රවි ග්‍රහයෝග පල


රවි සහ සදු සංයෝග වීම

ඉතා ප්‍රකටව පෙනෙන කෙනෙක් වේ.මෙම යොගය ලග්නය,දෙක,හතර,පහ නවය හෝ දහයේ යෙදේනම් වඩාත් සුබපල ලබාදේ.ඉගනීමට දක්ශ වූ.ක්‍රිඩාවන්ට දක්ශ වූ,ඉඩකඩම් දේපල යානවාහන මෙන්ම හොද රෑකියාවක්ද ලබන්නට වාසනාව ගෙනෙන පිහිටීමකි.එමෙන්ම මෙම යොගය හය,අට ,දොලහ යන අසුබ ස්තානයක යෙදී ඈත්නම් හික්මීම අඩු කපටි කමින් නොයෙක් ක්‍රියා කරන කෙනෙකු වන්නට පුලුවන.මෙලෙස ග්‍රහයන් දෙදෙනා සංයෝග වීම වන්නේ එම ග්‍රහයන්ගේ බලවත් රාශි වන මේශ,කටක,සිංහ වෘශබ යන රාශියකනම්,ඉතා උසස් යහපත් ප්‍රතිපල ලබාදීමට සමත් ය.

රවි කුජ සංයෝගය.

රවි කුජ සංයෝගය.මෙම ග්‍රහයන් දෙදෙනාම පාපී ග්‍රහයන් ලෙස හදුන්වයි.එමෙන්ම උශ්නාදික ග්‍රහයන් ද වේ.මෙම ග්‍රහයන් සංයෝගවීම මිනිස් සිරුර තුල උශ්නය නිසා මතුවන රෝගයන්ට පහසුවෙන් වෑලදීමට සාදක සපයයි.නමුත් මිනිසාගේ ආත්ම ශක්තිය වර්දනය කරයි.ඕනෑම අවස්තාවන්ට මුහුන දෙන්නට හෑකි ශක්තියක් නිර්මානය කරයි.බුද්දිමත් සහ ස්තිර ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු කරයි.මෙම සංයෝගය පාප ස්තානයක යෙදුනහොත් බොරු කියන වංචාකරන පවට බියනෑති නපුරෙකු බිහිකරයි.

රවි සහ බුද සංයෝගය.

මෙම ග්‍රහයන් දෙදෙනා බොහෝ අවස්තාවන් තුලදී සංයෝග වේ.මෙම යෝගය සහිත හදහන් හිමියා , බුද්දිමත් .උගත් කෙනෙක් වේ.එමෙන්ම ගනිතය ,ජෝතිශය ආදී විද්යාවන්ගේ උසස් දෑනුමක් ලබන්නට තරම් හෑකියාව ලබයි.ගමන් බිමන් අදික ගනුදෙනු අදික කෙනෙක් වේ.ජීවිතයේ පසුකාලයේ දී ඉතා ප්‍රසිද්ද කෙනෙකු වේ.මෙම යෝගවීම හය අට හෝ දොලහ ,යන ස්තානයක යෙදුනේ නම් නෑ හිතවතුන්ගේ විරෝදයට ලක්වන,මුදල් නාස්ති කරන කෙනෙකු වේ.මෙම යෝගය දනු ලග්නයට බොහෝ යහපත් බව සදහන් වේ.

රවි සහ ගුරු සංයෝගය.

මෙය ඉතා යහපත් සංයෝගයෙකි.මෙම යෝගය ඈති කෙන්ද්‍ර හිමියන්,නිරෝගී ශක්තිමත් සිරුරක් ලබයි.සියලුදෙනාට සමානව සලකන කෙනෙක් වේ.ලෞකික දියුනුවත් ආද්යාත්මික දියුනුවත් එකසේ ලබයි.සියල්ලන් අතර ප්‍රසිද්ද හා ගෞරවනීය කෙනෙක් වේ.දනය අතින් ඉතා දියුනු වේ.කතාවේ දක්ශයෙක් වේ.මම උසස් ප්‍රතිපලයන් ලබන්නේ මෙම ග්‍රහයන් දෙදෙනා ලග්නය.දෙක.හතර.පහ.නවය.දහය ආදී  වූ සුබ ස්තානයක සංයෝග වූවහොත් පමනි.මෙම යෝගය හය අට හෝ දොලහ යන අසුබ ස්තානයක යෙදුනේ නම් කිසි කලක හොද යහපත් වූ දියුනු වූ මිනිසෙකු වන්නට වාසනාව අහිමි කරයි.

