සදු කුජ සංයෝගය.
මෙම සංයෝගය මිනිසා ආත්මීය වශයෙන්ද ශාරීරික වශයෙන්ද ශක්තිමත් කරයි.නිර්බීත,ත්යාගීවන්තයෙකු කරයි.ක්‍රිඩා තුලින් සතුටුවන්නෙක් කරයි.ජයගන්නා ශක්තියෙන් යුතු කෙනෙක් කරයි.ලෝබ කම නොමෑති නිසා මුදල් ඉතිරි කිරීම අපහසුය.ගමන්වලින් යහපත් පල ලබාගනී.නමුත් ඉවසීම අඩු කෙනෙකි.මෙම සංයෝගය අයහපත් ආකාරයට යෙදුන හොත්,ඉතාම නරක පල ගෙනදෙන සංයෝගයකි.නරක ආකාරයක ප්‍රසිද්දියක් ලබන කෙනෙක් වේ.පාපී ක්‍රියාවන්ට යොමුවේ.ලෙඩ දුක් සාදාගනී.හදිසි විපත්වලට මුහුනදීමට සිදුවේ.මත්පෑන් නිසා ජීවිතය විනාසවේ.මෙම සංයෝගය යෙදෙන ස්තානයෙන් කියවෙන දේ විනාශ කරයි.කාන්තා කේන්ද්‍රයක මෙම පිහිටීම ඉතාම නරකයි.
සදු බුද සංයෝගය.
මෙම යෝගය යහපත් ආකාරයෙන් යෙදී තිබුනහොත් යහපත් කතා ඈති,බුද්දිමත් අයෙක් වේ.බොහෝ වෙනස්වන චංචල සිතක් ඈති අයෙකු වේ.නරකට සිටියොත් මත්පෑන් වෙලදාම් කරන අනුන් රවටා මුදල් උපයන වංචාකාරයෙක් කරයි.ස්ත්‍රින් රවටන අය වේ.රූපයෙන් බොහෝ ලස්සන නිසා කාන්තාවන් රෑවටේ.
සදු ගුරු සංයෝගය.
මෙම යෝගයද යහපත් තෑනක යහපත් ආකාරයෙන් යෙදීම මහත් සුබපල ලෑබීමට හේතුවක් වේ.ශරීරය ඉතා නිරෝගී එකක් කරයි.වස්තුව හා ප්‍රසිද්දියත්,ගරුසරු,සෑලකිලි හා බොහෝ මිත්‍රයන්ද ඈති අයෙක් කරයි.යහපත් ආකාරයේ මාර්ග මගින් මුදල් උපයනා අයෙකු වේ.දියුනුවන ආශාවෙන් පසුවන අයෙකුට ඉතාවටිනා යෝගයකි.
නමුත් මෙම යෝගය නරකට සිටියහොත් දෙදෙනා සංයෝගවන ස්තානය සම්බන්ද දේ විනාශ කරයි.වියාපාර මගින් පාඩු සිදු වේ.වියදම අදික වේ.එමෙන්ම අනතුරු සහිත දේ සදහා යොමුවීමටත් ඒ තුලින් කරදර සිදුවීමත් වියහෑක.මත්පෑන් සදහා යොමුවේ.විවාහ ජීවිතය එතරම් සුබපල නොදේ.දරුවන්ගේ දියුනුව එතරම් යහපත් නෑත.
සදු සිකුරු සංයෝගය.
මෙම යෝගය යහපත්ය විවාහ ජීවිතය සතුටින් ගත කරයි.දරුවන් වාසනාවන්ත කරයි.කාන්තාවක් නම් පුරුශයන්ටද,පුරුශයෙකු නම් කාන්තාවන්ටද ප්‍රියවේ.නමුත් ස්ත්‍රින් නිසා කරදරයට පත්වන්නට හේතු යෙදේ.
සදු ශනි සංයෝගය.
මෙම සංයෝගය සහිතව උපත ලබන අය බාල කාලයේදීම මිය යන බවත් එසේ මියගියේ නෑතිනම් කිසිම අවස්තාවක ඔහුව විනාශ කරන්නට කිසිවෙකුට හෝ පහසු නෑති බවත් පුරාන පොතපතේ පතේ සදහන්වේ.ඉතා විශ්වාස වන්ත කෙනෙකු ලෙස ප්‍රකටවේ.මෙම සංයෝගය සහිත අය වයස යන්න යන්න දියුනුවටත් ප්‍රසිද්දියටත් පත්වේ.කෙසේ හෝ වේවා මෙම යෝය්ගයෙන් උපත ලබා ජීවත්ව සිටිනා පුද්ගලයා මාරයා පරාජය කල නිසා කිසිවෙකුටත් පරාජය කල නොහෑකි කෙනෙක් වේ.
![]() | ජනක පී කුමාර හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය |
