැඩිහිටියන්ගේ උපකාර ලැබේ.විශේෂයෙන් ඔබ මීට පෙර කිසියම් උපකාරයක් කල අයෙකුගෙන් ඔබට නිසි අවස්තාවේදී ඵලප්‍රයෝජන නෙලාගැනීමට හැකිවනු ඇත.

ප්‍රේම සම්බන්දතා යහපත්වේ.නව සබදතා ඇතිවේ.දුකකින් හෝ සතුටකින් අවසන් වන සම්බන්දතා කිහිපයක් හෝ ඇතිවිය හැකිය.ඔබට වංචා කල අය තවදුරටත් ඔබ ලග සිටින්නේ නැත.ඔවුන් ඉබේම ඉවත්වී යනු ඇත.විවාහ බලාපොරොත්තුවෙන් සිටි අයගේ එම බලාපොරොත්තු මල්ඵලගන්වා ගැනීමට වසර පුරාවට අවස්තාව ලැබෙනු ඇත.රැකියා සදහා ඉල්ලුම් කිරීමට , රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වූවන්ට අගෝස්තු මාසයෙන් පසු කාලය ඉතා යහපත්ය.නොසිතූ උපකාර,උදව් කරුවන් ලැබෙනු ඇත.තම නාමය කුමන අංශයකින් හෝ ප්‍රකටවේ.

ඉගෙනීම් සාමන්‍ය තත්වයෙන් පවත්වා ගැනීමටත් , නව දැනමුතු කම් ඇතිකරගැනීමටත් , තරග විභාග ආදියෙන් ජය ලැබීමටත් අවස්තාව සැලසෙනවා ඇත.තාක්ෂණික උගත්කම් ඇතිවේ.කිසියම් දෙයක් පිලිබදව දැනුම සම්පූර්ණ කරගැනීමට අවස්තාව උදාවනවා ඇත.එක් දෙයක් හෝ නිසි ලෙස සම්පූර්ණ කිරීමට ඉගෙනගන්නා දරුවන්ට අවස්තාව උදාවනු ඇත.

ඔබට පැහැදිලිවම කිවයුතු වන්නේ මෙම වසර ඔබගේ ජීවිතයේ කුමන ආකාරයකින් හෝ ස්තාවරයක් ඇතිකරවන වසරකි.එම අවස්තාව ඔබට , ඔබගේ ජීවිත කාලයේ එක් වරක් පමණක් ලැබෙනා අවස්තාවක් විය හැකිය.ඒ සදහා උත්සහ කලයුතු වසරකි.එමෙන්ම සතුරාත් මිතුරාත් පැහැදිලිව හදුනාගත හැකි වසරකි.ඒ නිසා යහපත අයහපත නිසි ලෙස හදුනාගෙන ඉවත් කලයුතු අය ඉවත් කර ලන් කරගතයුතු අය තව තවත් ලන් කරගැනීමට උත්සහ කල යුතුය.මෙය අනාගතය වෙනුවෙන් ගන්නා යහපත් තීරණයක් වනු ඇත.හදිසි අනතුරු , ලේ ගලන තුවාල මෙන්ම රංඩු සරුවල් ඇතිවීමටද ඉඩ ඇත.එමෙන්ම මුහුණේ ලබ කැලැල් ඇතිවිය හැකිය.තද උණ රෝගී තත්වයක් ඇතිවිය හැකිය.රාත්‍රී ගමන් විපත් ඇතිකරවයි.සතා සර්පයාගෙන් විපත් කරදර ඇතිවිය හැකියි.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online