රවි සහ සිකුරු සංයෝගය.

සංගීතය පිලිබද මනා වෑටහීමක් සහිත කෙනෙක් වේ.නොමෑතිනම් සංගීතය ප්‍රිය වූ අයෙක් වේ.පිරිසිදු ගුනයෙන් යුතු ලස්සන අගයන ලස්සනට සිටීමට බොහෝ වියදම් කරන කෙනෙක් වේ.නමුත් වියදම් කිරීමට තරම් ප්‍රමානවත් දනයක හිමිකරුවේක් වේ.කාන්තාවන්ගෙන් ඈප උපකාර ලබයි.ඉතා උසස් වාසනාවන්ත විවාහයක් හිමිය.තමා ලබන දරුවන් යහපත් අය වේ.

නමුත් මෙම සංයෝගය නරකට නරක ස්තානයක යෙදුනහොත්,ලස්සන කියා කියන කිසිම දෙයක් අගය නොකරන කෙනෙක් වේ,බිරිද,ස්වාමිය සහ දරුවන් වාසනාවන්තයන් නොවේ.කාන්තාවන්ගෙන් පීඩා ලබන්නෙක් වේ.වියදමට ප්‍රමානවත් දනයක් හිමිවන්නේ කලා තුරකින් වේ.නරකම ස්තානයක අයහපත් ආකාරයෙන් සංයෝග වූවේ නම් බොහෝවිට ඈස්පෙනීම දුර්වල වේ.

රවි සහ ශනි සංයෝගය.

මෙම යෝගය බලවත්ව යෙදි තිබියදී බුද හෝ ගුරු යන ග්‍රහයන්ද බලවත්ව සිටියේ නම්.ඉගනගන්නා වයසේ යහපත් මහ දසාවක්ද ලබා ඈත්නම් ඉතා උසස් ඉගනීමකට යොමු කරවයො.බොහෝවිට මෛද්යවරයෙකු වන්නට හිමිකම ලබයි.කෙසේ වෙතත් මෙය යහපත් පිහිටීමකි.වෑඩිහිටියන්ගේ උදව් උපකාර ලබයි.ඉවසීම සහ සිහිකල්පනාව සහිතව කටයුතු කරයි.තරමක ලෝබී අයෙකු වන්නට පුලුවන.දක්ශයෙක් වේ.පෙර සූදානම් සහිතව සිටී.ජීවිතයේ මෑදිවයස පසුකරනවාත් සමග උසස් දියුනුවක් ලබයි.නරකට සිටියේ නම් සෑම සියලුදේටම බාදා සහිත වේ.

රවි සහ රාහු සංයෝගය.

මම සංයෝගය නිසා රාහු බලවත් වේ.සියලු තෑන්හීදී ප්‍රකට කෙනෙක් වේ.රාහු මහ දසාවක් ගෙවන්නට සිදුවුවහොත් ඉතාම ප්‍රසිද්ද කෙනෙකු වේ.මෙම යෝගය දෙවෑන්නේ පිහිටීයේ නම් මහා දනවතෙකු වන්නටත්.හයවෑන්නේ නම් සතුරන් පරාජය කරන්නටත් ශක්තිය ලබාදේ.නමුත් පහේ හෝ නවයේ යෙදීම ඉගනීම බිදවෑටීමට හේතුවකි.හතරේ නම් නෑයන් සමග හොදහිත පලදු කරයි.

ජනක් පී කුමර්
Phone - 0702872322
5.0

හඳහන ලංකා 2013 - 2026

www.hadahanalanka.online